Tuesday, July 1, 2014

" දිළිසෙන ඇස්" ඔයාට සුභ උපන්දිනයක් !!!

ඉතින් "දිළිසෙන ඇස්"... 
 අදින් අවරුදු විසිහතරකට කලින් පිණි වැටෙන සීතල හිමිදිරියක අම්ම කෙනෙක් විඳින දරුණුම 
වේදනාව විඳලා මහා සටනකින් පස්සෙ මේ ලෝකෙට පුංචි පිංවන්ත පැටියෙක් තැගි කරල හුගක් සන්තෝසෙන් හිනාවෙන්න ඇති. ඒ පුංචි පැටියත් එයාගෙ දිළිසෙන පුංචි ඇස් කරකවල මේ ලෝකෙ 
දිහා බලා ඉන්න ඇති .ඒ සිදුවීම හුගාක් ලස්සන හීනයක් විදියට ඒ අම්මගෙ හදවතේ ගැඹුරුම තැනක 
තැන්පත් වෙලා තියෙනව කියල නම් මට විස්වාසයි..
                                                                                  ඉතින් එදා ඒ අම්ම මේ ලෝකෙට හුගාක් ආදරෙන් 
 තෑගි කරපු පුංචි පැටිය අද උස් මහත් වෙලා ,තවත් කෙනෙකුට එයාගෙ ලෝකෙම වෙලා...
මොනව උනත් "දිළිසෙන ඇස් ", ඔයාගෙ ඔය ඇස් දෙකෙන් ජීවිතේකට ජීවත් වෙන්න පාර කියනවා.

ඉතින් "දිළිසෙන ඇස් "...
    මට කියන්න දේවල් හුගක් තියෙනව 
     ඒ ඔයා මගේ නිසා ...
   ඒත් මට කියාගන්න බෑ                                             
     ඒ  ඔයා මගේ නිසා ...
   ඔබ වෙනුවෙන් 
     නෙතට උනන කඳුළ තමයි 
   අද දවසේ දෙන්න තියෙන 
      හොඳම තෑග්ග 
එහෙනම් දිළිසෙන ඇස් 
ඔයාට සුභම සුභ උපන්දිනයක් ...!

මං මේ ලෝකෙ ගතකරන අන්තිම තත්පරය දක්වාම මට ඔය ඇස් දෙකේ දිස්නය විඳගන්න ලැබෙන්න 
කියන එක තමයි මගේ සුන්දරම ප්‍රාර්ථනය !
හුගක්ම ආදරෙන් පලකරන මේ post එක ඔයාට තවත් සුන්දර සිහිවටනයක් වේවි..





               නිමන්තිකා 



2 comments:

  1. සුභ උපන් දිනයක් වේවා...
    නමුත් කාටදැයි සදහනක් නැති එක නම් පාඩුවක්...
    ඔයාට නෙවීද...???

    පොඩි අවුල් ටිකක්බොලොග්ගුවෙ තියේ..
    ෆලෝවර් ගැජට් එක නෑ...
    ඒ හිංද ආපහු එන්න බලන අයට එන්න අමාරුයි..
    පොපියුලර් පෝස්ට් කියන එක සයිඩ් එකට දාගන්න
    යටින් දාන කොට කාටවත් පේන්නෙ නෑනෙ
    ලොකුම අවුල තමා හෙඩර් එක...
    ඒක අම්බානෙට උසයි... ලස්සනයි තමා ඒත් ඔයා ලියන දේ කියවන්න එන අයට එක බාධාවක්...

    පුළුවන්නං සිංඩි තුන හතරකට දගන්න...
    ප්‍රශ්නයක් තියේ නං අහන්න දන්න විදියට උදව් කරන්නං

    වැදගත්ම දේ තමා කමෙන්ට් වෙරිෆිකේෂන් අයින් කරන්න මොකද කමෙන්ට් කරල ආයෙ කෝඩ් ගහ ගහ ඉන්න ගියාම ඕනකෙනෙක්ට ලෙල්ලට තද වෙනව..
    ඇත්තටම එපාම වෙන වැඩක්

    ReplyDelete
  2. හුගාක් ස්තූත්යි ... ඉක්මනටම අඩුපාඩු හදාගන්නම්..නෑ හුගාක් විශේෂ කෙනෙකුට තමා සුභ පැතුවේ.තවම අලුත්නේ අඩුපාඩු හදාගන්න උදව් වෙන්නකෝ, අයෙමත්කියනවා බොහොම ස්තූත්යි..

    ReplyDelete