Showing posts with label කවි. Show all posts
Showing posts with label කවි. Show all posts

Thursday, September 17, 2015

ලොකුසාදු දන්නැති

වෙහර මළුවේ කෙළවරක ඉඳ 
තනිව තැවෙනා නා ගහක් ඇති 
හැමට සිසිලස බෙදන අතරතුර 
රකින රහසුත් ඉමක් නැතුවැති 

බෝධි මළුවේ ඉදලෙ ඇමදෙන 
බෝ පතුත් සාක්කියට එනු ඇති 
අම්ම නැති සෝකෙන් හඬන මං
නළවන්ට ලොකු සාදු දන්නැති 





ප:ලි: - මේක ටික දවසකට කලින් ලිව්වත් පළකරන්න පුළුවන් උනේ අද. කිසිවෙකුට හෝ කිසිවකට /කිසිදු ආගමකට මඩගැසීම පිණිස නොව මෙය හුදෙක් සංකල්පනාවකි.

නිමන්තිකා.


Tuesday, May 12, 2015

සීවලී යන්ත්‍රය

"සීවලී රුව තිබෙන ගෙයි නම් 
බතින් කිසිවිට නොවේ අඩුවක් "

මසැසින් දුටුවිට සීවලී හිමි රුව 
මනසට නැගුනේ පෙර ඒ කී බණ 
සත්‍යක්මද?
පසක් කරගන්නට සිතුනි මට 
නමුත් පෙනෙනා පරිදි නම් ,


පියෙකු දුක්වී හෙළු කඳුළැල් 
දෑත මත කහවණුව හැරුණේ 
ලැබුණු කහවණු ගෙදර වළඳේ
බතක් වී කුසගින්න නිවුණේ...

පියෙකු නැති කළ කාසි ලැබුවට 
මවක නැති කළ උයා පිහුවට
ගෙදර ඇති සීවලී හිමිසඳ 
කන්ට දුනිදැයි නොඒ මතකෙට 

පොළව මත පය තබා කදිමට 
වෙහෙස වී දිවි ගෙවන තරමට 
යසස් ලැබිලා කුසත් පිරිලා 
දිවිගෙවන්නට හැකිය සදහට 

දෑත බුද්ධිය
වෙහෙසා තම 
දිරිය ගෙන කල් ගෙවන තරමට 
ලොවේ ඇති නැති බෝ දනන් හට
හැකිය තම කුස පුරව ගන්නට 
ඇතත් නැතුවත් විරාජමානව 
බබලෙත් සීවලී රුව 
ගෙදර බිත මත 




 
 

Friday, March 27, 2015

"නෙළුම් යාය" ඔබ කල මෙහෙවර අගනා

සියපත අගක රැඳි මුතු පිනි බිඳු       සේම 
නෙතු අග රැඳුනි තුටු කඳුළැල් රැලි බෝම 
හමුවී දොඩා සොයුරන් මිතුදම්          රෑන 
මම සැනසුනා බ්ලොග් අඹරේදි මුළු   රෑම

පොඩි බස්සියෙක් ඇවිදින් මා වෙත   හනික 
නුඹ දිලිනිදැයි ඇසුවා හිනැහී              විගස  
දැනුනේ වෙන කිසිත් නොව නුඹ වත සේම
හරි ලස්සනයි හදවත සඳ තරු            සේම 

ඉවාන් මාතෙ කලණ මිතුරු ප්‍රා    දසයා
කරමින් විහිළු තහළුද සැම සිහි   කරලා 
මනා තත් වයා සැම කන්කළු      කරලා 
අපි තුටු උනේ සැමගේ දස්කම්   දැකලා

අතිනත පටලවා සුභ පතලා            දොඩලා 
උණුසුම් හාදුවක් දී දෙකොපුල    හැඩකරලා 
මේ මල් යාය විකසිත කරනට           බබලා 
"නෙළුම් යාය" ඔබ කල මෙහෙවර    අගනා 


Thursday, July 31, 2014

ඔබ ගැන මගෙ අතින් කවි ලියවුනා මදී ...

