හුදකලාව මා දුටු හොඳම කලාවයි.
මන්ද මට මා පිලිබඳ මෙන්ම
අවට ලෝකය පිළිබඳවද මගහැරුණු
සියළු කරුණු කාරනා සිහිපත්වන නිසාවෙනි.
ඉතිං මටත් ආසයි තනි වෙන්න
පාළු අඳුරු කුටියක හුස්මකටත් රහසින්ම
ඔබේ නෙත් කිරණ මවා රස විඳින්නට
කිසිවෙකුගේ බැළුම් පහරකට වත් යටත් නොවී
ඔබ හා සිහින ගඟුලක කිමිදෙන්න..
වස්සානය අභිමුව ගිමන්කලක විඳින
කටුක දුක්බර සිතැඟි මුමුණන්න..
පැරණි රතු වයින් තොල් පහසකට නතුව
පාළු කාන්සියට ඔච්චම් කරන්නට
අවට ලෝකය සමඟ මුහුවුණ
සියළු පීඩන මුදාහරිනට
සිහින හොරෙක් ලෙස නුඹ සපැමිණි කල
සිහින සිත්තම් වැළඳ ගන්නට
හැරවුමක් නැති ඇරඹුමක් තුල
ගිලී කිමිදී සිහින දකිනට
මටම ඉපදුන මට අහිමි උන
පෙමක් පිලිබඳ තැවුල් පිසිනට....
ඉතින් ආසයි මටත් ආයෙම
හුදකලාවේ සුව විඳින්නට...
නිමන්තිකා
මන්ද මට මා පිලිබඳ මෙන්ම
අවට ලෝකය පිළිබඳවද මගහැරුණු
සියළු කරුණු කාරනා සිහිපත්වන නිසාවෙනි.
ඉතිං මටත් ආසයි තනි වෙන්න
පාළු අඳුරු කුටියක හුස්මකටත් රහසින්ම
ඔබේ නෙත් කිරණ මවා රස විඳින්නට
කිසිවෙකුගේ බැළුම් පහරකට වත් යටත් නොවී
ඔබ හා සිහින ගඟුලක කිමිදෙන්න..
වස්සානය අභිමුව ගිමන්කලක විඳින
කටුක දුක්බර සිතැඟි මුමුණන්න..
පැරණි රතු වයින් තොල් පහසකට නතුව
පාළු කාන්සියට ඔච්චම් කරන්නට
අවට ලෝකය සමඟ මුහුවුණ
සියළු පීඩන මුදාහරිනට
සිහින හොරෙක් ලෙස නුඹ සපැමිණි කල
සිහින සිත්තම් වැළඳ ගන්නට
හැරවුමක් නැති ඇරඹුමක් තුල
ගිලී කිමිදී සිහින දකිනට
මටම ඉපදුන මට අහිමි උන
පෙමක් පිලිබඳ තැවුල් පිසිනට....
ඉතින් ආසයි මටත් ආයෙම
හුදකලාවේ සුව විඳින්නට...
නිමන්තිකා
ඔය කියන්නේ හුදකලාවක්මද???
ReplyDeleteඅනේ මන්ද දෙශෝ
Delete//හුදකලාව මා දුටු හොඳම කලාවයි// ඇත්ත තමයි.. සැහෙන්න දෙයක් කරන්න පුළුවන් කලාවක්...
ReplyDeleteමල්කොබත් අත්දැකීමෙන් වගේ කියන්නේ :)
Deleteමගේ අදහසත් - ඉතින් ආසයි මටත් ආයෙම හුදකලාවේ සුව විඳින්නට...
ReplyDeleteබොහොම ස්තුතියි අදහසට ඩිලන්. එහෙනම් විඳලම බලමු. :D සාදරයෙන් පිලිගන්නවා. දිගටම රැඳෙමු .
