Thursday, October 1, 2015

ඉතිං සුන්දර ආරක්‍ෂිත ළමාදිනයක් වේවා!


ලොවක් දිනවන අනාගත අරුණැල්ල වන්නේ අපේ සොඳුරු දරු දැරියන්මය. නොවක් බලාපොරොත්තු අහස උසට තනා අප දරුවන් වෙනුවෙන් සිහින දකින්නෝ වෙමු. නමුත් ඔවුනට හෙට ලොව දිනන්නට සුදුසු සමාජ වටපිටාවක් අපි විසින් නිර්මාණය කර ඇතිද යන්න තවමත් පිළිතුරු රහිත පැනයකි. අපට ලඟා කරගත නොහැකි තරම් වූ සිහින මාලිගා අපි දරුවාගේ කරපිටින් හෝ ලඟා කරගැනීමට සිහින මවමු.එසේම වැඩිහිට සමාජයෙන් ඉටුකරගත නොහි නොසංසිඳෙන ආශාවන් මෙන්ම කුහක කාම ආශ්වාදය සඳහාම ළමයින් යොදාගන්නා තෝතැන්නක් බවට අප සමාජය පත් කරගෙන ඇත්තෙමු. මේ ගැන ගැඹුරින් සලකා බැලූ කල අපට ඇති වන්නේ දීන පරාජිත හැඟිමක් පමණක්ම යැයි ඔබට මට එකහෙළා පිලිගැනිමට සිදුවන ඛේදවාචකයකි.  

මෙවර ලෝක ළමා දිනයේදී අප විසින් අප හටම පොරොන්දු විය යුත්තේ, අපේ මල් කැකුළු වලට සොඳුරු අනාගතයක් නිර්මාණය කිරීමටත් වඩා ඔවුන්ට යහපත් වර්තමානයක් උදා කරදීමත් ඔවුන් වත්මන් දුෂිත සමාජයෙන් ආරක්ෂා කරගැනීමට කටයුතු කිරීමත් ය. ඉතිං සුන්දර ආරක්‍ෂිත ලෝක ළමාදිනයක් වේවා!


නෙක වර්ණ සිහින නම් බෝමයි 
චාටු වදන් විෂඝෝරයි 
පා පොඩිති තියා පෙරටම නැගෙනු පුත
මග වළකන්නට උන් රෑනයි

අම්මා අප්පත් අද දුරකැයි
වෙසමුණියො පිසාචයො එමටයි 
ඇස් පොඩිති හැර බලා හිඳින්න මා පුත
සනසන විලසින් රකුසන් මැයි 

මා පිය උණුසුම සුව පමණයි 
අන් සැවොම වත්මනේ අකැපයි 
දෙසවන් විදහාගෙන ඉඳින්න මා පුත 
නපුරු වනසතුන් ළඟ සුලබයි 
nimanthika






19 comments:

  1. කවිය ලස්සනයි ... ඔබටත් සුබ ලෝක ළමා දිනයක් වේවා ..!

    ReplyDelete
    Replies
    1. හානේ අද කලින්ම ළමයෙක් ඇවිත් කොමෙන්ට් කරලා. ඔබටත් සුබ ළමා දිනයක් වේවා ! ඒ වගේම අර උඩින් දීපු උපදෙසුත් පිළිපදින්න අමතක කරන්න එපා. :)

      Delete
  2. හැමෝගෙම සිත්වල පහලවෙන්න ඔන අදහසක් ගැන ඔබ දක්වලා තියන්නේ.

    ..//මා පිය උණුසුම සුව පමණයි
    අන් සැවොම වත්මනේ අකැපයි //..

    ඒත් දිලා අද ඒ දෙන්නත් දරැවෝ බිලිදීලා හරි තමන්ගේ සැපත විතරක්ම පතන මටිටමට සාරධර්මවලින් පිරිහිගෙන යන බවක් පෙන්න තියෙන්නේ..අමිමා දුව විකුනනවා මුදලට.තාත්තා තමන්ගෙම දුවගෙන් කාමාශාව සංසිදව ගන්නවා.පියවරැන් තමන්ගෙන් දරැවන්ට කියලා මත්පැන් සිගරටි ගෙන්න ගන්න එක බයිටි හදාගන්න එකෙන් පවා දරැවට කරන්නේ හානියක්.දරැවෝ ඉදිරිපිට අමු තිත් කුනුහරැප කියාගෙන ගහ බැනගන්නකොට ඒක බලපාන්නෙත් පුංචි දරැවන්ට.තව මෙ වගේ බොහෝ දේවල් තියනවා.දරැවන්ගේ සුන්දර ලෝකය වැඩිහිටියෝ කඩලා බිදලා විනාශකරලා දානව.මෙ පුංචිත්තන්ගේ ලෝකය විනාශ කරන්න ඒ අය අපිට කරපු වරද මොකක්ද .ඒ අයගේ සුන්දර ලෝකය ගොඩනගන්න අපි කැපකිරිමි කරමු.අද විතරක් නෙවෙයි හැමදිනයක්ම ඒ පුංචිත්තන්ගේ දිනයක් කරමු.



