මා දෙස
ශෝකී වෙසින් බලාපු ,
හොර ඇහින් බලාපු ,
අමනාපෙන් බලාපු ,
උපහාසයෙන් බලාපු ,
හිස් බැලුම් හෙලාපු ,
ස්තූතියි !
මෙකී නොකී සකල දනන් හට
එත්
නොවැටහුනි
වැටහුනු බවක්
මගේ නිහඬ සුගායනය
මා අනිකකු නොව
ඔබේ අනාගත ඉරණමේ
සංකේතය මිස ...
නිමන්තිකා
මලා...
ReplyDeleteමේ මක්කැයි මේ...
සෝකී සුගායනා
සමහර වෙලාවට ලෝකෙන් එන විවිධාකාර බැලුම් ඉදිරියේ අපිට මුනිවත රකින්න වෙනවනේ ... ඒ වගේ වෙලාවට හිතට දැනුනු හැගීම් තමයි මේ... ස්තූතියි නිතර මේ පැත්තේ ඇවිත් යනවට , අදහස් දක්වනවට . :)
Deleteනන්දා මාලිනීගේ " පුජාසනයේ ඔබ හිඳුවා.." සින්දුව මතක් වෙනවා. ලස්සනයි.. හොඳට හිතල ලියල තියෙනවනේ..
ReplyDeleteඔයාට ඒ වගේ හැගීමක් දැනුන කියන්නේ මාගේ කවිය යම්තාක් දුරට සාර්ථකයි .ස්තූතියි අමිල
ReplyDelete