Deleteඇත්තටම ලස්සන අදහසක් ..... හැමෝටම හොදටම හදවතට දැනෙන්නේ අනිත් හැමදේකටම වඩා හුදකලාව ගොඩක් හොද නිර්මාණ බිහිවුනේ හුදකලාව ආත්මය කරගනිපු අයගෙන්
ReplyDeleteස්තුතියි නදුන් අයියේ. සාදරයෙන් පිලිගන්නවා .දිගටම රැඳෙන්න කියල ආරාධනා කරනවා.
Delete//ගොඩක් හොද නිර්මාණ බිහිවුනේ හුදකලාව ආත්මය කරගනිපු අයගෙන්// සහතික ඇත්ත. ඕන තරම් උදාහරණ තියෙනවා.
ඒ සොඳුරු හුදකලවෙදි පුලුවන්, කාටත් රහසේම අහිමි ආදරේ සුවය විඳලා ආත්මයම සුවපත් කරගන්න.....
ReplyDeleteආයුබෝවන් කියල පිලිගන්නවා ගයා අක්කවත්. අනිවාර්යෙන්ම අක්කා. :) ස්තුතියි
Deleteමට මගේම නොවන ආදරයක් තිබුනා ........... මතකයි......
ReplyDeleteහරියට ඒ වගේ ....
:) ස්තුතියි නිහිංසා
Deleteහුදකලාව තනිකමකට පෙරළුනොත් මොකද කරන්නේ ?
ReplyDeleteපෙරළුනුපිට හොඳා කියල හිත හදාගන්නව මලේ. සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට . දිගටම රැඳෙන්න. ස්තුතියි ! :D
Deleteඇත්තටම මට තේරුමක් නෑ මේ සම්බන්දව නම්., හැබැයි මොනවා උනත් ලස්සනයි..
ReplyDeleteතේරුම් යන වෙලාවක් එයි මල්ලියෝ . ස්තුතියි :)
Deleteබැඳීම් වලින් ඈත්ව
ReplyDeleteඅතීතයේ මතකයන් අවුස්සන
‘හුදෙකලාව’
සැර වැඩිද මන්ද පොඩ්ඩෝ. නිල වලටම ගහන්න පුලුවන් නෙහ් . :D ස්තුතියි !
Deleteහුදෙකලාව අවනඩුවක් ගෑනු ළමයෝ..
ReplyDelete:D අවනඩු ගොඩකට වඩා එක් අවනඩුවක් හොඳා මලේ :D
Deleteමුවරද බර පිපි මල් ගොමු
ReplyDeleteඅතරේ නැත ආදරේ
දේදුන්නේ පැහැ රේඛා
අතරේ නැත ආදරේ
හඳපානේ ගඟ දිය රැලි
අතරේ නැත ආදරේ
ඝණ අඳුරේ හුදකලාව
නැඟි කඳුළකි ආදරේ
තුරු වදුලේ ඇල් හෙවණැලි
අතරේ නැත ආදරේ
රත ලවනේ පෙම් හසරැලි
අතරේ නැත ආදරේ
යුග නයනේ නිල් මිණි කැට
අතරේ නැත ආදරේ
ඝණ අඳුරේ හුදකලාව
නැඟි කඳුලකි ආදරේ
ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - මහාචාර්ය විමල් දිසානායක
තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
හරිම ලස්සනයි. ස්තුතියි සින්දු ඇනෝ
Deleteකලාව කවදා වත් හුදකලා වෙන එකක් නඇ මගෙ යාලුවේ ඔයලා නිසා....
ReplyDeleteස්තුතියි දිල්. ඔය වචන හැමදාමත් මට හයියක් :)
Deleteආයෙත් ලියන්න පටන් ගත්ත එක කොච්චර හොඳද. නැත්තම් ඉතින් සැඟවුණු කුසලතා හුදෙකලාවත් එක්කම නැති වෙලා යන්න තිබ්බා. හුදෙකලාවේ ඉන්නට ආස උනාට කමක් නෑ. බ්ලොග් එක ලියාගෙන යමු දිගටම :D. ලස්සනයි නිර්මාණය :).
