මෝඩ ඇල ළඟ ඇසතු බෝ රුක
සෙත් පිරිත් විසිකරයි සුළඟට
සෙත් පතා දුක් විඳින නුවරට
වර්ණ ටොපි චොකලට් කොළ සිඹින
ප්ලාස්ටික් පොලිතීන් ලෙවකන
තෙල් මන්ඩි කළු මඩ මිදී ගිය
උදම් රළ දැක උදම් වෙන ඇළ
මැද පන්තියේ හදවතක් මෙන්
පිම්බෙමින් නලියන මෝඩ ඇළ
ඉරේ ගිනි අඟුරක් වැටෙන විට
තම හිසට තම පොත පමණමය
බියේ සිලි සිලි බෑග පතුලින්
සිහින කැබලිව බිම වැටෙන සඳ
උණු තාර කකියයි පතුල් යට
මේ දෙපා සෝඩි ටිකිරිද ?
ඇදුනු මරුවැල පැකිල බිම හුන
විසුල එළවලු අතින් අහුලන
මහළු මවකගෙ පයට පෑගෙන
බිඳුණු විදුරු කැබලි දිළිසෙන
බලු වසුරු රන් පයින් පාගන
සෙමෙන් බොළඳව පෙම උරා බොන
පෙම්වතුන් මන නුවණ කවි කල
චිත්රපට දැන්වීම් පුවරුව
ධූලි වැකි ලොතරැයි පතක් උඩ
කඳුළු බිඳුවක් දිලිසෙමින් ඇත
වාශ්පව අහසට නගින්නට
ලඟා වනතුරු තාපාංකය
නුවර දොර මග සෙනග ගැවසෙන - මෙ කවි කැබලි හමු වීය මෙමට
නොවැටහෙයි ඉන් කවි තනන්නට - එකින් එක අමුණා හුයෙන් හුය
තබා යමි එය ඇසතු රුක මුල - නොසැලකිල්ලට නොපෑගෙන්නට
කස්ටිය දැන් තරඟෙට කවි ලියනවනේ.. හොදා හොඳා..
ReplyDeleteහොඳ නම් හොඳා :)
Deleteලස්සන ඇස් කිව්වෙ නැද්ද වාශ්ප වෙන්න තාපාංකය වෙනකල් ඉන්න ඕන නෑ කියලා?
ReplyDeleteනැහැනෙ නමිල් පොඩ්ඩක් අහල කියනවද?? ;)
Deleteකවියෙන් ලියවුනු කතා ගොඩක්. හොඳ නිර්මාණයක්. //ඇදුනු මරුවැල පැකිල බිම හුන // මෙතන පැකිල ද නැත්නම් පැටලි ද ?
ReplyDelete//ඇදුනු මරුවැල පැකිල බිම හුන // තමා.
Deleteබොහොමත්ම ස්තූතියි ! :)
පෙර නිමිති සිව් නොවේද සිව් අත
ReplyDeleteබැලු බැලූ කල නුව නෙතට නොගැටෙන
කලකිරින්නේ කවුරුන්ද මේ දැක
බලන් කෝඳුරු වසුරු පිඩ මත
හීන අහුලන අකුරු අතරේ
බලන් හිස්පිටු සරණ නගරේ
කමටහන් තව මොටද මිතුරේ
නිවන ඇත අපි අපිම අතරේ
නිවන ඇති මුත් අපම අතරේ
Deleteඑහැර යන්නෙත් අපය මිතුරේ
සැවොම එක් වී මිතුරු රසයේ
අරුත විඳගමු නොතිර සසරේ
ස්තුතියි සොමියා
දිලා හොද කවි කාරියෙක්!!
ReplyDeleteස්තුතියි ප්රියා අයියේ හැමදාමත් මේ කරන දිරිගැන්වීමට.
Deleteඅපූරුයි !
