දෙවියොත් අම්මෙ ගුණ යහපත් කමට වඳී
තිබුනත් ගුණ සුවඳ මගෙ හදවතේ රැඳී
ඔබ ගැන මගෙ අතින් කවි ලියවුනා මදී
කවි කිවිඳියන් වැනුවත් කොතරම් සඳරූ
ඔබෙ වත තරම් සඳවත නෑ මට සොඳුරූ
ඇකයේ හොවාගෙන මා නැළවූ අයුරූ
මතකයි තවම ඒ නැළවිලි ගී මියුරූ
දෙගුරුන් ළඟ නොමැති අඩුවක් නැහැ දැනුනේ
සෙවණැල්ලක් විලසිනි මා ළඟ රැඳුනේ
දරු සෙනෙහසට මැදි වී ජය කොඩි බැඳුනේ
ඔබෙ පපුතුරෙහි සෙනෙහහස නිති රැළි නැගුනේ
මාගෙන් තොරවු ජීවිතයක් නුඹ නොපැතී
නූඹෙ ළය මඬල මා වෙනුවෙන් නිති ගැහුනී
පෙන්වා මග නොමග නිති දියුණුව විමසී
අම්මේ නිවන් යන්නට ඒ පිනම ඇතී!!
නිමන්තිකා ...
ප.ලි .මා අතහැර නුඹ ගොස් දැන් තෙඅව්රුද්දකි ..සත්තකින්ම නුඹ නමට මාතින්
ලියවුනේ කවි අතලොස්සකි.ඒ මන්ද නූඹේ ගුණ වැයීමට මට ස්වප්තකය මදි නිසාවෙනි .


