මේ අපේ මනුවා සම්බන්ධ තවත් රසකතාවක්..
අපේ සෙට් එකේ ඉන්නවා වැඩිය උසත් නැති මහතත් නැති කොල්ලෙක් (බටු වර්ගයේ ) ... හැබැයි ඉතිං මේකගෙ වැඩ නම් සුපිරියි කොටින්ම ඉලෙක්ට්‍රොනික් බට්ටෙක්..(බට්ට ගැන කතාවක් පස්සෙ ලියන්නම් )
ඉතින් අපේ බට්ටගේ අප්පච්චි ඇවිල්ලා දක්ෂ ගෘහ නිර්මාණ ශිල්පියෙක්...
නිවාඩු දවසට, පුළු පුළුවන් වෙලාවට අපේ මිත්‍රයො "බට්ට ඩඩා" ට උපරිම සහයෝගයක් දෙනව.
දවසක් අපේ බට්ට ඩඩා අපේම මිත්‍රයෙක්ගේ ගෙදරක වැඩක් කරන කොට
අත් උදව්වට අපේ මනුවා ඇතුලු පිරිස සහභාගී උනාලු.
අපේ සැට් එක ඉන්න තැනක ඉතිං පාළුවක් හතර මායිමක ඇත්තෙ නැත්තෙ මෙයාල විහිළු වලට උපන් හපන්නු ටිකක් නිසාවෙන්මයි..
ඕන් ඉතිං එදත් කස්ටිය කෙනෙකුට බයිටක් දෙන ගමන්, කඩියෝ වගේ එහෙ මෙහ දුවගෙන ගජරාමෙට වැඩලු ..ඔහොම වැඩේ නැගල යන අතරෙ, වැඩ තද වෙලා ඉඳපු බට්ට ඩඩා මනුවට කිව්වලු
"ලණු කොස්සක් ගෙනෙන් පුතේ "
මනුවට කියන දේවල් ඇහෙන්නේ අමුතුවට කියල මං කලිනුත් කියල ඇතිනේ..
ඉතිං මේකත්
"හං"
කියල දඩ බඩේ දුවල ගියාලු..ගිහිං මේකා ඒ ගේ වටේ දිව්වලු,මිදුලෙ වටයක් කරකුනාලු,
ආයෙම කුස්සියටත් ඔළුව දමල බැලුවලු...පස්සෙ කඩාගෙන බිඳගෙන දුවන් ගියාලු.
ඕක නෝට් කරන් ඉඳපු බට්ට ඇතුළු අපේ සෙට් එක අන්දුන් කුන්දුන් වෙලා බලං හිටියලු..
ඒ වෙද්දි මනුවගේ පරක්කුව ගැන විපරම් කරපු බට්ට ඩඩා...,
"කෝ මේ කොළුව?"
කියාගෙන එතනට ආවලු.
මනුව දැකපු බට්ට ඩඩාගෙ ඇස් ලොකු වෙලා හිනාවක් දාන ගමන් මෙන්න මෙහෙම කිව්වලු,,,
"ඈ පුතේ.., ඕකෙන් කොහොමෙයි බං කපරාරුවට දිය ඉහින්නේ????? "
වැඩේ මීටර් උන අපේ සැට් එක තක් බිර් වෙලා බලං ඉඳපු මනුව දිහා බලල එදා බඩවල් අල්ලගෙන ඉල ඇදෙනකල් හිනා උනාලු.
ඇයි ඉතිං ලණුකොස්සයි උළුවස්සයි පටලෝගත්ත අපේ මනුවා මතු වෙලා තිබුනෙ බාගෙට හදාපු උළුවස්සක් කරතියන් නොවැ.
ප.ලි . :- ("ලණු කොස්ස" යනු කපරාරුවට දිය ඉසීම සඳහා ලණු මිටියක් එක් කොට සදා ගන්නා උපකරණයකි)
නිමන්තිකා
ඔන්න පලවෙනි වතාවට මමත් ආවා මේ පැත්තේ... විශේෂ හේතුවක් නිසයි බ්ලොග් එක ඇහැ ගැටුනෙ... ඉක්මනින්ම එන්නම් ආපහු මුල ඒවා කියවන්න...
ReplyDeleteහොඳා හොඳා කියවලම එන්නකෝ.සාදරයෙන් පිළිගන්නව දිලා ගේ ලෝකයට. :-h
Deleteමල මගුලයි...!!
ReplyDelete:P
Deleteහපොයි දෙයියනේ..
