Monday, January 5, 2015

ඕo වැඩේ... මමත් සම්මානයක් දිනලලු




          බ්ලොග් කලාව ගැන මෙලෝහසරක් නොදැන ඉඳපු මං මේ කලාවට පිවිසුනේ අහම්බෙන්. කරමින් ඉඳපු රැකියාවට සමුදීල පාළුව දුක දරන් තනියම දවස් ගෙවාගන්න බැරිව ලතවෙද්දී කෙනෙක් මට හරි අපූරු ලින්කුවක් එව්ව. ඒක අදටත් මම book mark කරගෙන ඉන්නව. ඒ වෙන මොකක්වත් නෙවෙයි "බස්සිගේ නවාතැන". ඉතිං බස්සියෝ ඔයාගේ නවාතැන මගෙ ජිවිතේට හුගක් සමීප උනා. ඒ වගේම ඒ හරහා තවත් බ්ලොග් හඳුනාගන්න ලැබුන. හුගක් දේවල් රසවින්ද, ඉගෙනගත්ත. ඔය අතරෙදි ඒ පුද්ගලය හරිම වැදගත් යෝජනාවක් කලා මට. ඔව් ඒ තමයි පොත් ඇතුලේ හැංගිලා තියෙන මගේ නිර්මාණ ටික කාටත් බලන්න පුළුවන් විදියට කරළියට ගෙන ඒම. ඒ තමයි මගේ නිර්මාණ වලට යම් වටිනාකමක් තියෙනව කියල දැකපු පළමු පුද්ගලයා. ඉතිං ඒ යෝජනාවේ ප්‍රතිපලයක් විදියට මම "දිලාගේ ලෝකය"කියල බ්ලොග්ගුවක් හදාගත්ත. කොහොමින් කොහොම හරි දිලාගේ ලෝකයට blog මිත්‍රයෙක් කියලා හා හා පුරා කියල ගොඩවැදුනේ අවන්හළේ "මහේෂ් රත්නායක". ඒ ඇවිත් දාපු කොමෙන්ටුව මට ලොකු සතුටක් උනා.. ඉන් පස්සෙ මාතලන් මාම ( ඔරවන්ට කාරි නැතුවා ) ප්‍රියා අයියා, වර්ණ ලියන දිනේෂ් උමගිලිය අයියා, කුරුටු ගෑ ගී පව්ර හුදකලා රස්තියාදුවේ සංචා, දේශා, ඉවාන්, සඳුමල්, සිංදු ඇනෝ  යන හැමෝම මට කොමෙන්ටු දමමින් දිරිමත් කලා. පටන් ගත්තු දවස් වල ඉඳන් මේ දක්වාම දිලාගේ ලෝකයට ගොඩවැදුණු "මහී" අයියට හුගක් ගරු කරනවා. ඒ වගේම මාතේ මාම මාතලන්ගේ සිංඩියට දිලාගේ ලෝකය ඇතුලත් කරන්න ඉඩ දීලා දුන්නේ සුළුපටු සහයෝගයක් නෙවි. මම දන්නව තවමත් මම ආධුනිකයි. නමුත් මගෙ කවි නිසදසකට මේ තරම් අගයක් දීපු ලංකා නිව්ස් වෙබ් අඩවියේ නෙළුම් යායේ සහෝදර හැමෝටමත් හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ සඳහා මගේ බ්ලොගය හඳුන්වල දීපු අජිත් ධර්ම අයියටත් බොහෝම තුති.

          මේක පුංචි දෙයක් උනත් මට මෙහෙම අවස්ථාවක් ලැබුන එක ගැන හරි අහිංසක සතුටක් හදවතේ තියෙනව. මේක මට හුගක් වටිනව. මේකෙ ප්‍රවීණයෝ අධුනිකයොන්ට නොමසුරුව අතහිත දීම පුදුම තරම් ශක්තියක්. ඉතිං මම ඉදිරියටත් ලියනව. අඩුපාඩු පෙන්වාදීම ඔබ හැමෝම සතු යුතුකමක්.. තව දෙයක්, මේ හැමදේම පිටුපස දිළිසෙන ඇස් දෙකක් ඉන්නවා.ඒ කෙනාට මගෙ මේ හැම ගෞරවයක්ම සතුටක්ම ලබාදෙන්න ඕන.

