ප්‍රපාතයේ සුපිපි
සොඳුරු දසුන
ලොවටම සුවඳ දුන්
කහ අරලිය මල අතු අග ...
නෙලාගන්න විගසින්...
නැහැ ...බලා ඉන්න ඈතින්
මලේ ලස්සන අරුම
උඩු සිතත් යටි සිතත්
ද්වන්ධ සටනක
යෙදී සිටි මොහොතක
නෙලාගෙන නොව
කඩාගෙන ගියපසු
ඒ මල කිසිවෙක්,
නටුව පමණක් ඉතිරි කර
වැලපුනා ඉකිබිඳ
උඩුසිතත් යටිසිතත්
සමගිව
එකට අත් වැල් බැඳ ....
නිමන්තිකා
අපූරු කවියක්... චිත්ත රූප මවන්න සමත්...
ReplyDeleteප්‍රපාතයක් අයිනෙ තියන අරලිය මලක්...
..
..
ඔන්න ටිකකින් ඒ මල කවුද කඩන් යනව...
අය්යෝ ගහම පාළුයි
අපූරුවට ලියවිල තියෙනව...
ජයවේවා
:) ජයවේව ආයිබෝං ..
ReplyDelete