    ReplyDelete
  3. අම්මා අප්පත් අද දුරකැයි
    වෙසමුණියො පිසාචයො එමටයි
    ඇස් පොඩිති හැර බලා හිඳින්න මා පුත
    සනසන විලසින් රකුසන් මැයි

    ඔය ටිකෙන් මං අදහස් කලේ මනෝ මන්දිර විස්තර කරපු ටික තමයි. අනිවාර්යෙන්ම මනෝ, මේවා ක්‍රියාත්මක වෙනවා නම් හොදයි.සමාජය හදන්න කලින් තම තමන් හැදෙනව නම් හොදයි.ස්තුතියි අදහස් දැක්වීමට.

    ReplyDelete
  4. Podi daruwo mal wage parissm karanna hugak wehesenna wenawa..ammala thathalata..

    ReplyDelete
  5. ළමා දින පැදි පෙළ අනගියි දිලිනියෝ
    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වර්ණයෝ :)

      Delete
  6. ආරක්‍ෂිත! ඒක තමයි වචනේ! එළ!

    ReplyDelete
    Replies
    1. ඒකනේ කමි දැන් දරුවෝ කියල හිතෙද්දිම හිත අස්සේ විදුලි කොටනවා ප්‍රවේසමෙන් කියල. නැද්ද හා ?

      Delete
  7. කවි පෙළ ලස්සනයි......... එක දිනයක් විතරක් නෙවේ හැමදාම ළමයින්ගෙ දිනයක් කරන එක හැමෝගෙම වගකීමක්........... සුන්දර ආරක්‍ෂිත ලෝක ළමාදිනයක් වේවා!

    ReplyDelete
  8. //එසේම වැඩිහිට සමාජයෙන් ඉටුකරගත නොහි නොසංසිඳෙන ආශාවන් මෙන්ම කුහක කාම ආශ්වාදය සඳහාම ළමයින් යොදාගන්නා තෝතැන්නක් බවට අප සමාජය පත් කරගෙන ඇත්තෙමු. මේ ගැන ගැඹුරින් සලකා බැලූ කල අපට ඇති වන්නේ දීන පරාජිත හැඟිමක් පමණක්ම යැයි ඔබට මට එකහෙළා පිලිගැනිමට සිදුවන ඛේදවාචකයකි. // මේ දීන පරාජිත හැඟීම ඇතිවෙන්න පහුගිය මාසය විතරක් වුණත් ප්‍රමාණවත් දිලා . දරුවන්ට සියයට සියයක් සුරක්ෂිත ලෝකයක් හැදෙනවනම් ඒක සියගුණයක් වටිනවා අවුරුද්දකට සැරයක් ළමා දිනයක් සමරන එකට වඩා.

    කොහොම වුණත් මටත් සුභ ලෝක ළමා දිනයක් වේවා! :D

    ReplyDelete
  9. awanka minissu awishwasha karanna weema thama narakama de me de nisa.anika minisunge aakalpa sahenna wardanaya kala yuthy

    ReplyDelete
  10. අදහස සමග සම්පූර්ණයෙන්ම එකඟයි...

    ReplyDelete
  11. සුබ ළමා දිනයක්!!!

    ReplyDelete
  12. එකෙන්ම දිලිනියෝ කියල තියෙන හැම වචයක් එක්කම..
    කවියත් හරි අගෙයි
    ජයවේවා

    ReplyDelete
  13. මම අපේක්ෂාකල සමාජ කතිකාවත ඇරඹිලා. මෙන්න දිලා තව මාතෘකාවක්.
    “හැම සාමාන්‍ය දරුවෙකුටමත් වඩා ගොලු දරුවන්ට බරපතල අවදානමක් තියෙනවා.“

    ReplyDelete