Saturday, August 23, 2014

තරහව සහ ටිප් ස්විචය


ඔයාගෙ තරහවත්
හරියටම
අකුණු සැර වගේ..
පළාතක් දෙදරවන,ප්‍රචණ්ඩ
විනාසකාරී...

ඒ අබියස මගෙ
මුවත්


හරියටම
ටිප් ස්විචයක් වගේ
කාගෙ කාගෙත් යහපත
තකාම
පහතට නැඹුරු වන...






නිමන්තිකා


22 comments:

  1. ටිප් සුයිච් එක පහලට නැමෙන එක ලේසියි නේ..නැත්තං හදිිසියකදි කේස් වෙන්න පුලුවන් නේ..

    ReplyDelete
    Replies
    1. ඒකනේ...අනික එහෙම වෙන්නෙත් කාගෙත් හොඳටනේ...

      Delete
  2. ට්‍රිප් ස්විච් එක ආපහු උඩට දාන්න වෙනවනේ ... ඒ වුනාට .... යහපතට පහලට වැටුනට , කවුරුත් එක යහපතට වුනා කියලා හිට්නාන්නේ නැති හැටි.. තරහෙන ගිහන් ආපහුඋඩට දානවා

    ReplyDelete
    Replies
    1. සිරාවට බං.! හිටපු ගමන් මට නම් ඔය වෙලේට ගේ වයරිං කරපු එකාවත් ආදරෙන් මතක් වෙනවා :)

      Delete
    2. ඒකනේ ඉතිං ගොඩක් වෙලාවට අපි ඉල්ලගෙන කන්නම දඟලනවනේ :D D
      ගොඩක් වෙලාවට වෙන්නේ ඕක තමා ඉවාන් අයියේ

      Delete
    3. ප්‍රියා අයිය කිව්ව වගේම මටත් ඔය ගේ වයරිං කරපු කෙනාව මතක් වෙච්චි වෙලාවක තමා මේ
      සිද්දිය මෙහෙම ගැලපිල්ලකට සෙට් උනේ ;D

      Delete
  3. මම කල්පනා කරන්නෙ අකුණක් නොවී ටිප් ස්විච් එකක් වෙන්නමයි! ඒත් කොහෙද ඉතිං……… :D :D

    අදහස මරු!

    ReplyDelete
    Replies
    1. ට්‍රයි කලොත් බැරිවෙන එකකුත් නෑ... එත් ඉතිං හිත් බිඳීම් නම් අවම වෙයි..
      අකුණු වලට පස්සෙ වැස්සක් වැටෙනව වගේ අනිත් පාර්ශවයත් ප්‍රතිචාර දක්වයි :)
      ස්තූතියි ප්‍රියා අයියේ..

      Delete
  4. මගෙ තරහවට හරියන්න
    ටිප් ස්විච් එකක් නොව
    මට ලැබුණෙ
    පුුරද්දි පුපුරණ
    ගිණිකන්දක්...
    ඉදින් මම නිශ්ක්‍රීය වුණා...
    ඇ යන්න ගියා
    පුපුරලාම මට හැති දැං...


    පට්ට අයිඩියාව දිලිනි යො...
    ලස්සනයි

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් තේරුනා මහී... ;(
      හොඳම වර්ගයේ ටිප් ස්විච් එකක් ගෙනත් ගෙදර වයරිං කරගන්න. එතකොට විශ්වාසෙන් ඉන්න පුලුවන් වෙයි. අදාල අවස්ථාවන්ට අනුව
      පහලට වැටිලා හැමදේම ආරක්ෂා කරල දෙන නිසා. ;)))))

      Delete
  5. හරිම නිර්මාණාත්මකයි...නියම උදාහරණය...සමහර ගෙවල් වල ඉතින් ට්‍රිප් ස්විච් එක තියෙන්නෙ පාතට වැටිච්චි ගමන්ම හින්දා තමයි කේස් එක...ආයෙ උස්සන්නම වෙලාවක් නෑ...එසැනින් පහත...නැද්ද දිලිනි....කොහොම වුණත් නිර්මාණ අදහස පට්ටයි...

    ReplyDelete
    Replies
    1. පවුරේ අයටත් මේ ගැන අත්දැකීම් බහුලයි වගේ...
      එත් ඉතිං ටිප් ස්විච් එකටත් එසැණින් පහතට වැටීම අමතක උනොත් නම් සොරිම තමා.. පිච්චිලා අළු වෙලාම යයි.
      ස්තූතියි පවුරට!

      Delete
  6. ගැනු නම් ටිප් swich ම තමයි..... නැත්නම් විනාසයිනේ.....

    ලස්සනට ලියල තියනවා.... බබෝ....

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නෙ.. ස්තූතියි නිහිංසා

      Delete
  7. ඒක හොදයි පහළට වෙලාම ඉන්න එක.. එතකොට ප්‍රශ්ණ අඩුයි.. සතුට වැඩියි..

    ReplyDelete
  8. අපුරුයි, වැඩි ලෝඩ් එකට ඔරොත්තු දෙන්න පුළුවන් වෙන එකනං සෑහෙන්න හොඳයි.

    ReplyDelete
  9. Replies
    1. ස්තූතියි සෑම්..සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට :)

      Delete
  10. මරු අදහසක් දිලිනි ...

    ReplyDelete
    Replies
    1. බෝම ස්තූතියි ළිහිණි

      Delete
  11. අකුනු ගහන කොට ,ටිප් ස්විචයක් වෙලා පහතට නැමුනට කමක් නැ
    හැබයි අකුනු ගහලා ඉවර උනාම ආයෙත් ඉහලට එන ටිප් ස්විචයක් වෙන්න
    එහෙම ටිප් ස්විචයක් මම දන්න තරමින්නම් නෑ අක්කේ.........
    ඒක නිසා අක්කා එහෙම එකක් වෙන්නකෝ......... :D

    ReplyDelete