Wednesday, October 1, 2014

කමටහන

මෝඩ ඇල ළඟ ඇසතු බෝ රුක 
විජිනිපත් දහසක් සලාගෙන
සෙත් පිරිත් විසිකරයි සුළඟට 
සෙත් පතා දුක් විඳින නුවරට 

වර්ණ ටොපි චොකලට් කොළ සිඹින 
ප්ලාස්ටික් පොලිතීන් ලෙවකන 
තෙල් මන්ඩි කළු මඩ මිදී ගිය 
උදම් රළ දැක උදම් වෙන ඇළ 


මැද පන්තියේ හදවතක් මෙන්  
පිම්බෙමින් නලියන මෝඩ ඇළ 


ඉරේ ගිනි අඟුරක් වැටෙන විට 
තම හිසට තම පොත පමණමය 
බියේ සිලි සිලි බෑග පතුලින් 
සිහින කැබලිව බිම වැටෙන සඳ 
උණු තාර කකියයි පතුල් යට 
මේ දෙපා සෝඩි ටිකිරිද ?

ඇදුනු මරුවැල පැකිල බිම හුන 
විසුල එළවලු අතින් අහුලන 
මහළු මවකගෙ පයට පෑගෙන 
බිඳුණු විදුරු කැබලි දිළිසෙන 

බලු වසුරු රන් පයින් පාගන 
සෙමෙන් බොළඳව පෙම උරා බොන 
පෙම්වතුන් මන නුවණ කවි කල 
චිත්‍රපට දැන්වීම් පුවරුව 

ධූලි වැකි ලොතරැයි පතක් උඩ 
කඳුළු බිඳුවක් දිලිසෙමින් ඇත 
වාශ්පව අහසට නගින්නට 
ලඟා වනතුරු තාපාංකය 

නුවර දොර මග සෙනග ගැවසෙන - මෙ කවි කැබලි හමු වීය මෙමට 
නොවැටහෙයි ඉන් කවි තනන්නට - එකින් එක අමුණා හුයෙන් හුය 
තබා යමි එය ඇසතු රුක මුල - නොසැලකිල්ලට නොපෑගෙන්නට

සුදුසු ලෙස පහදනා සිතැතිව - දිනක පැමිණෙන බෝසතකු හට       

34 comments:

  1. කස්ටිය දැන් තරඟෙට කවි ලියනවනේ.. හොදා හොඳා..

    ReplyDelete
  2. ලස්සන ඇස් කිව්වෙ නැද්ද වාශ්ප වෙන්න තාපාංකය වෙනකල් ඉන්න ඕන නෑ කියලා?

    ReplyDelete
    Replies
    1. නැහැනෙ නමිල් පොඩ්ඩක් අහල කියනවද?? ;)

      Delete
  3. කවියෙන් ලියවුනු කතා ගොඩක්. හොඳ නිර්මාණයක්. //ඇදුනු මරුවැල පැකිල බිම හුන // මෙතන පැකිල ද නැත්නම් පැටලි ද ?

    ReplyDelete
    Replies
    1. //ඇදුනු මරුවැල පැකිල බිම හුන // තමා.
      බොහොමත්ම ස්තූතියි ! :)

      Delete
  4. පෙර නිමිති සිව් නොවේද සිව් අත
    බැලු බැලූ කල නුව නෙතට නොගැටෙන
    කලකිරින්නේ කවුරුන්ද මේ දැක
    බලන් කෝඳුරු වසුරු පිඩ මත

    හීන අහුලන අකුරු අතරේ
    බලන් හිස්පිටු සරණ නගරේ
    කමටහන් තව මොටද මිතුරේ
    නිවන ඇත අපි අපිම අතරේ

    ReplyDelete
    Replies
    1. නිවන ඇති මුත් අපම අතරේ
      එහැර යන්නෙත් අපය මිතුරේ
      සැවොම එක් වී මිතුරු රසයේ
      අරුත විඳගමු නොතිර සසරේ

      ස්තුතියි සොමියා

      Delete
  5. Replies
    1. ස්තුතියි ප්‍රියා අයියේ හැමදාමත් මේ කරන දිරිගැන්වීමට.

