මේ අපේ මනුවා සම්බන්ධ තවත් රසකතාවක්..
අපේ සෙට් එකේ ඉන්නවා වැඩිය උසත් නැති මහතත් නැති කොල්ලෙක් (බටු වර්ගයේ ) ... හැබැයි ඉතිං මේකගෙ වැඩ නම් සුපිරියි කොටින්ම ඉලෙක්ට්‍රොනික් බට්ටෙක්..(බට්ට ගැන කතාවක් පස්සෙ ලියන්නම් )
ඉතින් අපේ බට්ටගේ අප්පච්චි ඇවිල්ලා දක්‍ෂ ගෘහ නිර්මාණ ශිල්පියෙක්...
නිවාඩු දවසට, පුළු පුළුවන් වෙලාවට අපේ මිත්‍රයො "බට්ට ඩඩා" ට උපරිම සහයෝගයක් දෙනව.
දවසක් අපේ බට්ට ඩඩා අපේම මිත්‍රයෙක්ගේ ගෙදරක වැඩක් කරන කොට
අත් උදව්වට අපේ මනුවා ඇතුලු පිරිස සහභාගී උනාලු.
අපේ සැට් එක ඉන්න තැනක ඉතිං පාළුවක් හතර මායිමක ඇත්තෙ නැත්තෙ මෙයාල විහිළු වලට උපන් හපන්නු ටිකක් නිසාවෙන්මයි..
ඕන් ඉතිං එදත් කස්ටිය කෙනෙකුට බයිටක් දෙන ගමන්, කඩියෝ වගේ එහෙ මෙහ දුවගෙන ගජරාමෙට වැඩලු ..ඔහොම වැඩේ නැගල යන අතරෙ, වැඩ තද වෙලා ඉඳපු බට්ට ඩඩා මනුවට කිව්වලු
"ලණු කොස්සක් ගෙනෙන් පුතේ "
මනුවට කියන දේවල් ඇහෙන්නේ අමුතුවට කියල මං කලිනුත් කියල ඇතිනේ..
ඉතිං මේකත්
"හං"
කියල දඩ බඩේ දුවල ගියාලු..ගිහිං මේකා ඒ ගේ වටේ දිව්වලු,මිදුලෙ වටයක් කරකුනාලු,
ආයෙම කුස්සියටත් ඔළුව දමල බැලුවලු...පස්සෙ කඩාගෙන බිඳගෙන දුවන් ගියාලු.
ඕක නෝට් කරන් ඉඳපු බට්ට ඇතුළු අපේ සෙට් එක අන්දුන් කුන්දුන් වෙලා බලං හිටියලු..
ඒ වෙද්දි මනුවගේ පරක්කුව ගැන විපරම් කරපු බට්ට ඩඩා...,
"කෝ මේ කොළුව?"
කියාගෙන එතනට ආවලු.
මනුව දැකපු බට්ට ඩඩාගෙ ඇස් ලොකු වෙලා හිනාවක් දාන ගමන් මෙන්න මෙහෙම කිව්වලු,,,
"ඈ පුතේ.., ඕකෙන් කොහොමෙයි බං කපරාරුවට දිය ඉහින්නේ????? "
වැඩේ මීටර් උන අපේ සැට් එක තක් බිර් වෙලා බලං ඉඳපු මනුව දිහා බලල එදා බඩවල් අල්ලගෙන ඉල ඇදෙනකල් හිනා උනාලු.
ඇයි ඉතිං ලණුකොස්සයි උළුවස්සයි පටලෝගත්ත අපේ මනුවා මතු වෙලා තිබුනෙ බාගෙට හදාපු උළුවස්සක් කරතියන් නොවැ.
ප.ලි . :- ("ලණු කොස්ස" යනු කපරාරුවට දිය ඉසීම සඳහා ලණු මිටියක් එක් කොට සදා ගන්නා උපකරණයකි)
නිමන්තිකා
Showing posts with label මනුගේ රස කතා. Show all posts
Showing posts with label මනුගේ රස කතා. Show all posts
Wednesday, November 19, 2014
Tuesday, September 16, 2014
"ජුජුබ්ස් "
"ජුජුබ්ස්"... ඔහ් මොනතරම් රසවත් කෑමක්ද?
හුහ් මතක් වෙනකොටත් කටට කෙල උනනව.
