Friday, March 27, 2015

"නෙළුම් යාය" ඔබ කල මෙහෙවර අගනා

සියපත අගක රැඳි මුතු පිනි බිඳු       සේම 
නෙතු අග රැඳුනි තුටු කඳුළැල් රැලි බෝම 
හමුවී දොඩා සොයුරන් මිතුදම්          රෑන 
මම සැනසුනා බ්ලොග් අඹරේදි මුළු   රෑම

පොඩි බස්සියෙක් ඇවිදින් මා වෙත   හනික 
නුඹ දිලිනිදැයි ඇසුවා හිනැහී              විගස  
දැනුනේ වෙන කිසිත් නොව නුඹ වත සේම
හරි ලස්සනයි හදවත සඳ තරු            සේම 

ඉවාන් මාතෙ කලණ මිතුරු ප්‍රා    දසයා
කරමින් විහිළු තහළුද සැම සිහි   කරලා 
මනා තත් වයා සැම කන්කළු      කරලා 
අපි තුටු උනේ සැමගේ දස්කම්   දැකලා

අතිනත පටලවා සුභ පතලා            දොඩලා 
උණුසුම් හාදුවක් දී දෙකොපුල    හැඩකරලා 
මේ මල් යාය විකසිත කරනට           බබලා 
"නෙළුම් යාය" ඔබ කල මෙහෙවර    අගනා