ReplyDeleteජය වේවා!!!
ස්තුතියි මනා පොඩ්ඩක් අයිනක් අල්ලලා ඉද්දි ගොඩක් දිරිමත් කලා උඹ. ඒක ගොඩක් වටිනවා.අනිවා මේක දාල කොහේ යන්නද ? :)
Deleted-)
Deleteමේක නිකං ගලාගෙන යනවා නෙමේ... නැගගෙන නැගගෙන යනවා වගේ... රෝලර් කෝස්ටර් එකක් අවසානෙට ලංවුණා වගේ ඉවරවෙන හැඟීමක් එන්නෙ. මේ වරදක් එහෙම නෙමේ හොඳක් කිව්වෙ ඈ...
ReplyDeleteඅහ් අමතක වුනා... පුනරාගමනය ගැන සතුටුයි.
Delete:D බොහොමත්ම ස්තුතියි මදාවියෝ..මක්ක කිව්වා "පුනරාගමනය " අනේ මං මේක අතහැරියේ නැහැ බොලේ...
Deleteතනිකම හොදයි දෙබසින් දුක වැඩි හන්දා කීවෙ ඇයි දන්නවද
ReplyDeleteඑතකොට තමයි එන අදහස් ඔක්කම වක්කඩ කැඩුව වගේ ගලාගෙන එන්නෙ ඒ හැගීම විදලම බලන්න ඕන... දිලිනි කියනව වගේ ඇත්ත තමයි හුදකලාවෙ ඉන්න එක හොදයි නිතරම පෑනකුත් එක්ක එල්ලිල ඉන්න පුලුවං.. ඒත් හුදකලා වෙන්න හොද උත්තේජනයකුත් තියෙන්න ඕන මට නං...
මං කියන්නෙ සමහර විට බූට් එකකට වඩා දෙයක්... ඒක මට කෝපි එකක් සමහර අයට නිකොටින් සමහර අයට ඇල්කොහොල් එක එක විදියට..
නැද්ද මං අහන්නෙ
// ඒක මට කෝපි එකක් සමහර අයට නිකොටින් සමහර අයට ඇල්කොහොල් එක එක විදියට..
Deleteනැද්ද මං අහන්නෙ.// ඔව් ඔව් .. මම මේක ලියලත් තනියම කල්පනා කලේ කලාකාරයෝ හුගක් අය බොන්නෙ මේ හේතුව නිසා වෙන්න ඇති කියල .
හුදෙකලාවත් මාර දෙයක් තමයි... මොනවා නැති වුණත් කවදාවත් අපිට නැති නොවන දේවල් වලින් ඒකක්
ReplyDeleteඅනේද කියන්නෙ පව්රේ .. මමත් ඕක හොඳටම අත්විඳලා තමා ලිව්වෙ.
Deleteහුදකලාව කියන්නෙ කවි උල්පතක්
ReplyDeleteසිතුවිල් සයුරක්
ලස්සන අර්ථවත් කවියක්
ජයවේවා දිලෝ!
වර්ණ ලියන දේවල් වලින්ම ඒක හොඳටම ඔප්පු වෙලා තියෙනවා. ස්තුතියි . ජය වේවා !
Deleteහුදෙකළාව මගේ පෙම්වතා බව නොදැනද එයාට ඔයත් කිට්ටුවෙන්න හදන්නේ හිටං. :((
ReplyDeleteලස්සනයි දීලා
ටැංකු ඕමා... කොයිම වෙලාවකවත් අපිව අත් නොහරින පෙම්වතෙක් එයා.
Deleteඅනේ මෙච්චර මේ කොල්ලෝ වේලෙනවා. මේ ඩබල හුදෙකලාවට ලව් කරනවා. තනිකරම කොමියුටරේ වැරැද්ද.
Deleteකලාව....
