වෙහර මළුවේ කෙළවරක ඉඳ
තනිව තැවෙනා නා ගහක් ඇති
හැමට සිසිලස බෙදන අතරතුර
රකින රහසුත් ඉමක් නැතුවැති
බෝධි මළුවේ ඉදලෙ ඇමදෙන
බෝ පතුත් සාක්කියට එනු ඇති
අම්ම නැති සෝකෙන් හඬන මං
නළවන්ට ලොකු සාදු දන්නැති

ප:ලි: - මේක ටික දවසකට කලින් ලිව්වත් පළකරන්න පුළුවන් උනේ අද. කිසිවෙකුට හෝ කිසිවකට /කිසිදු ආගමකට මඩගැසීම පිණිස නොව මෙය හුදෙක් සංකල්පනාවකි.
නිමන්තිකා.
මේක බාල අපරාධයක්.. බය නැතුව කියන්නම වෙනවා.. :/
ReplyDeleteකවි සංකල්පනාව මනා සංයමයකින් ඉදිරිපත් කරලා තියෙනවා.. මටනම් එහෙම ලියන්න බැරිවෙයි :)
ස්තුතියි කමී... මමත් හුඟාක් වේදනාවෙන් ලිව්වෙ.
Deleteමේ ගැන නීති සම්පාන්දය කරන්න වෙනවා මිනිස්සුන්ගේ ආවේග ගැන නොසලකා , කවිය බොහොම සුගම විදිහට ගලාගෙන යනවා දිලිනි
ReplyDeleteස්තුතියි ඉවාන් අයියේ. :)
DeleteGood
ReplyDeleteoh Thanks
Deleteමේක අමානුෂිකයි. මේක ගබ්සාවක් තරම් අමානුෂිකයි.
ReplyDeleteහ්ම්ම්.......
Deleteමොකද බකමූණියෙ...?
Deleteමෙතනදි මධ්‍යස්ථව යමක් සදහන් කරන්න වෙන්නේ.පොඩි දරැවන් සසුන් ගත කිරිම වැඩි වුනේ පසුකාලිනව.1505 න් පස්සේ යටත් විජිත යුගයේදි සිදුවුන නොයෙක් ප්‍රශ්න නිසා වෙහෙර විහාර වැසුනා වැනසුනා.භික්ෂුන්ට දානය නොලැබෙන තත්වයක් උදාවුනා.මහ තෙරවරැ මෙවා ආරක්ෂා කරගන්න නොයෙකුත් උත්සහ දැරැවා උපක්‍රම යෙදුවා.දරැවන් සසුන් ගත කලෙත් එක් පිලියමක් ලෙසට.පිංවාක්ය එහෙම නිර්මානය වුනෙත් ඔය වකවානු වලදි.එතනින් පස්සේ පෙර පැවැති සමිප්රදායන් ටිකින් ටික වෙනස් වුනා.ඒත් ලොකු සාසනික අර්බුධ තිබුනේ නැ.නමුත් පසුකාලිනව තත්වය වෙනස් වුනා.කුල මල බෙදයට මුල් තැන ලැබුනා.ධනවත් විශාල දේපල වලට පෞද්ගලික උරැමකමි කියන භික්ෂු පිරිසක් බිහිවුනා,වංශවත් කියන නිකායවල පන්සල් වල හිමිවරැන් තමන්ගේ දේපල අයිතිකරැවන් විදියට තමන්ගේම පවුල් වල දරැවන් පැවිදි කරා.අපි වර්ථමානය බැලුවොත් කැමත්තෙන් පැවිදි වුන දරැවොත් නැතිව නෙවෙයි.නමුත් එහෙම කරන්නේ ආශාවට මිසක් අවබෝධයෙන් නොවෙයිනේ.ඒ නිසා තරැණ වයසට එනකොට හැගිමි දැනීමි ආකල්ප වෙනස් වෙනකොට ඒ අය සිවුරෙන් ඉවත් වෙනවා.ඒ අතරේ ආර්ථික අපහසුකමි වලින් පෙලෙන සමහර දෙමාපියන් ඒයට විසදුමක් ලෙස දරැවෝ සසුන් ගත කරලා ඔවුන්ගෙන් ජීවත් වෙනවා.ඉතින් මෙ වගේ බොහො පැතිකඩ තියනවා.කනගාටුවට කරැන මෙ දරැවන්ගේ ළමා සංවර්ධන අවිධිය ගෙවෙන්නේ ගැටලු මැද්දේ.ඒ වයසේදි දරැවකුගේ කායික මානසික නිරෝගි බව සදහා හේතු වන පරිසරයක නෙවෙයි මෙ දරැවන්ගේ ජීවිත ගෙවෙන්නේ.මෙ දරැවො යොවුන් වයසටත් ඉන්පසු අවධියටත් පිවිසෙන කොට යමි යමි ඌනතා ඔවුන් තුල ඇති වෙනවා.කෙනෙක් අහන්න පුලුවන් බුදුන් වහන්සෙත් පොඩි දරැවෝ පැවිදි කලේ කියන කාරනාව.ප්‍රඥාවෙන් පරිපුර්ණ බුදුන් වහන්සේ කල සිදුකල යුතු සියල්ල වඩාත් නිවරදිව සිදුකලා කිසිදු ගැටලුවක් ඇති නොවෙන්න.උන්වහන්සේ පැවැදිකල ඒ හැමෝම රහතන් වහන්සේලා උනා මිසක් ඔවුන්ට කිසිම අගතියක් වුනේ නැ.
