Showing posts with label කවිද මන්දා. Show all posts
Showing posts with label කවිද මන්දා. Show all posts

Tuesday, July 21, 2015

මිත නුඹට ලියා දන්වන වග නම්

මිත නුඹට ලියා දන්වන වග නම්...
කටු කොහොල් මැදින් 
ගෙවූ 
ගිම්හානයද සුන්දරය 

කළල් විකසිතව මැවූ 
පාවඩ වුව රන් හීනමය

ඉදින් නොපවසාම බැරිය 
නුඹ යමක් දිනූ වග 

හුරුබුහුටිව එන 
වසන්ත පැහැබර
"අභිමන්" වුව 
පෙණ බුබුලන බව   

සිහියෙන් අවදිව පාතබනා සඳ 
වැළහෙන්නට නොව 
පසිඳන්නට ඇති 
මැවුම් කෝටියකි 
නුඹ පා අභියස...!                         

ප.ලි.-: දිළිසෙන ඇස් දෙකක් දහසකුත් අභියෝග හමුවේ දිනාගත් ජයග්‍රහණයට සව්දිය පිරීම නිමිත්තෙනි.  

Friday, July 10, 2015

මටත් ආසයි තනිවෙන්න...

හුදකලාව මා දුටු හොඳම කලාවයි.
මන්ද මට මා පිලිබඳ මෙන්ම 
අවට ලෝකය පිළිබඳවද මගහැරුණු 
සියළු කරුණු කාරනා සිහිපත්වන නිසාවෙනි.

ඉතිං මටත් ආසයි තනි වෙන්න 
පාළු අඳුරු කුටියක හුස්මකටත් රහසින්ම 
ඔබේ නෙත් කිරණ මවා රස විඳින්නට 
කිසිවෙකුගේ බැළුම් පහරකට වත් යටත්  නොවී 
ඔබ හා සිහින ගඟුලක කිමිදෙන්න..
වස්සානය අභිමුව ගිමන්කලක විඳින 
කටුක දුක්බර සිතැඟි මුමුණන්න..

පැරණි රතු වයින් තොල් පහසකට නතුව
පාළු කාන්සියට ඔච්චම් කරන්නට 
අවට ලෝකය සමඟ මුහුවුණ 
සියළු පීඩන මුදාහරිනට 

සිහින හොරෙක් ලෙස නුඹ සපැමිණි කල
සිහින සිත්තම් වැළඳ ගන්නට 
හැරවුමක් නැති ඇරඹුමක් තුල 
ගිලී කිමිදී සිහින දකිනට 
මටම ඉපදුන මට අහිමි උන
පෙමක් පිලිබඳ තැවුල් පිසිනට....

ඉතින් ආසයි මටත් ආයෙම 
හුදකලාවේ සුව විඳින්නට...

නිමන්තිකා 


Monday, May 25, 2015

එනු පියඹලා තටු සලා විගසින

හීන මුහුවුණ හීන් හුළඟක 
කැලතිලා උණුහුම් සුසුම් ස්වර 
මල්වර වෙලා පැතුමන් පෙමින් හද
ඉමි කිමිදිලා සැනහී මෙමා අද 

නිල් ඉහිරිලා ආකාසෙ පුරාවට 
උණුහුම් වෙලා මත්වී ලවන් යුග 
අඩවන් වෙවී නෙත් හිනැහෙනා සඳ 
ඉඳිනුයෙ කෙලෙස සඟවා රහස් ගඟ 

එනු පියඹලා තටු සලා විගසින 
ඉමි මග බලා මගෙ සිහින හැඩකර
සිත ඉකිගසා වැළපෙනා හැම වර
දෙනු නුඹේ නුරා ආසිරි සුසුම් මැද  
  

Friday, November 28, 2014

ෆිල් හියුස්

බොඳව ගිය තිතක්ව 
මහත් මීදුමක් තුළ 
තණ නිල්ල බැලූ බැලූ අත පෙනෙයි 
ලං වෙන්න බැරි උනත්
සිත පිනෙයි... 

නිහඬ කුටියක් ලෙසට 
නුහුරු නුපුරුදු කමක් 
සීරුවට පිත්ත වට ගැට ගැසෙයි 
රිදී දැල්ලක් වගේ 
යළි මැවෙයි...අවදි වෙයි...

