සිහිනයක් වී සැඟව ගත්තද
ගිගුම් දුන් රන් ස්වර වයා?
අතැඹුලක් ලෙස - යුගත පෑ නුඹ
ගුත්තිලම විය දස දිසා
නෙතඟ සිනිඳුවට තෙත් වෙනා කල
නුඹ වැයුම් රඟ නිති අසා
කප්පරක් දුක් වා තලට පිඹ
මත් වුනෙම් අප සැනසිලා
වැතිර සයනෙක ගිලී සිහිනෙක
නුඹ වයයි තනුවක් මෙදා
කියන් සොහොයුර - කෙදින ඒද යළි
නුඹේ ඒ සරු සුභ සිනා
ඔහුට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමු ....
ReplyDeleteහොඳ මිනිස්සු ඉක්මනට යන්න හදනවා .....
දිලිනි මමත් එකක් ලිව්වා .දැක්කද ??
http://sinduano.blogspot.com/2015/05/blog-post_14.html
දැක්කා සින්දු ඇනෝ ... ඔහුට ඉක්මන් සුව පතමු!
Deleteරුවන් වෙනුවෙන් රන් රුවන් වන් පැතුම් කවි මිටක්.. ඔහුට ඉක්මණ් සුවය පතමු.
ReplyDeleteඅනිවා කළණේ..ස්තුතියි
Deleteඉක්මනින් සුව වේවා...
ReplyDeleteඅනිවා ..
Deleteඉක්මන් සුවය පතමි
ReplyDeleteස්තුතියි වැවේ !! මේ වගේ කලා කරුවන් අපිට සම්පතක් .
Deleteඉක්මනින් සුව වේවා...'''''''''''''''''''''''''''''
ReplyDeleteඅනිවා ..
Deleteමම ගොඩක් කැමති සහ දක්ෂ වාදකයෙක්. ඉක්මණට සුව වෙලා නැවතත් දක්ෂතා පෙන්නන්න පුළුවන් වෙන්න කියල ප්‍රර්ථනා කරනවා!!!
ReplyDeleteගිටාර් වාදකයෙක් වෙච්චි ඔය හිත මේ ගැන කොයි තරම් සංවේදී වෙනවද කියල අමුතුවෙන් කියන්න ඕන නෑ මනා .ඔහු ඉක්මනින් සුව විය යුතුයි.
Deleteහරි අපූරු පුද්ගලයෙක් වෙනුවෙන් ලියැවුණ අපූරු කවි පද පෙළක්....
ReplyDeleteඔහුට ඉක්මන් සුව ප්‍රාර්තනා කරනව....
බොහොම ස්තුතියි මහී..අපි හැමෝගෙම සිතිවිළි බලවත්. ඔහුට ශක්තියක්ම වෙයි.
Deleteඇත්තටම දක්ශයෙක්.. ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ඔහුට..
ReplyDeleteඔව් දිනේෂ් අයියේ . මේ මිනිස්සු ලෝකෙටම සම්පතක්
Deleteතත් අතර
ReplyDeleteඅපව මත් කර
යන්න හැදුවත් බැහැර
හිඳිමු අපි අත නෑර
නියමයි කිචී
Delete