හිම පොකුරු මල් යායෙ සුදු සේද ඇතිරිලා
සීතලට ගුලි ගැහෙන රෝස පෙති ඇහැරිලා
හීනියට පිණි ඉහෙන අඳුරු රෑ තනිවෙලා
මගෙ සුසුම් ඈත යයි අනන්තෙට පාවෙලා
මේඝයට අත වනන වැහි ලිහිණි පියඹලා
කෝඩයට ඉඩ තියා මද සුළඟ කැළඹිලා
පාලුවට ගිය හිතේ මතක මල් අහුලලා
ආයෙමත් යනු හිතයි අතීතෙට පාවෙලා
සයුරුතෙර ක්ෂිතිජ ඉම අනන්තෙන් විමසලා
නින්දටත් නොදැනෙන්න හීනයක් හැන්ගිලා
නුඹ ඇවිත් මගෙ ලඟට සෙනෙහසින් ලං වෙලා
හුදකලා මගෙ හිතට මහ ගොඩක් පෙම් කලා
නිමන්තිකා

:)
:(
:))
:((
=))
=D>
:D
:P
:-O
:-?
:-SS
:-f
d(
:-*
b-(
h-(
g-)
5-p
y-)
c-)
s-)
d-)
w-)
:-h
:X
No comments:
Post a Comment