(හැබැයි ඒ දිලාට )
"නෑ...."
ඔයාල කෝමද ඒම කියන්නෙ ? එහෙම වෙන ගොයියෙක් අපේ සැට් එකේ නම් ඉන්නවා.
නමක් කියවුනා..පුංචි පැටික්කෙක් ආව, දණගහල වැඳලා දෝත බදල තෑග්ගත් අරං හිනාවේගෙන ගියපු විදිය දැකල අපේ එකාට අමුතු හැගීමක් හිතට ආපු නිසා, ඊළඟ පුංචි පැටික්කිගේ නම කියවෙත්දී අපේ එකා සාක්කුවට අතදාල ලේන්සුව ඇදල ගත්තේ හීනියට මතුවුණ දාඩිය බිංදු පිහගන්න උනත්,,
ප.ලි . :- මෙය සත්‍ය සිදුවිමක් බව කරුණාවෙන් සලකන්න.
නිමන්තිකා.
හුහ් මතක් වෙනකොටත් කටට කෙල උනනව.
(හැබැයි ඒ දිලාට )
ජුජුබ්ස් මතක් වෙද්දි තුම්මුනින් දාඩිය දාන,කන් රතුවෙන , පට්ටම අවුලකට පත් වෙන අයත් ඔය අතරේ නැතුව නෙවි..
ඔයාල කෝමද ඒම කියන්නෙ ? එහෙම වෙන ගොයියෙක් අපේ සැට් එකේ නම් ඉන්නවා.
"ඔව් ඔව් අනේ.. වෙන කව්ද ඉතිං අපේ සුපුරුදු කථානායක තමා..
ඔව් ඔව්, මේකත් අපේ මනු පෙරල ගත්ත තවත් බාල්දියක් .
මේ මනුවගේ ඔපීසියේ කස්ටිය පවත්වපු උත්සවයක
සිද්දියක්..
දකුණු පළාතේ රූකඩ වලට ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන ප්‍රදේශයක, කනිෂ්ඨ විදුහලක අඩු අදායම් ලාභීන් ලෙස හඳුනාගත් සිසුදරුදරියන්ට පාවහන් ලබා දීමට ලංකාවේ ප්‍රසිද්ධ බැංකුවක් උත්සවයක් සංවිධානය කලා.ඉතිං අපේ මනුවත් ඔය වගේ වැඩ වලට උපරිම සහය දෙන කොල්ලෙක් වෙච්චී..
සංග්‍රහ කමිටුවේ සංවිධායක විදියට බොහෝම ඇප කැප වීමෙන් වැඩ කලා..
සංග්‍රහ සාදය "ලෙසටම " සංවිධානය කරන අතරතුරේ
මනුවා ප්‍රීතියෙන් අමන්දානන්දයට පත් උනේ...මේන් මෙහෙමලු "ඕඕඕ ... ජුජුබ්ස්... කා....ලෙකින්.."
හැමට කලින් ඇස ඉස්සර උනා නුඹ ළඟ...
හිතට හොරෙන් අත සක්මන් කලා නුඹ වට...
කටට හොරෙන් නුඹ ඉක්මන් උනා මගෙ දිව...
අපට හොරෙන් වැඩ ඉක්මන් උනා අපි ළඟ...
"මනු ඉක්මනට වරෙන් මචං , බොසා උඹව හොයනව.
ඔතන වැඩ ටික රෙඩි නේද??
ඉක්මනට යමන් .. ආරාධිත අමුත්තා යෝජනා කරලලු
ශාඛා කාර්ය මණ්ඩලයටත් ඇවිත් පොඩි එවුන්ට සපත්තු බෙදන්න කියල.ඔතන වැඩ ටික සෙට්ල් කරල ස්ටේජ් එක ලඟට සෙට් වෙයන් "
(ඒ මනුවගේ බැංකු ගජය )
හ්ම්.. මදෑ ජුජුබ්ස් කෑවා...