ReplyDelete:))
Delete~X( ලණු කොස්සයි උළුස්සයි මාරු වෙන්න.. මනුවා ගේ ගම අංගොඩ ද? හෙහ් හෙහ්.. වෙන කල්පනාවක් පිට හිටියොත් ඇත්තටම ඕක වෙන්න පුළුවන්..
ReplyDeleteඅවුලක් නෑ තාමත් මට ඔය වගේ වැඩ වෙනවා.... :-B
ReplyDelete:-bd
Deleteහෙහ් හෙහ්... ගෙදර තියන එකක් ගලවන් ආවෙ නැතුව මදෑ :D
ReplyDelete:D
Deleteඔය මනුව අපේ නෑයොද දන්නෑ
ReplyDelete:D කියන්න බෑ සංසාර බැඳීමක්වත් තිබුනද කියලා.
Deleteහහ: හා: එක නම් මරු අක්කේ :D :D
ReplyDelete:))
Deleteආනේ අම්මප සමාජ දැනුම බිංදුවයි. හැක්.. මනුව නෙමෙයි හනුමා
ReplyDeleteඒයි දේශා... එන්ට එපා ඔයාගේ නම අනිත් අයට කියන්න හුහ්
Deleteමනුවගෙ කණේ සෑහෙන ලොකු අවුලක් තියෙනව වගේ.. :))
ReplyDeleteකනේ විතරක් නම් මදෑ අශාන් :7
Deleteහෙහ්..හේහ්... වචන පැටලිලා නිසා ඒ වගේ ආතල් සීන් නම් එමටයි අප්පා...
ReplyDeleteඅපේ පැත්තෙ, ඇඟේ කුණු අතුල්ලන්න ගන්න කොස්සටත් ලණු කොස්ස කියනවා..
අහ් ඔය ප්‍රාදේශීය ව්‍යවහාර වෙනස් වෙන කේස් එක අපේ බස්සි අක්කත් හොඳ පොස්ට් එකක් ලියල තිබුන.(" ගඟෙන් එගොඩ සහ මෙගොඩ " වගේ තමා මගෙ මතකේ හැටියට ) :D
DeleteThis comment has been removed by the author.
ReplyDelete//බඩවල් අල්ලගෙන ඉල ඇදෙනකල් හිනා උනාලු/// ඒහෙම හිනා වෙලා මදි දිලිනි........... මේ අපේ ඒකෙකුත් හිටියා පුවක්ගහෙයි පොල් ගහෙයි වෙනස දන්නැති ඒකෙක්........ අපි ඉතින් අන්දනවා මිනිහාම පුවක් කියන්නේ මචං පොඩිකාලේ ගහ.. ඒක ලොකු වුණාම තමයි පොල් කියලා.... උෟ කාලයක් ම අැදගෙන හිටියේ........................ හැක්
ReplyDeleteහනේ මන්ද පවුරේ මෙහෙමත් ලෝකයක්. හිහි
ReplyDeleteහඃ හඃ හුහ් හුහ් හෙහ් හෙහ් හොහ් හොහ් හිහ් හිහ් හුකෑස් ගූ හතේ කතා ලණුකොස්ස දන්නෙවත් නැති එවුන් නේ දැන් ඉන්නේ ඒ නිසා ප ලි කියල ඒකත් කියල දෙන්න ඕනෙ.
ReplyDeleteඔබගේ ගින්ගඟ සරණයි ලංකානිව්ස්වෙබ් අඩවියේ පල කිරීමට යැව්වත් ඒ පිලිබඳ අවසරයක් ගන්නට අමතක විය. මෙය පල කිරීම ට අවුලක් නැත්ද?
ReplyDeleteඒ කියන්නේ ගින්ගඟත් අසරණයි ලංකානිව්ස්වෙබ් අඩවියේ පලවුනාද? නිර්මාණයක් රසවිඳින පිරිස වැඩි වීම සතුටක්.කතෘ අයිතිය සුරැකීමට කාරුණික වන්න.ඔබට ස්තුතියි !
ReplyDeletehttp://sinhala.lankanewsweb.net/features/cyber-wall-lankanewsweb/14395-2014-11-12-08-35-41
ReplyDeletehttp://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/14559-2014-11-22-09-15-01
ReplyDeleteමනුවා නම් නියම උලු වස්සෙක් තමයි :D
ReplyDelete:7
DeleteThe Casino & Hotel | MapyRO
ReplyDeleteFind The Casino & Hotel, Las 오산 출장안마 Vegas, Nevada, United States, United 문경 출장안마 States, 보령 출장안마 98764 여주 출장샵 reviews, 19 photos and 1 tip. Rating: 군산 출장샵 4.5 · 19 votes · Price range: $$$