බබා පාත්තුව.....
සති අන්තයේ මා ගොඩ වූ බස් රථයේ
දුටු දසුනක් ඇත සුරැකිව ඇතුලු ළයේ
සවි කර තිබූ මළු රඳවන රාක්කයේ
කෙලවර කොක්ක හැඩවුනි පොඩි සපත්තුවේ
මිරිවැඩියකි බිළිදියකගේ තෙමස් වියේ
කැටයම් කර තිබුනි විසිතුරු නොයෙක් විධේ
එය දුටු සැණෙන් සිත රැදවුනි අතීතයේ
සසැළුණු වැඩිද මන්දා කඳුළකිය ඇහේ
මිහිරි මතක පිරි මා ගේ ළ මා වියේ
මෙවැනිම දෙයක් සිහිවී සිත කිතිත් කැවේ
ගමනක් ගොසින් යළි පැමිණිය විටදි අනේ
අහිමිව තිබිණි මිරිවැඩියක් පුන්චි මගේ
''බබා පාත්තුව කෝ''විය පැනය මගේ
මවට අහිමි විය නිදහස විඩි න් විඩේ
සොයමින් හතර අත දුවගොස් වත්ත වටේ
හැඩු කඳුළින්ම නිදි දෙව්දුව වෙතට ගියේ
'' බබා පත්තුව නෑ මට ඕන අනේ ''
දිලිසුණි දෙනෙත් මා පින්බර මව් පියගේ
නව මිරිවැඩි සඟලකි විසඳුම වූයේ
ඔබෙත් මගේ මෙන් ඔය හිත රිදුනාද
එසේ නොමැති නම් එයටත් හිනැහුනිද
අනෙක් මිරිවැඩිය තනි වී වලපෙයිද
නැතිනම් මගේ හිත සංවේදී වැඩිද
නිමන්තිකා
මේකනම් මාරු ,අපිතත් පුංචි කාලේ මතක් වුනා, ඇත්තටම මෙහෙම දේවල් කීයක්නම් වෙලා ඇද්ද?
ReplyDeleteඅනේ හලි තෝයි එහෙම නම්... :)
Deleteමගේ පොඩ්ඩාගේ පාත්තු නැති වෙච්ච දාට මටත් ඕකම වෙයි. තාම නම් අවුලක් නැහැ.
ReplyDeleteලස්සන කවිය.
ඔව් ඔව් අනිවා ගල්පාත තුමෝ හෙන නඩුවක් වෙයි.
Deleteඅගෙයි පැදිපෙළ
ReplyDeleteමට මම ගැන මතක නැතත් පුංචි වුන් ගැන ඔය වගේ මතකයන් තියෙනවා...
නිමන්තිකාට ජය!
ස්තුතියි වර්ණ :)
Deleteපුංචි වුන් කරන දේවල් වලදි ඇත්තටම අපි අතීතෙට යනවා.
ReplyDeleteසහතික ඇත්ත වැව් ඉස්මත්ත..
Deleteනැතිනම් මගේ හිත සංවේදී වැඩිද ++++++++++++
ReplyDeleteකවිය ඉතා අගෙයි.. ශබ්ද කෝශයට තව වචන ටිකක් එකතු කරගෙන එළිවැට එළිසමය රකින්න තව පුංචි ට්‍රයි එකක් දුන්නනම් අගේ තවත් වැඩියි. ජය ශ්‍රී!
අවවාදයට වගේම ඇගයීමටත් බොහොම ස්තුතියි කල්‍යාණ මිත්‍රයෝ... :)
Deleteමේ කවි ටිකනං සෝයි..
ReplyDeleteමොහොතකට හිත පුංචි කාලෙට ගියා..
ස්තුතියි සංචා :) ඔයාට නම් ඔයා ගැන වගේම නගාගෙ පුංචි කාලේ ගැනත් මතක ඇති. :)
Deleteසංවේදී කවි පෙළක්. පුංචි හිත් වැඩිහිටියන්ට නොදැනි කොයිතරම් තැලෙනවද?
ReplyDeleteස්තුතියි මධුමාධවියෝ...ඒක නේන්නම්..
Deleteලස්සනයි අනේ..
ReplyDeleteතැන්කු අනේ ...
Deleteඅනෙක් මිරිවැඩිය තනි වී වලපෙයිද
ReplyDeleteනැතිනම් මගේ හිත සංවේදී වැඩිද ///
මේ ටික නං ඔක්කටම වඩා බොක්කටම වැදුණ...
වලපෙයි කියන එක වැලපෙයි කලොත් මොකද...
මට නං හිච්චි එකා සංදියෙ වෙච්ච කිසි දෙයක් මතක නෑ.... බැදලත් නැති එකේ ඕ ගැන කියන්න දෙයක් දන්නෙත් නෑ...
මොනා වුණත් අපූරු කවි පොඩ්ඩ....
ලස්සනයි ජයෙන් ජයම වේවා
//මට නං හිච්චි එකා සංදියෙ වෙච්ච කිසි දෙයක් මතක නෑ.... //(ඒක සාමාන්‍යයි කියමුකෝ ) //බැදලත් නැති එකේ ඕ ගැන කියන්න දෙයක් දන්නෙත් නෑ... //(ඕ ගැන කියන්න බඳින්නම ඕනෙද මහී.. වටේ පිටේ පුංචි එකෙක් දිහා බැලුවත් හරි නෙව :P )
Deleteහිතට මොකක්දෝ ලොකු දුකක් දැනුණ...ආයෙත් පුංචි එකෙක් වෙන්න තියනවනම්...මම කොහොම හරි වෙනවා...දැන් මේ ලොකු එකෙක් වෙලා...මේ දැනුත් මාර බිසී...ඒ වැඩ අස්සේ මේ කවිය කියවලා හිත සතුටු කරගත්තේ නංගියා කිව්ව වගේම ඇත්තටම ඇස් නළියද්දී...ගී පවුර වෙනුවෙන් ජය පතමි...
ReplyDeleteඅසංක
බොහොමත්ම ස්තුතියි අසංක අයියේ :)
Deleteලත්තනයි අනේ...
ReplyDeleteආයෙත් පුංචි කාලෙට යන්න තියෙනවනම් අපි හැමෝම ආසයි...
තැන්කු අනේ.. සාදරයෙන් පිලිගන්නවා දිලාගේ ලෝකයට
Deleteමිරිවැඩි සඟලක්???
ReplyDeleteසංවේදී කවියක් දිලා... කථාවක් මතක් උනා...
ජ ය වේ වා !!!
ස්තුතියි විදානේ කතාව පොස්ට් එකක් විදියට එලියට එයි නේද ?
Delete//නැතිනම් මගේ හිත සංවේදී වැඩිද//
ReplyDeleteසමහර අයට දැනුනනෙ “සමනල සංධ්වනිය“ චිත්‍රපටියෙ අර කොල්ල අහක යන ලියුමක් හින්ද දුක් විඳින එක අතාත්විකයි කියලත්. එහෙම අය නම් කොහොමත් මේ කවි පංතියට එකඟ වෙන එකක් නෑ.
ඒක නම් ඇත්ත හෙනහුරා..මිනිස්සුන්ගේ සංවේදීකමත්(සිමාව ) එකිනෙකාට වෙනස්නෙ
Delete