බෝසත් මව් ගුණය ඔබ ළඟ තිබුනි           රැඳී 
දෙවියොත් අම්මෙ ගුණ යහපත් කමට       වඳී
තිබුනත් ගුණ සුවඳ මගෙ හදවතේ             රැඳී 
ඔබ ගැන මගෙ අතින් කවි ලියවුනා           මදී 

කවි කිවිඳියන් වැනුවත් කොතරම්          සඳරූ 
ඔබෙ වත තරම් සඳවත නෑ මට           සොඳුරූ
ඇකයේ හොවාගෙන මා නැළවූ             අයුරූ 
මතකයි තවම ඒ නැළවිලි ගී                  මියුරූ 

දෙගුරුන් ළඟ නොමැති අඩුවක් නැහැ   දැනුනේ 
සෙවණැල්ලක් විලසිනි මා ළඟ              රැඳුනේ 
දරු සෙනෙහසට මැදි වී ජය කොඩි       බැඳුනේ 
ඔබෙ පපුතුරෙහි සෙනෙහහස නිති රැළි නැගුනේ 


මාගෙන් තොරවු ජීවිතයක් නුඹ      නොපැතී 
නූඹෙ ළය මඬල මා වෙනුවෙන් නිති  ගැහුනී 
පෙන්වා මග නොමග නිති දියුණුව       විමසී 
අම්මේ නිවන් යන්නට ඒ පිනම             ඇතී!! 


නිමන්තිකා ...

ප.ලි .මා අතහැර නුඹ ගොස් දැන් තෙඅව්රුද්දකි ..සත්තකින්ම නුඹ නමට මාතින් 
ලියවුනේ කවි අතලොස්සකි.ඒ මන්ද නූඹේ ගුණ වැයීමට මට ස්වප්තකය මදි නිසාවෙනි . 


Friday, July 18, 2014

නුඹට හැඟෙනා

මේ පෙනෙන සැහැල්ලුව ,නිදහස 
නුඹට හැගෙනා ...
මගෙන් දුරකට 
ඇදී ගොස් බව
නුඹ  දැනගෙන උන්නා නම් ...
කිසිදිනක නිදහසේ 
මා සේම දුරකට 
ඉගිලෙන්නට නොසිතෙයි 
නුඹට නම් ...
වැයෙන අත් තටු තාල නගමින් නොව 
වේදනාවට ගැහෙන පියාපත් 
මේ දරනුයේ 
නිවාගන්නටයි ගින්දර 
හදෙහි ඇවිලෙන 
අදට හෝ ..... 
නිමන්තිකා 

Sunday, July 6, 2014

එනු මැන....

ලස්සන සිහින රැයකදි සුදු සඳ                    ලෙසට 
නූඹ රුව පෙනෙයි මැවි මැවි යලි මගෙ         සිතට 
ඉස්සර වගේ ලංවීගෙන නුඹ                         ලඟට 
ආදරෙ කියන්නට තාමත් හිතෙයි                     මට

තරු මල් දියේ ගිලි ගිලි සඳ නැති                  දුකට
වැහි බිඳු වැටේ සීතල මල් පෙති                  මතට 
අමවක් රැයක නුඹ සුදු පුන්සඳ                  ලෙසට 
ඉස්සර දිනක ආලෝකය උනා                      මට 

නෙතුපිය පුරා ඉහිරී යන                     කඳුලකට 
සුසුමක් මුසුකරමි පරමල්                     සුවඳකට 
රහසක් කියා පාවෙන උඩු                  සුළඟකට 
නුඹ වෙත එවමි එනු මැන යලි             සිහිනයට 

                                                                 
නිමන්තිකා...

Sunday, June 29, 2014

ඇයි ඔබ මගෙ හිත අරගත්තේ??

 සඳ එලිය බිමට බැස කියන කතාවට 
මට නම් නිහඬව ඉන්න බැරී 
මිහිතලය වැළඳගෙන වියන රටාවට
ඔබ ආ යුතුමයි කොහොම හරී...