ඕවයින් සැලෙන කොල්ලොද අපි හුහ්
(මිනිත්තුවකට මයික්‍රෝ තත්පර කොච්චරද වේගෙන් ජුජුබ්ස් අහුරු 2ක් අරං සාක්කුවේ ඔබා ගත්ත කොල්ලා...එසැණින් වේදිකාව අසල )
ඉතින් උත්සවේ ලස්සනට වැඩේ කෙරීගෙන යන අතරතුරේ, බැංකු කාර්යමණ්ඩලයේ කස්ටියත් සපත්තු
බෙදාදීම කරගෙන යනව. පුංචි උන්ගේ හිනා කටිං එකයි.

ඔහොම ඉද්දී මනුවගේ වාරෙත් ආව.ස්ටේජ් එකට නැග්ගම අමුතු මෙව්වා එකක් දැනුනේ ආපු මැති ඇමතිවරු දෙමව්පියෝ..පුංචි ඈයෝ ඔක්කොමල කට කනේ තියං බලං ඉඳපු නිසා මිසක්, සබකෝලෙකට නම් නෙවි.

ඔව්,, ඇත්තටම වේදිකාවේ
ලස්සනම ලස්සන වැස්සක් වැස්සේ හැමෝම
සිනා ගන්වනගමන්...
ඔව් ඒක නිකන්ම නිකං වැස්සක් නෙවී..,
පාට පාට ලස්සන "ජුජුබ්ස්". වැස්සක්
(මින් ඉදිරියට සිදුවූයේ කුමක්ද යන්න සිතීම ඔබට භාර කරමි) ප.ලි . :- මෙය සත්‍ය සිදුවිමක් බව කරුණාවෙන් සලකන්න.
නිමන්තිකා.
Wednesday, September 3, 2014
"කොළකැඳ සමිති හා ඉන්ටවීව් "
අද නම් කියන්න තනන්නේ අපේ මිත්‍රයෙක් / සහෝදරයෙක්ට සිද්ද වෙච්චි ඇබැද්දියක් ගැන.
අපි ඔහු "මනූ " ලෙස හඳුන්වමු. ඇත්තටම කියනවා නම්, අපේ සෙට් එකෙන්ම දියුණු වෙන්න තදින්ම උණ තියෙන්නෙ මෙන්න මේ පුද්ගලයට තමයි.
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හිත හොඳ කොල්ලෙක් උනත්, ඒ හොඳ හිත නිසාම "මනුවට" වෙන අකරතැබ්බ වලත් අඩුවක් නම් නෑ.
වාණිජ අංශයෙන් උ /පෙ කලාට සරසවිය පැත්තේ යන්න නම් ලැබුනේ නෑ ඉතිං.
ඕවට සැලෙන කොල්ලෙක් නොවෙන නිසාත්, ජීවිතය දිනන්න ලොකු උවමනාවක් තියෙන නිසාත් මලයා රස්සාවල් පස්සේ ගියා. ඒ වගේම මෙයාගේ ලොකු හීනයක් තිබුණා රජයේ බැංකුවක රස්සාවක් කරන්න.
ඉතිං කොල්ලා අහුවෙන හැම වේකන්සියටම වගේ අයදුම්පත් දැම්මා.පොඩි ජොබ් කට්ටක් සෙට් උනත්,මනු එයාගේ හීනය නම් අමතක කලේ නෑ..ඔය අතරේ ලංකාවේ පිළිගත්ත රජයේ ලොකු බැංකුවකින් සම්මුඛ පරීක්ෂණයක් කැඳවල ලියුමක් ලැබුනේ මනුගේ හිත විතරක් නෙවෙයි, අපි හැමෝගෙමත් හිත් සතුටින් පුරවන ගමන්.
සෙට් එකේ හිත හොඳ, පිස්සුවේ අඩුවක් නැති එකා වීමත්, කාගෙත් ආදරය දිනාගැනීමත්, නිසා කස්ටියම බොහොම උනන්දුවෙන් වැඩේට සෙට් වෙලා, මේකව පුරුදු පුහුණු කලා. ගමනට ඕන කරන අඩුම කුඩුම සෙට් එකෙන්ම සපයල දුන්නු නිසා අපේ මිත්‍රයට තිබුනේ දෙයියනේ කියල ගිහිං වැඩේ ගොඩ දා ගැනීමක් තමයි.