ReplyDeleteමෙ ටික බොහෝම කෙටියෙන් කියන්න ගියේ ඒත් ටිකක් දිග වැඩි වෙලා වගේ
මගේ අදහස කීවට කවිය අගය කරන්න බැරි උනා.
Deleteඅම්ම නැති සෝකෙන් හඬන මං
නළවන්ට ලොකු සාදු දන්නැති
කෙටි වචන ටිකකින් ලමා ලෝකයේ බලාපොරොත්තු ගැන ඔයා කියලා තියනවා.පුංචි හාමුදුරැවන්ට ඒ ලෝකය නැති වෙලා.
ස්තුතියි මනෝ මන්දිර. දීර්ඝ කොමෙන්ටුවක් කෙටීමට කාලය වැය කිරීමම වටිනවා. සාදරයෙන් මේ පැත්තට පිළිගන්න ගමන්ම වටිනා අදහස් දැක්වීමට නැවතත් ස්තූතිවන්ත වෙනවා..
Deleteහරි අගෙයි නගේ
ReplyDeleteස්තුතියි අක්කේ.
Deleteමේ දිනවල කතාබහට, විවාදයට ලක්වෙච්ච මාතෘකාවක්. හොඳ නිර්මාණයක් දිලිනි
ReplyDeleteබොහොම ස්තුතියි ඩුඩ් මහත්මයා :)
Deleteකවියෙන් කියන්න ඕන දේ සරළව කියවෙලා තියෙනවා.. අපි බෞද්ධයෝ උනත් තේරුම් ගන්න ඕන ඔච්චර පොඩි වයසකදි ළමයි අකමැත්තෙන් සසුනට දෙන්න හොද නෑ.. ඒකට හොදම උදාහරණයක් තමයි මේක..
ReplyDeleteඔව් දිනේෂ් අයියේ මගෙත් පුද්ගලික මතය ඕකයි.
Deleteඅනේ පව් පොඩි එකා
ReplyDeleteඔව් අජී අයියේ මටත් හුගක් දුක හිතුනා.
Deleteලස්සනයි කවි කතාව... ඒ වගේම ඇත්තටම ටිකක් සෝචනීය පැතිකඩක්.. මොකද අම්ම තාත්ත නැති ශෝකය විතරක් නෙවි ටිකක් වැඩුමල් හාංදුරුවන්නෙ ලිංගික අතවර වලට පවා ලක්වෙන අවස්ථා බහුලයි.. නොතේරුම් කමටත් වඩා ලැජ්ජාවට ඊටත් ශාසනේ ගැන ආදරේට හෝ එවන් හේතුවකට මේව එළියට එනව අඩුයි...
ReplyDeleteබොක්කටම දැනුන බං... ජයවේවා
ස්තුතියි මහී ජයවේවා !
Deleteලස්සනයි....... නමුත් සමහර ලොකු හාමුදුරුවෝ ඉන්නවා තමන්ගෙම දරුවේ වගේ ආදරෙන් පොඩි හාමුදුරුවන්ව බලා ගන්න........... හැබැයිි ඉකින් එහෙමයි කියලා අකමැත්තෙන් පැවිදි කරන එක හරිය කියලා කියන්නත් බෑ. මනෝගෙ අදහසත් ඇත්ත.......
ReplyDeleteඔව් ආර්යන් හැමදේම දෙපැත්තක් තියෙනවනේ...
Deleteමට මතක විදිහට අදයි මේ පැත්තට ආවෙ. නියමෙට ලියවිලා තියෙන කවියක් නමුත් සිදුවිය යුතු නැති සිදුවීමක්. ඔයා සංවේදී විදිහටම ලියලා. සුපිරියි.
ReplyDeleteසාදරයෙන් පිළිගන්නවා දිලාගේ ලෝකයට. ස්තුතියි. දිගටම රැඳෙමුකෝ. :)
Deleteහොඳ කවි ටිකක්. සංවාදයක් උනත් ඇති කරගන්න පුළුවන්. ලස්සනයි.
ReplyDeleteජය වේවා!!!
මොකද මේ පරක්කු වෙලා...? :) මනත් බිසී වෙලා වගේ . ස්තුතියි හොඳේ...
Deleteමහත් රත් පෑ සිවුර මත කඳුළු බිඳු දෙක තුනක් වුව ඇති
ReplyDeleteඊට වැඩියෙන් අම්මා ගැන මතකයන් එහි දියවෙලා ඇති
ලස්සනයි දිලෝ...
රහස් රකින නා ගහක් ගැන මමත් කවියක් ලීව මතකයි...
ඔව් මට මතකයි. පිළිතුරු කවිපද සංවේදියි. ස්තුතියි බෝම :)
Deleteපව්, දුකයි , කවිය වේදනාවක් ගෙන දෙන එකක්.
ReplyDeletehttp://nelumyaya.com/?p=4306
ReplyDeleteස්තුතියි අජී අයියේ
Deleteහරිම ලස්සනයි දිලා කයිය.............. සුපර්
ReplyDeleteබොහොම ස්තුතියි පවුරේ
Deleteඅවාසනාවට ඇත්ත කතාවක්.. :-( :-(ලොකු දෙයක් ගොඩක් ලස්සනට ලියලා තියෙනවා... :-) :-)
ReplyDeleteඅවාසනාවට ඇත්ත කතාවක්.. :-( :-(ලොකු දෙයක් ගොඩක් ලස්සනට ලියලා තියෙනවා... :-) :-)
ReplyDelete