Friday, November 28, 2014

ෆිල් හියුස්

බොඳව ගිය තිතක්ව 
මහත් මීදුමක් තුළ 
තණ නිල්ල බැලූ බැලූ අත පෙනෙයි 
ලං වෙන්න බැරි උනත්
සිත පිනෙයි... 

නිහඬ කුටියක් ලෙසට 
නුහුරු නුපුරුදු කමක් 
සීරුවට පිත්ත වට ගැට ගැසෙයි 
රිදී දැල්ලක් වගේ 
යළි මැවෙයි...අවදි වෙයි...

ශෝක ගී තෙත නුවන් 
ඇසෙන නෑසෙන වදන්  
හැම අතම කඩිමුඩියෙ ඇස ගැටෙයි 
නොතැවෙන්න යලි සුහද,... වැළපෙන්නේ කුමකටද?
පන්දුවෙහි මිස වරද නුඹේ නොවෙයි.... 



6 comments:

  1. සුභ ගමන් ෆිල් !!! x 2 :(

    ReplyDelete
  2. එල්ලා මරනු
    ඔය පන්දුව
    උල තියනු
    ඔය පන්දුව
    ෆිල් ව බිලිගත්
    මිනීමරු
    බිහිසුණු
    පන්දුව ........... :(

    ReplyDelete
    Replies
    1. හ්ම් ඔව් එල්ලා මරමු [මමත් කිව්වෙ පන්දුව ]

      Delete