මල් පිපිලා මරුතයත් සුවඳයි 
පිනි හැලිලා මල් පෙති මත්තේ 
ආදරයේ රස රහස් කියනවා 
ඔබ විතරයි මගෙ ළඟ නැත්තේ 

විකසිත වන්නට පෙරුම් පිරූ මුත් 
මල් යුවලක් සේ එක ඉත්තේ 
දෙතැනක පිබිදී දෙඅතක යන්නට 
ඇයි ඔබ මගෙ හිත අරගත්තේ....


නිමන්තිකා 

Thursday, June 26, 2014

මගේ සීනය

වැට කඩොලු බිඳී නැති කඩුපුලක  සුවඳක් වෙලා 
ඉඳි කඩුල්ලෙනුත් පැන මා සොයා එන තුරා 
හඬ හඬා ඉකි බිඳින පාළු තුන් සිත පුරා 
නූඹේ සුවඳ වපුරමී ජීවිතේ ඇති තුරා 


සිහිනයක දැවටෙමින් සිහින මල් පිබිදුනි 
තෙපලු මුදු වදනකින් මගේ සිත ගොළු වුනී 
ජීවිතේ ළඟ මගේ නූඹේ හඬ රැව් දුනී 
සුදු කඩුපුලක් පිපී සිහිවටනයක් උනී 


නිමන්තිකා

Tuesday, June 17, 2014

මතක සුවඳක්

පුන් සඳ නැගෙන දිනකදී දොර ලඟට        වෙලා 
හිටියා නොවෙද මම ඔබ හට තුරුළු          වෙලා 
අද තනි වෙලා නෑ කව්රුත් සෙනෙහෙ      වෙලා 
තෙමෙනව දෙනෙත් ඔබෙ සුවඳක් මහද    වෙලා 

කෙලෙසද   කියන්නේ ඔබ අද නැහැ        කියලා 
ඇහෙනවා   වගේ දැනෙනව හඬ කන්         පුරලා 
මගේ බුදු අම්මෙ එදවස මෙන් පාර               බලා 
ඉන්නකො කඩුල්ලේ මම එන්නම්             දුවලා 

මා හට නොනිමි සෙනෙහස පුදකර             දීලා 
ඔබ හිනැහුනා නෙතු කඳුළැලි                පිසදාලා 
කාලය ගෙවී ලෝදම් ළඟ පරල                 වෙලා 
ඔබ නික්මුනා ඔබෙ හුරතලි                  හැරදාලා 


නිමන්තිකා 

Saturday, June 14, 2014

නුඹේ මතකය

පාළුව පිරුණු හැන්දෑවකඇටඹ       ගහේ 
උලමා කෑගසනු කුටියට හොඳට      ඇහේ 
පිටගං යන්න යනවලු උඹ ලබන       මහේ 
ඇසුයෙමි පුවත කඳුළක් ඇහැ බිමට   ඉහේ

නුඹ රුව නිතර මා දෙනුවන් අතර         එතී 
කොහොමද මකාලන්නේ මට පුදුම       හිතී 
නුඹේ කටහඬට හුරුවූ මගෙ සවන්      පෙතී 
වෙන කිසි හඬක් සමගින් එක් නොවනු ඇතී  

නිමන්තිකා 

Friday, June 13, 2014

නුඹටමයි ආදරේ...

සුදු සඳක් පායන්න වෙර දරන                 ආකහේ 
සඳ කඳුළු පිසින්නට කෙනෙකු නැත පෙර    වගේ
ඉස්සරමදවස් වල දුක කීව                    පෙම්හිතේ 
රන් හීන උදුරාගෙන සඳ සාවි              කොහිගියේ 

සුවඳ  මල් මතකයේ සඳ රේණු        අතීතේ 
කඳුළු  පිරි මතකයක් පමණි ඒ     වසන්තේ 
මාලතී නොපිපුනත් කඳුළු හද        විජිතයේ 
පුරහඳක් සිරි මුහුණ සිත පුරා ඇඳි      තියේ 

හිත රිදී දුක පිරී ගෙවෙන හැම             තත්පරේ 
නොරිදි හැඟුමක් නොවේ දුක විඳින තුන් හිතේ 
අවොතින් අයෙමත් කවද හෝ පෙර      ලෙසේ 
සත්තමයි එදාටත් ඔබටමයි                    ආදරේ......