ReplyDeleteස්තූතියි සෑම්
Deleteමෙවන් වටිනා සිතුම් කවියෙන්
ReplyDeleteගොතන්නට නම් මෙන්න හපනි
ඔබේ කවිකම් මවයි සිතුවම්
හිතේ සිව්කොන රැව්දිදී...
උපන් දා සිට සිතේ හැංගුණු
සොඳුරු අදහස් දෙන අපූරුව
සහස් කල් ඔබෙ කවි රසෙන් අප
සනසවනු මැන නංගියෝ...
ලොවෙන් උකහා ගනිපු දේවල්
Deleteසැබෑ දිවියෙදි විඳපු දේවල්
එකී මෙකි නොකි එහැම දේවල්
කියමි කවි ලෙස නොකර කේවල්
නිතර මෙහි විත් ගෙනෙන පැසසුම්
නිති නිතිත් දිරි ලබයි සිත තුන්
සනසවන්නට සැවොම සුවකල්
අයියන්ඩි මම ලියමි කවි වැල්
බෝම ස්තුතියි පවුරේ...
දීගටම ලියන්න.. මිනිස්සුන්ට සංවේදිව දැනෙන්න ලියන්න...
ReplyDeleteහාකෝ අමිල බෝම ස්තුතියි හොඳේ... :)
Deleteඋදම් රළ??
ReplyDeleteඅවුලක් නෑ මේ මැණිකෙට කවි ලියන්න පුළුවන්...
බෝම ස්තුතියි දේශා :D
Deleteනිමා හොඳ කවි කාරියක්නේ .. ගජමන් නෝනගේ පළාතේම නේද? නියමයි .
ReplyDeleteබෝම ස්තුතියි ඉවාන් අයියේ.ඔව් අපිත් ගාලු පුරවරයේ තමයි :)
Deleteහපොයි ඉවරයි.. ගජවිමන් හිටියෙත් ඔය ගාල්ල පැත්තතෙද??
Deleteනෑ අනුරාධපුරේ බොරැනම් පත්තර මල්ලිගෙන් අහන්න
Deleteනෑ නෝනා ගම (මාතර පැත්තේ )
Deleteදිලාගෙන් කියවපු හොඳම නිර්මාණයක් මේක...
ReplyDeleteමරු ඈ..
මටත් මේක සාර්ථකයි කියල දැනුන ඔයාලගෙ ප්රතිචාර දැක්කම.ස්තූතියි සංචා.
Deleteටිකිරි ටිකිරි ටිකිරි ලියා..
ReplyDeleteවේදිකාව උඩට ගියා..
කවිය මතක නැතුව ගියා..
සිහිය නැතුව බිම වැටුනා...
ඔන්න මේ කවි ලෝකයට විදානයගෙනුත් නැවුං (ටිකක්) කයියක්...
දිලාගේ කවිය රසයි- ඉදිරියටත් ලියමු..
ජ ය වේ වා !!!
මෙන්න අපේ විදනයා
Deleteසෝඩි ටිකිරි දෙපා තියා
වේදිකාව උඩට ගියා
කයිය කියල පැනල ගියා ;P
ස්තුතියි විදානේ
ජ ය වේ වා !!!
දිලා මේක නම් පට්ටයි. මම හැමදාම කියනව වගේ, ලියන කවි වලට වඩා දාස් ගුනයක් වටිනව මේ වගේ "ලියවෙන" කවි.
ReplyDeleteස්තුතියි බස්සි අක්කේ..ඔයා හරි ඔහේ ලියවෙන කවි රහයි තමයි :)
Deleteඑල ද බ්රා ලියවිල්ල
ReplyDeleteබොහොම ස්තුතියි මෙන්ඩි බ්රා :D
Deleteකියන්න දෙයක් නෑ...සුපිරි...දිගටම ලියන්න ඕනා ඉතිං ඔන්න
ReplyDeleteසාදරෙන් පිලිගන්නවා. ස්තුතියි උමා.
Deleteඔත්තුවට ස්තුතියි.
ReplyDelete