කොහොමින් කොහොමින් හරි මනු ඉන්ටවීව් ගියා. සෙට් එක එදා කොල්ලා එනකල් මග බලං උන්නේ යන තැන වැඩ අනාගැනීමේ උපන් හැකියාවක් ඔහුට තිබුන නිසා.(නොසැලකිල්ල ත් හිත හොඳ කමත් නිසා )
ඉතින් කෝම හරි මුල් දවසේ වැඩේ ගොඩ. මනුවා එදා ගෙදර ආවෙත් හිස් අතින් නම් නෙවෙයි.අත්සන් කරන්න බැංකුවෙන් දීපු පෑනත් මෙයා සාක්කුවේ දාගෙන ඇවිත් තිබුණා.(සොරකම් කිරීමේ පවිටු චේතනාවෙන් නම් නෙවයි , අමතක වීමෙන් ) :D
ඔහොම කාලය ගතවෙලා දෙවැනි දවසෙත් ඉන්ටවීව් ගියා.හොඳම සිද්දිය උනෙත් එදා.
ඉතිං බැංකුවේ ඉහල කටයුතු නිලධාරීන් කීප දෙනෙක් මනුගේ කතාවේ ප්‍රසන්න භාවයට පැහැදිලා, CV එක එහෙම බලලා ඇහුවලු,
" සමිති සංගම් වල ඉඳල තියෙනවද? "කියල.
ඉතින් මේකා ගත් කටටම කිව්වලු "ඔව් " කියල.
ටිකකින් එතන ඉඳපු බඩ මහත තදයෙක් වගේ පෙනුන පොරක් මෙයාගෙන් ඇහුවලු
"කොළ කැඳ සමිති වලත් ඉඳල තියෙනවද? " කියල.
දැන් නම් අපේ එකා කොර උනා කියල දැනුනත්, ඒ වගක් පෙන්නන්නේ
නැතුව හෙන ලෝඩ් වගේ, පට්ට ප්‍රොෆෙෂනල් විදියට මෙහෙම උත්තර දුන්නලු.
"සර් මම එහෙම සමිතියක් ගැන නම් දැනුවත් නැහැ ."
ආයෙම අර බඩ මහත කෙනා හීනියට හිනාවෙලා ඇහුවලු
"මොන සමිති ගැනද පුතා දැනුවත් ?" කියල.
පුතා කියලත් කතා කරපු නිසා ,සුහද බව දැනුන නිසා ඉතිං මනුවා දන්න කියන සමිති සංගම් ගැන ලිස්ට් එකක් කියාගෙන ගිහිං ,
"ඒත් සර් කොළකැඳ සමිති ගැන නම් මං අද තමයි ඇහුවෙත් "කියල කිව්වලු.
ඉන්ටව් බෝඩ් එකේ සේරම මූණට මුණ බලන් එක හඩින් හිනාවෙද්දී නම් අපේ කොල්ලට ඒ .සී. එක ඇතුලෙත් දාඩිය දැම්මලු.පස්සෙ අර බඩ මහත මහත්මයා මැදිහත් වෙලා මෙහෙම කිව්වලු,
"පුතා මම ඇහුවේ කුළඟන සමිති ගැන මිසක් කොළකැඳ සමිති ගැන නෙවෙයි." කියල.
ඉතිං ඔය සිද්දිය සෙට් එකේ අයට ඇවිත් කිව්වම මනූට අත්වුන ඉරණම ගැන අමුතුවෙන් ලියන්න ඕන නැහැනෙ.ඒ වගේම අපිට කොළකැඳ එකක් බොන්න සෙට් උනොත් ඉතින් අපේ මිත්‍රයව අනිවාර්යෙන්ම මතක් වෙනව.කට්ටිය සෙට් එක ඉද්දි එහෙම අවස්තාවක් අවොත් ඉතිං ප්‍රසිද්ධියේ බයිට් කරන්න බැරි නම් කව්රු කව්රුත් මුනට මුණ බලල මනූ දිහාවට හීන් හිනාවකින් සංග්‍රහ කරන්න අපි අමතක කරන්නෙ නෑ.

ප.ලි . -: කොහොමහරි අපේ මිත්‍රයට ජොබ් එක හරි ගියා.අපේ සෙට් එක නම් කිව්වෙ ඉන්ටව් බෝඩ් එක හිනස්සල ජොබ ගොඩ දාගත්ත කියල. [නමුත් මනු ඇත්තටම දක්‍ෂ කොල්ලෙක් :) ]

Subscribe to:
Posts (Atom)