 නිමන්තිකා 

"දිළිසෙන ඇස්" මේ ඔයාට ....

                                                     හිම පොකුරු මල් යායෙ සුදු සේද     ඇතිරිලා 
                                                     සීතලට ගුලි ගැහෙන රෝස පෙති     ඇහැරිලා 
                                                     හීනියට පිණි ඉහෙන අඳුරු රෑ          තනිවෙලා 
                                                     මගෙ සුසුම් ඈත යයි අනන්තෙට       පාවෙලා 

                                                              මේඝයට අත වනන වැහි ලිහිණි  පියඹලා 
                                                              කෝඩයට ඉඩ තියා මද සුළඟ   කැළඹිලා 
                                                              පාලුවට ගිය හිතේ මතක මල්     අහුලලා 
                                                              ආයෙමත් යනු හිතයි අතීතෙට    පාවෙලා 

                                                                            සයුරුතෙර ක්ෂිතිජ ඉම අනන්තෙන්      විමසලා 
                                                                            නින්දටත් නොදැනෙන්න හීනයක්      හැන්ගිලා 
                                                                            නුඹ ඇවිත් මගෙ ලඟට සෙනෙහසින් ලං  වෙලා 
                                                                            හුදකලා මගෙ හිතට මහ ගොඩක් පෙම්    කලා 



                                                  නිමන්තිකා 

Thursday, June 12, 2014

නැන්දම්මට

සුබ නැකතින් නව ලොවකට දොර   හැරුනා
පෙම්බර සිහින පෙර දින සිට සිත      මැවුනා
දෑඟිලි බැඳන් නුඹ නිවසට ගොඩ        වැදුනා
මට විතරක් නොවේ දුටුවෙමි නුඹටත් හැඩුනා

මගේ හිමි නුඹේ පුතු බව මම             පිලිගනිමි
මගේ මවු වැනිවූ නුඹ වෙනසක් නොදන්නෙමි
කඳුලින් පිරුණු නෙත කී තතු       හැඳින්නෙමි
කිසිදින නුඹගේ පුතු උදුරා         නොගන්නෙමි

පුරා හඳ මමයි පෑයූ ඔහු සෙනෙහෙ       ලොවේ
දිනකර නුඹයි නුඹ ළඟ ලෝකයම            මැවේ
සිත සුව සදන නුඹේ උකුලත රැඳුනු           සුවේ
සමකල නොහැක නුඹ අන් කිසිවෙකුට ලොවේ



දන්නෙමි මමත් මව් ගුණකඳ නැත        නිම්මා
වැදු දරු කැලට නිරතුරු පෑවේ            පෙම්මා
ලේලිගෙ ලකුණු මම නම් අහකට         දැම්මා
වෙයන් නුඹත් මට නැන්දෙක් නොව     අම්මා

          නිමන්තිකා  

Wednesday, June 11, 2014

සන්නාළී

ලොවටම කලින් අවදි වෙලා මැසිමට පණ පොවන්නී 
මල් ගෙත්තම් බීක්කු රැළි හැඩ දමලා             මසන්නී 
නේක වර්ණ නෙක සළුපිළි දුටු දන මන        බඳින්නී 
නුඹේ කඳුළද මුතු විලසින් ඔය තැන තැන    දිලෙන්නී 

සළුපිලි නිම වුවත් ඔය දෑතින්            නිතර 
ගත දැවටෙන්නේ එක මල් ගව්මකි    නිතර 
සබඳිනි ඔබේ හද ගැහෙනා          සත්සරය 
මැසිමද ලොවට පා කරනුයෙ       අඬහැරය 

