හිමින් සීරුවේ මනියෙන් නොමිදුනු
සිනිඳු පියාපත් කුමුදු මලේ......
සිනිඳු පියාපත් කුමුදු මලේ......
සහස් ගව් දුරක් ඇවිද ඇවිත් නැත
දිවියම ලපටියි තවම සිතේ......
මනියෙන් මුක්තව සිනහ සලන විට
කව්රුද වනනා දෑත දිගේ.........
පෙම් කඳ අරගෙන ඇයි දැයි නොදනිමි
සළු එලු යහනේ නෙතු වැසුනේ.......
සළු එලු යහනේ නෙතු වැසුනේ.......
වැව් තාවුල්ලට වැටී ඉපිර මල්
රැයක් පහන් වන හෝරාවේ....
රැයක් පහන් වන හෝරාවේ....
ඔබට දයාබර නෙළුම් පතක් මත
පිණි බිඳු වැකුණයි සිහින් සැරේ....
ගත රස සොයමින් සිත දිවගෙන
පින්මද සෙනෙහස ලැබුනු වෙලේ.....
හදාගන්න හිතකියාදෙන්න මට
කව්රුද මට මා අහිමි කලේ.....
පින්මද සෙනෙහස ලැබුනු වෙලේ.....
හදාගන්න හිතකියාදෙන්න මට
කව්රුද මට මා අහිමි කලේ.....
නිමන්තිකා
සති දෙකකට පස්සෙ....ජයවේවා.....ටිකක් කල්පනා කරන්න ඕන ප්‍රස්නයක් වගේ
ReplyDeleteකල්පනා කරල කියන්ටකො එහෙනම්.. ජයවේවා!!
Deleteහදාගන්න හිතකියාදෙන්න මට
ReplyDeleteකව්රුද මට මා අහිමි කලේ.....///
හිටපං ටිකක් බීල එන්නං උත්තරයක් දෙන්ට
මක්කා කීව බොල?
Deleteනෑ බං ඒක බොන්න තරං පුස්නයක් නෙව එිකයි
Deleteහිහි
එහෙම නැතිව වෙන අවුලක් නෙවී...
කවිය අපූරුයි හිහි
අහ් ඒක මිසක් c-)
Deleteමම නම් නෙමෙයි ඔන්න... . . . :P
ReplyDeleteරිප්ලයි එකක් නැති හින්ද මමම දා ගත්තා..
Deleteඅනේ සමාවෙන්න ඕනා මල්කොබෝ අහිතක් නොහිතා දිගටම රැඳෙන්න. පුංචි අතපසුවීම් කාගේ අතිනුත් වෙනවනේ :)
Delete:)
Deleteඔබට දයාබර නෙළුම් පතක් මත
ReplyDeleteපිණි බිඳු වැකුණයි සිහින් සැරේ.... :X තවත් කවි සිත් පහළ වේවා!! g-)
බොහොම ස්තූතියි රුක්මාලි :)
Deleteඅනගි පැදිපෙළක්
ReplyDeleteකුමුදිනියට ඇයව අහිමී වීද??
ජය!
අහිමි වෙලා නිසානෙ කුලකයො ප්‍රශ්න කරන්නෙ..බොහොම ස්තූතියි ඈ...
Deleteඅනේ අපිනං නෙමේ...
ReplyDeleteමොනා උනත්, ලස්සනයි!
අකුරු පේන්නෑ කෙල්ලෙ.
Deleteස්පෙක්සේවර්ස් ගිහින් කණ්නාඩි දෙකක් ගන්න. මේ නාකි අපිටත් පේන එකේ.
Deleteමාධවී..............
Deleteහොදට අැස් දෙක පිහදාලා බලන්න පෙනෙයි.... උදේට නැගිට්ටාම මූණ හෝදනවා කියලා දෙයක් කරන්නේ ඔ්කට තමා.... ඒතකොට කබ කැඩෙනවානේ.......
කවියෙ අකුරුවල කහ පාට අඳුරුයි. (කොහෙද ඉතිං... මේ දෙන්නනොවැ වැඩේ... හුහ්)
Deleteඅෆ්ෆා .. මඩු මදාවි ට හතලිස් ඇදිරිය වගේ...