ශෝක ගී තෙත නුවන් 
ඇසෙන නෑසෙන වදන්  
හැම අතම කඩිමුඩියෙ ඇස ගැටෙයි 
නොතැවෙන්න යලි සුහද,... වැළපෙන්නේ කුමකටද?
පන්දුවෙහි මිස වරද නුඹේ නොවෙයි.... 



Wednesday, October 1, 2014

කමටහන

මෝඩ ඇල ළඟ ඇසතු බෝ රුක 
විජිනිපත් දහසක් සලාගෙන
සෙත් පිරිත් විසිකරයි සුළඟට 
සෙත් පතා දුක් විඳින නුවරට 

වර්ණ ටොපි චොකලට් කොළ සිඹින 
ප්ලාස්ටික් පොලිතීන් ලෙවකන 
තෙල් මන්ඩි කළු මඩ මිදී ගිය 
උදම් රළ දැක උදම් වෙන ඇළ 


මැද පන්තියේ හදවතක් මෙන්  
පිම්බෙමින් නලියන මෝඩ ඇළ 


ඉරේ ගිනි අඟුරක් වැටෙන විට 
තම හිසට තම පොත පමණමය 
බියේ සිලි සිලි බෑග පතුලින් 
සිහින කැබලිව බිම වැටෙන සඳ 
උණු තාර කකියයි පතුල් යට 
මේ දෙපා සෝඩි ටිකිරිද ?

ඇදුනු මරුවැල පැකිල බිම හුන 
විසුල එළවලු අතින් අහුලන 
මහළු මවකගෙ පයට පෑගෙන 
බිඳුණු විදුරු කැබලි දිළිසෙන 

බලු වසුරු රන් පයින් පාගන 
සෙමෙන් බොළඳව පෙම උරා බොන 
පෙම්වතුන් මන නුවණ කවි කල 
චිත්‍රපට දැන්වීම් පුවරුව 

ධූලි වැකි ලොතරැයි පතක් උඩ 
කඳුළු බිඳුවක් දිලිසෙමින් ඇත 
වාශ්පව අහසට නගින්නට 
ලඟා වනතුරු තාපාංකය 

නුවර දොර මග සෙනග ගැවසෙන - මෙ කවි කැබලි හමු වීය මෙමට 
නොවැටහෙයි ඉන් කවි තනන්නට - එකින් එක අමුණා හුයෙන් හුය 
තබා යමි එය ඇසතු රුක මුල - නොසැලකිල්ලට නොපෑගෙන්නට

සුදුසු ලෙස පහදනා සිතැතිව - දිනක පැමිණෙන බෝසතකු හට       

Wednesday, September 17, 2014

කැහිකූරු ආලය

කැහිකුරකට  වගේ 
නුඹ මාව සැලකුවේ 
ලස්සනට ලඟට ගෙන 
තදින් පෙම උරා බී 
මන්මත්ව...,
සෙමෙන් 
වාතලයට මුදා, දුම...
නමුදු ශේෂ වී ඇත 
නුඹෙන් මා පැතු 
සැනසීම,
අළු අංශු මාත්‍ර ලෙස....


නිමන්තිකා
  

Monday, September 1, 2014

අඳුර අතපත ගාන මුත් මම ඉවසමි, දෙනයනින් දිලිසී....


දරා ගනු නොහැකී 
ඝනඳුර, කෑලි කැපිය හැකි වී 
       අඳුර අතපත ගාන මුත් මම 
           ඉවසමි, දෙනයනින් දිලිසී....
                                           
                               
                         නැගෙන මුත් හදෙහී
                                 සුසුමන්, උරණ හද  කැළඹී..
                                     කිම් කරම් මම 
                                             යලිදු ,යලිනෙදු ඉවසනා                                                        යෙහෙකී ...


                              දිනක පෙරඹරෙහී... 
                     අරුණළු, කැරළි එයි දිළිහී 
                                         මහද සන්තානයේ                                                                     කුමරුණි,
                                              වඩිනු මැන සැරසී...  
   
                        







  නිමන්තිකා..

Friday, July 25, 2014

හංස පොහොට්ටු..

"සංකිර්ණ රළු වැඩි "යයි කරමින් හෙට්ටූ 
කොයි කව්රුත් පැදයති ජීවිතේ බෝට්ටූ 
අඩ නිරුවත් උව,නොවුවත් ෆැෂන් පෙරට්ටූ 
අහම්බෙන් වගේ දුටුවෙමි ඇගෙ හංස පොහොට්ටූ 


නිමන්තිකා