හිරු සඳු තරු ඔබෙ තනිකම        මකන්නේ 
රසමසවුළු නොවෙද දරුවන්   සොයන්නේ 
හිමිසඳු නොමැති සොව පපුතුර   වසන්නේ 
මුව මත මුනිවතද නීති ජය           ලබන්නේ


නිමන්තිකා 

Tuesday, June 10, 2014

සිරගත සිතුවිලි

පාලොස්වක පොහොය පින් සිත පුබුදු කල
පේවුනි සීලයක් කෙටි කරනට           සසර 
දොහක් පුරාවට නොකිළිටි සිතින්         තද
රැකුණි ඉත සිතින් සිල්පද අට            නිතර 

හවහට පවාරණ විය පැළ වෙත      යන්න 
එනමුදු සිතුනි  නැවතත් වෙහෙරට  යන්න 
තම සෙවණැල්ල සේ හුන් මිත්තනි  සමග
පහන් පිදුනි ලෙළදෙන බෝ       සමිදුන්ට 

සිලි සිලියේ සෙලවෙන බෝ පත්        අතර 
තරු නෙතු හිනැහුනා ගත සිත එකළු  කොට 
මදහස නැවතුනා සිත් ඉම සසළ        කොට 
කුමරෙක් හිනැහුනා අසරණ සිතක්     ළඟ ...

කාරණාව නොහැගෙයි සිත සසළ       වුනේ 
නෑර කැටුව ආවා වගෙ සසර               දිගේ 
යෑම කෙලෙස නොහදුනනා විලස      අනේ 
යා වනු කෙලෙස අප අහසයි පොළව වගේ  


නිමන්තිකා 

කිරිලි වලප

                           දිවියම එපා වී මට කලකිරුණු          රැයේ 
                           උලමා ඉකිබිඳුම කුටියට හොඳට      ඇහේ 
                           මා සැක කරනවලු දෙවිඳුන් හද දෙවොලේ 
                           ඇසුවෙමි කටුක වදනින් හද රුහිරු පෙරේ 

                           ඔබ මා පුවත් තතු හඳුනයි හැමට            වඩා 
                           එපමණි මෙමා දන්නේ අසරණය         මෙමා 
                           දෙනෙතින් වැගිරෙනා උණු ලේ කඳුළු  මෙදා 
                           තතු හෙළිකරයි රැක ගත් ආලය රුහිරු   පුරා 

                           නොකලෙමි කිසිදු වරදක් ඔබ තලනු     නියා 
                           අදහනු බැරිය පෙම්බර සිත ඔබද           කියා 
                           මුවගින් තෙපලු රළු පාරෝස් වදන්        නිසා 
                           වෑහෙයි කඳුළු දෙනයන බැමි ඉවුරු       කඩා

                          සුනුවිසුණුය මා කැදැලෙහි සතුට              මෙදා 
                          වැළපෙයි කිරිල්ලී දුක වාවනු නොහෙනු   නිසා 
                          කෙලෙසද කුරිරු මෙතරම් මගෙ හිමි        සමිඳා 
                          පැණයකි පැලුණු හද පතුලේ තිබුනි            අරා 

                           ඉගිලී පියඹ ආවත් පෙර සෙනෙහෙ        පුදා 
                           ඇය සීතලය නිහඬය නිසසලය            මෙදා 
                           තුඩඟට තබා තුඩගින් කිතිකැවුව             මුදා 
                           ඇය සැතපෙයි නැත හැලහොල්මනක්  මෙදා 

                           ගලා ගියා නෙතගින් වැහි කඳුළු          ලෙසා 
                           අයැදියි සමාවක් නිසසල දේහයම         අරා 
                           අසනු මැනවි පෙම්බර හිමි සඳුනි          මෙදා 
                           පමා වුවද ඔබ නිවැරදි පෙමයි                සදා



                           නිමන්තිකා 

Sunday, June 8, 2014

අත්තම්මට කියන කවි






මැදියම් රැයේ සිහිලැල් සඳවතිය         මෙනී 
මගේ ලොව සැනහු හැටි ඇති මතකයේ රැඳී 
සැඟවී ගියත් අත්තම්මා මගෙන්             මිදී 
ඔබෙ ගුණ වයන්නට මට සප්තකය       මදී 