ReplyDeleteවිටක විරහවකි...
තව විටක ආදර බැදීමකි...
තනිකමකි....
දුකකි...
සතුටකි...
පාඵවකි....
නමුත් කලාව කලාවකි
හුද + කලාවකි.....
ස්තුතියි කස්සා... :D සාදරයෙන් පිලිගන්නවා දිලාගේ ලෝකයට .දිගටම රැඳෙන්න.
Deleteනිසදැස් ලියන ඔයඅත් දෙක තව තව දිගහැරියන්,
ReplyDeleteකවි සිතුවිලි උපදින හද මල් වෙස්සේ තෙමියන්,
කිළුටක් නැති පිං සිතුවිලි හද පත්ලෙන් ගලාපන්
ඇඳුරුලොවට පුන් සඳ වී දීලියන්
කවක් රැගෙන ආ නුඹ මම පිලිගනිමි
Deleteමලක් ලෙසින් කවි සිතිවිළි පිලිගතිමි
සේනේ සිතින් ආවැඩු පැතුමන් දුටිමි
නගේ දිගට රැඳෙනට ඇරයුම් කරමි
හුදකලාව මහා නරක කලාවක් , සමහර විට එතරම් හොදන් කලාවක් නෑ
ReplyDeleteවගකිමෙන්ද ඔබතුමා කියන්නේ ?
Deleteමමත් ඒකටනම් එකගයි ඉවාන්
ReplyDeleteහුදකලාව කියන්නේ මහ නරක දෙයක්...
හිතේ කෑකැරන දෙවල් පිටට දාගන්න බැරුව අපි කොච්චර විදවනවද...
ඒ දෙවල් පිටකරගන්න බැරිවුනාම අපි කොච්චර තනිවෙනවද, හුදකලා වෙනවද....
ඒ දෙවල් අහන්න කෙනෙක් නැතිවුනාම, දුක බෙදාගන්න කෙනෙක් නැතිවුනාම,
පසුගිය දෙවල් ගැන අපි කොච්චර විදවනවද, දුක්වෙනවද....
අවසානයේ හුදකලාව කලාකාරයෙක් බිහිකරනවා වගේම...
නොදැනුවත්වම හිතින් විදවන තමාටම ශාප කරගන්න යක්ෂයෙක්වත් බිහිකරනවා....
මටම ඉපදුන මට අහිමි උන
ReplyDeleteපෙමක් පිලිබඳ තැවුල් පිසිනට....
ඉතින් ආසයි මටත් ආයෙම
හුදකලාවේ සුව විඳින්නට...
ලස්සනයි දිලා
මීට කලින් මේ පැත්තෙ ආවට කමෙන්ට් කලේ නෑ
බොහොමත්ම ස්තුතියි සබරේ ඇනෝ. සාදරයෙන් පිලිගන්නවා දිලාගේ ලෝකයට.
Deleteහැබැයි සොඳුරු ලස්සන කවියක් දිලා . මාත් හුදෙකලාවට බොහොම කැමතියි. හැබැයි තේ එකකුත් අතේ තියනවනම්.
ReplyDeletehttp://nelumyaya.com/?p=3625
ස්තුතියි අජී සහෝ.. නෙළුම් යාය තියෙනකන් අපි ට හුදකළා වෙන්න අමාරු වෙයි. ජයවේවා !
Deleteමේක සුපර්බ්.. කවියට ගැලපෙන කොමෙන්ටුවක් කොටා ගැනීමට නොහැකි ලෙස මනස විස්සෝපයෙන් වීම ගැන කණගාටුවෙන්. ජය ශ්රී!
ReplyDeleteඕක ගැන ඒ හැටි හිතන්න එපා කළණේ.ජය ශ්රී !
ReplyDeletehttp://sinhala.lankanewsweb.net/index.php/features/cyber-wall-lankanewsweb/17748-2015-07-14-21-54-43
ReplyDelete