Deleteබොන්න වෙන පුරස්නයක් මාදවියො ඒක නම්..අහ් ඉස්තුති වේවා!
Deleteලස්ස්සන කවි පෙළක් ඇවිත් ආයිත් දිලිනි ගෙන්.
ReplyDeleteබොහොම ස්තූතියි අජිත් සහො........
Deleteදිලිනි..................
ReplyDeleteඅගේ අැති කවි ටිකක්.... ලස්සනයි...
බොහොම ස්තූතියි පවුරේ
Deleteලස්සනයි දිලිනි ..."කව්රුද මට මා අහිමි කලේ....."
ReplyDeleteමට මා හමුවුණා මාද මට හමුවුණා
ඝන නිල් වනන්තරේ
කාත් කවුරුවත් නැති එක නිමේශයේ
මට මා හමුවුණා මාද මට හමුවුණා
මොහොතක් යෙදුනා
අප දෙදෙනා පිළිසඳරේ
භවයක් සේ හැඟුණා
අරුමය ඒ ඇසුරේ
සිතු සම්පත් සැදුණි ද
දැසිදස්සන් ලැබුණි ද
ඇසුවිට මගෙන් මා
ප්‍රමුදිත දෑසින් මට පිළිතුරු ලැබුණා
සමුගෙන යන්නට සැරසෙද්දී මාගෙන් මා
ඇසුයෙමි පැනයක් හිනැහෙද්දි සිත විදහා
ලද හැමදේ අවසන සතුටින් ඔබ සිටිනෙ ද
ඇසුවිට මුනිවත පා කිසිවක් නොකියා
මාගෙන් මා මැකුණා
ගී පද - බන්දුල නානායක්කාරවසම්
ගී තනු - ආනන්ද ගමගේ
ගායනය - සුනිල් එදිරිසිංහ
කියන්න වචන නෑ සින්දු ඈනො.. මේකත් අදමයි ඈහුවෙ ස්තූතියි..
Deleteඕන් වැඩේ.. මම හැමදාමත් අගය කරන්නේ මේ කවිකාරිවයි..
ReplyDeleteහරිම ලස්සනයි..
බොහොම ස්තූතියි අමිල... :X
Deleteලස්සනයි දිලිනි, :*
ReplyDeleteකාලෙකින්... බොහොම ස්තුතියි ඔමා
Deleteඅදහස හා වචන අගෙයි.. විරිතක් හා තාලයක් තබා ගන්න උත්සාහ කරන්න කවියේ කවීත්වය මතු වෙන්න.. සුභ අනාගතයක් ශුවර්! ජය ශ්‍රී! :)
ReplyDeleteහැමදාමත් දෙන අවවාද අගය කිරීම් හුගක් වටිනවා කල්‍යාණ මිත්‍රයෝ ස්තුතියි.. ජයශ්‍රී...!!
Deleteකියවන්න අමාරුයි නේ දිලිනියෝ. ඒත් රස වින්දා අමාරුවෙන් හරි.. ජය
ReplyDeleteවර්ණ ප්‍රශ්ණය කලිනුත් මතු උනා දේශා..අමාරුවෙන් හරි රසවින්දට බොහොමත්ම තුති.
Delete//ගත රස සොයමින් සිත දිවගෙන
ReplyDeleteපින්මද සෙනෙහස ලැබුනු වෙලේ.....
හදාගන්න හිතකියාදෙන්න මට
කව්රුද මට මා අහිමි කලේ.....//
මෙන්න තවත් ආරම්භයක්..
කොයිකෙත් අවසානය තවෙකක ආරම්භයක් කියල කියනවනේ GUS...
ReplyDeleteලස්සනයි දිලිනි.....
ReplyDeleteබොහොම ස්තුතියි මහේෂ්
ReplyDeleteහොදා... හොදා.... ජයවේවා..
ReplyDeleteහොඳ නම් හොඳා ජයවේවා කසුන් සහෝ :)
Deleteඅපූරු පැදි පෙලක්
ReplyDeleteසාදරයෙන් පිලිගන්නවා දිලාගේ ලෝකයට. බොහෝම ස්තුතියි :)
Delete