නිමක් නොමැති ලෙස පෑවේ මට  පෙම්මා 
අම්මෙක් උනා මගෙ ලෝකෙට අත්තම්මා 
සඳත් බැබළෙමින් දොරකඩ වෙත  එන්නා 
මගෙ හිත හඬයි යැද ඔබෙ උණුහුම නිම්මා 

මහමෙර තරම් දුක් කරදර පැමිණි    විට
හිස අතගගා නිරතුරු දුන්         සැනසීම 
ගිරිහිස වගේ සංවරකම             ඉවසීම 
යශෝදරා නුඹ අම්මේ මගේ     ලොවට 

කඳුළු කැවෙන මගෙ මේ  නෙතු යුග  දැකලා 
අත්තම්මේ එනවද ඉනි වැට               පැනලා 
සමන් වැලට උඩින් ඇවිත් ගෙට          එබිලා 
ඇවිදින් හිනැහෙන්න මගෙ හිස       අතගාලා 
                  නිමන්තිකා 

ඉල්ලුවෙ සිනහව දුන්නේ කඳුළක් 
වෙන දීගෙක ගොස් මා හඬවා ...
මල් නෙතු සිපගත් අප හමුවූ තැන් 
දුටුවේ මේ සඳ පමණි සදා.....

දෝතට සිත දී  දිව්රූ සැමවර
ප්‍රර්ථනා මල් සුවඳ දරා....
පව් පින් නොසිතුවෙ ඇයි යසසිරු ළඟ 
මගෙ හෙට මා හට අහිමි කලා...

මගේ හුස්ම පොද මගෙ පණ රන්කඳ 
හුරතල් බස් උඩු සුළගෙ ගියා....
රැයක් දවාලක් අදක් හෙටක් නැති 
හෙටක් මවෙත දී සුවඳ ගියා ....

                                                         

නිමන්තිකා

Saturday, June 7, 2014

පතන්නම් මතු භවෙක

වස්සාන සිහිනයට
 මුල් පුරන අවදියක
 හෙමින් එබිකම් කලත්
 ඔබ මගේ හදවතට
 පුදනු බෑ  සිත ඔබට
 දුක දැනෙයි තුන්සිතට
 පව්රු පදනම් වලට
 බයයි මගේ පුංචි සිත
 සොඳුරු ඔබේ සිනා හඬ
 දයාබර වදන් පෙළ 
හුරුයි මගෙ සිත් මලට
 පෙර භවෙක විඳි ලෙසට
 වෙර නොකරන් මෙමට
 ආදරෙයි මම ඔබට
 හිමි නැතත් ඔබ මෙමට
 පතන්නම් මතු හවෙක...... 


නිමන්තිකා 

Friday, June 6, 2014

කව්රුද මට මා අහිමි කලේ ????

     හිමින් සීරුවේ මනියෙන් නොමිදුනු
සිනිඳු පියාපත් කුමුදු මලේ...... 
  සහස් ගව් දුරක් ඇවිද ඇවිත් නැත
දිවියම ලපටියි තවම සිතේ...... 
                          

      මනියෙන් මුක්තව සිනහ සලන විට
කව්රුද වනනා දෑත දිගේ.........
           පෙම් කඳ අරගෙන ඇයි දැයි නොදනිමි
         සළු එලු  යහනේ නෙතු වැසුනේ.......


වැව් තාවුල්ලට වැටී ඉපිර මල් 
රැයක් පහන් වන හෝරාවේ....
    ඔබට දයාබර නෙළුම් පතක් මත 
        පිණි  බිඳු වැකුණයි සිහින් සැරේ.... 



   ගත රස සොයමින් සිත දිවගෙන 
          පින්මද සෙනෙහස ලැබුනු වෙලේ..... 
හදාගන්න හිතකියාදෙන්න මට
කව්රුද මට මා අහිමි කලේ.....

නිමන්තිකා