      Delete
  6. මෙවන් වටිනා සිතුම් කවියෙන්
    ගොතන්නට නම් මෙන්න හපනි
    ඔබේ කවිකම් මවයි සිතුවම්
    හිතේ සිව්කොන රැව්දිදී...

    උපන් දා සිට සිතේ හැංගුණු
    සොඳුරු අදහස් දෙන අපූරුව
    සහස් කල් ඔබෙ කවි රසෙන් අප
    සනසවනු මැන නංගියෝ...

    ReplyDelete
    Replies
    1. ලොවෙන් උකහා ගනිපු දේවල්
      සැබෑ දිවියෙදි විඳපු දේවල්
      එකී මෙකි නොකි එහැම දේවල්
      කියමි කවි ලෙස නොකර කේවල්

      නිතර මෙහි විත් ගෙනෙන පැසසුම්
      නිති නිතිත් දිරි ලබයි සිත තුන්
      සනසවන්නට සැවොම සුවකල්
      අයියන්ඩි මම ලියමි කවි වැල්

      බෝම ස්තුතියි පවුරේ...

      Delete
  7. දීගටම ලියන්න.. මිනිස්සුන්ට සංවේදිව දැනෙන්න ලියන්න...

    ReplyDelete
    Replies
    1. හාකෝ අමිල බෝම ස්තුතියි හොඳේ... :)

      Delete
  8. උදම් රළ??

    අවුලක් නෑ මේ මැණිකෙට කවි ලියන්න පුළුවන්...

    ReplyDelete
    Replies
    1. බෝම ස්තුතියි දේශා :D

      Delete
  9. නිමා හොඳ කවි කාරියක්නේ .. ගජමන් නෝනගේ පළාතේම නේද? නියමයි .

    ReplyDelete
    Replies
    1. බෝම ස්තුතියි ඉවාන් අයියේ.ඔව් අපිත් ගාලු පුරවරයේ තමයි :)

      Delete
    2. හපොයි ඉවරයි.. ගජවිමන් හිටියෙත් ඔය ගාල්ල පැත්තතෙද??

      Delete
    3. නෑ අනුරාධපුරේ බොරැනම් පත්තර මල්ලිගෙන් අහන්න

      Delete
    4. නෑ නෝනා ගම (මාතර පැත්තේ )

      Delete
  10. දිලාගෙන් කියවපු හොඳම නිර්මාණයක් මේක...
    මරු ඈ..

    ReplyDelete
    Replies
    1. මටත් මේක සාර්ථකයි කියල දැනුන ඔයාලගෙ ප්‍රතිචාර දැක්කම.ස්තූතියි සංචා.

      Delete
  11. ටිකිරි ටිකිරි ටිකිරි ලියා..
    වේදිකාව උඩට ගියා..
    කවිය මතක නැතුව ගියා..
    සිහිය නැතුව බිම වැටුනා...

    ඔන්න මේ කවි ලෝකයට විදානයගෙනුත් නැවුං (ටිකක්) කයියක්...

    දිලාගේ කවිය රසයි- ඉදිරියටත් ලියමු..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. මෙන්න අපේ විදනයා
      සෝඩි ටිකිරි දෙපා තියා
      වේදිකාව උඩට ගියා
      කයිය කියල පැනල ගියා ;P

      ස්තුතියි විදානේ
      ජ ය වේ වා !!!

      Delete
  12. දිලා මේක නම් පට්ටයි. මම හැමදාම කියනව වගේ, ලියන කවි වලට වඩා දාස් ගුනයක් වටිනව මේ වගේ "ලියවෙන" කවි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බස්සි අක්කේ..ඔයා හරි ඔහේ ලියවෙන කවි රහයි තමයි :)

      Delete
  13. Replies
    1. බොහොම ස්තුතියි මෙන්ඩි බ්‍රා :D

      Delete
  14. කියන්න දෙයක් නෑ...සුපිරි...දිගටම ලියන්න ඕනා ඉතිං ඔන්න

    ReplyDelete
    Replies
    1. සාදරෙන් පිලිගන්නවා. ස්තුතියි උමා.

      Delete
  15. ඔත්තුවට ස්තුතියි.

    ReplyDelete