නුහුරු කටු මත ඉපදුනේ නුඹ
නපුරු බව දැනගෙන නොවේ
සැලෙන නල කටු තුඩින් ඇනුනද
නොහඬනා මල් කැකුළියේ
විහඟ ගීයක සැදැහැ දෑතක
නොගැටී පින්මද බොලදියේ
කටුක දුක් කප්පරක් නුහුලන
ගැහැනියක දුටුවෙද ලොවේ
සුළඟ ගෙන ආ සෙනෙහෙ පණිවිඩ
බමරු වෙත ආපසු යවා
උරණ හිරු හා පෙමින් බැඳුනද
ළපල්ලක මදහස පොවා
රතුම රතු බිම පතිත පෙති මත
කඳුළු බිඳු රැඳුනද මගේ
කියමි කුමරිය මෙලෙස මියදුනු
පළමු මල නම් නුඹ නොවේ........

:)
:(
:))
:((
=))
=D>
:D
:P
:-O
:-?
:-SS
:-f
d(
:-*
b-(
h-(
g-)
5-p
y-)
c-)
s-)
d-)
w-)
:-h
:X
හො හෝ අද දින කියමි ඔබහට
ReplyDeleteදිලා සොහොයුරියේ මගේ
බොහෝ කල් කියැවූ කවි'තර
මෙයයි සුපිරිම කව ඔබේ.. h-(
Help! or found the correct one g-) .. ( y-) )
Deleteස්තුතියි කළණේ...
DeleteHelp! or found the correct one(තේරුණේ නැතුවා :-? :((
මල් වත්තේ සංගමේ තේමා ගීතයට මේක දාමු..
ReplyDeleteදැන් ඕකට මෙලඩිය දාන්නේ දේශක යා ද ?
Deleteලස්සනයි කව් පෙළ
ReplyDeleteස්තුතියි වැවේ... :)
Deleteමෙලෙස මියැදුණු පළමු මල නම් නුඹ නොවේ,..
ReplyDeleteවල්ල පට්ටය ....
කව්ද කිව්වේ මං මැරුණේ නැහැ යකූ ..
Deleteබොහොත් සුන්දර් හෛ්..
ReplyDeleteටැංකු ටැංකු හේ .. :))
Deleteසොයුරියක ගැන සොයුරියක මිස
ReplyDeleteකවුරු හදුනයි මේ ලෙසේ
කළණ මිතු පැවසූ කතාවම
නුඹට පවසමි මිතුරියේ
සුපිරිම සුපිරියි දිලා...ජය වේවා....
බොහොමත්ම ස්තුතියි කටුසු :)
Deleteතවත් සුපිරි කවක් අපේ දිලා නංගි ගෙන්. ටිකක් හැංගිලා ඉන්න කොට මේල් වලට වත් උත්තර නොදී මේවා තමා එලියට එන්නේ.
ReplyDeleteඅසනීප සුවෙන් පසු වුනෙමි. ඔහොම කියන්ට නාකයි නොව..d(
Deleteනියමයි....
ReplyDeleteස්තුතියි රූපේ
Deleteසුපිරි පද ටිකක්. නියමයි.
ReplyDeleteජය වේවා!!!
ටැංකු මනා...
Deleteහල් මතයි
ReplyDeleteජය!
හිකිස් එහෙනම් හොඳයි :)
Deleteනියමයි...පට්ට!!!
ReplyDeleteස්තුතියි මහේෂ් :)
Deleteසිහින බිද ගෙන, අසකු පිට එන...
ReplyDeleteකුමරු ගැන පැතුමන් පුරා.....
බලා පෙර මග පතා සිටියද....
වඩී දැන් දැන් ඔහු කියා.......
බඹරු එව්වැයි සෙනෙහෙ පණිවිඩ.....
නොදුටු ලෙස ඔබ උන් නිසා.....
කුමරි නොදනිද... සෙනෙහෙ දෑතක්....
කටු ඇනී උකටලි උනා........
සිහින දකිමින් ඉවසා හිටියට
Deleteඋදුම්බරා මම වෙමියි කියා ...
පතා නොපතා හිඳිනු කෙලෙසක
සැබෑ ප්‍රේමය අවි අරා...
දෙබර තුඩගින් එවන පණිවිඩ
රුදුරු බර බැව් දනි නිසා
කුමට තැවෙමිද සබඳ මෙලොවේ
සැබෑ ප්‍රේමය හිඟ නිසා...
http://nelumyaya.com/?p=2096
ReplyDeletelassna kavi deka
http://sinhala.lankanewsweb.net/features/cyber-wall-lankanewsweb/16792-2015-05-01-16-30-25
මේ ඇගයුම් මහමෙරක් වටිනවා සහෝ ... ස්තුතියි ! :)
Delete