               අවසානයේදී කියන්න තියෙන්නෙ මාතලන් මාමේ, බස්සි අක්කේ ඔයාල බ්ලොග් කලාවට මට අත්පොත් තිබ්බ. ඒ වගේම මහි අයිය, ප්‍රියා අයිය, දිනේෂ් අයි, සංචා, අටම්පහුරෙ ඉඩ දීපු අටම් අයිය මේ හැමෝමත් මගෙ පිටුපසින් ඉඳන් මාව දිරිමත් කරපු මගේ දෙමව්පියෝ සහෝදර සහෝදරියොත් (බට්ටා ඇතුළු) දිලාගේ ලෝකයට ගොඩවැදුන ඔයාල හැමෝටමත් ජයෙන් ජයම වේවා!!   


56 comments:

  1. ලැබුවාවූ සම්මානයට හදපිරි සුබපැතුම් , දිගටම ලියන්න, තව තව බස්සිලා බිහිවෙන්නයි ඕන ... ජය

    ReplyDelete
    Replies
    1. ඔබටත් හදපිරි සුබපැතුම් ඉවාන් අයියේ...ජයවේවා !

      Delete
  2. woow nice yaar,, I am So Happy about You, Ga ahead, Congratulation,,

    ReplyDelete
  3. news එක දැක්කම සතුටු හිතුනා..
    සුබ පැතුම්..
    දිගටම ලියන්න..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතිවන්ත වෙනවා.ලියන්නම්කෝ...

      Delete
  4. උණුසුම් සුබ පැතුම් දිලිනි..

    ReplyDelete
  5. බොහොම ස්තුතියි තුෂානි

    ReplyDelete
  6. එළ නෙ අන්න එහෙමයි ඉන්ට ඕන...
    කියන ලියන දේවල් තව තවත් සාර්ථක වෙලා මේ යන ගමන ට ජයෙන් ජයම වේවා
    මේ බ්ලොග් ලෝකෙ දිලිනි කියල හොද කවි කාරියෙක් හැදේවි...
    තව තවත් පට්ට නිර්මාණ කරන්න ශක්තිය වාසනාව ලැබෙන්ට ඕන
    උඹට ජයෙන් ජයම වේවා නගේ.................

    ReplyDelete
    Replies
    1. අයියටත් ජයෙන් ජයම වේවා !!

      Delete
  7. ගනන් ගන්න එපා.. මටත් උඹලා ගැන තියෙන්නේ කියා නිම කළ නොහැකි සන්තෝශයක්. උඹලා වෙනුවෙන් මම හැමදාමත් පෙනි ඉන්නවා.. නාකි මුත්තලගේ කාළය ඉවරයි.. අපිට ඕන අළුත් විදියට හිතන පතන ලියන නව පරම්පරාවක්..

    ජයම වේවා....!!!

    ReplyDelete
    Replies
    1. ඔබටත් ජයෙන් ජයම වේවා !!

      Delete
    2. දැන් කව්ද නාකි මාතා මාමේ අපේ දේශා එහෙම නෙවෙයිනේ ?

      Delete
    3. හැක් හැක්.. මාතාට වැඩිය කොල්ලෙක් මම හරිය... හැක්

      Delete
  8. ජය වේවා!
    තව තව නිර්මාණ කරන්නට ශක්තිය හා ධෛර්‍යය ලැබේවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මධු මාධවී

      Delete
  9. චැක් බොටත් දීලද එකක්.. ගනං ගන්න එපා.. හැක්..

    උණුසුම් සුභ පැතුම්.. මේ සම්මානේ වටිනවා මොකද ඉල්ලල ගත්ත එකක් නෙමෙයි නේ..

    ReplyDelete
    Replies
    1. ඒකනේ දේශා හාකො හාකෝ :D

      Delete
    2. දේශකයාගේ "දිය තාලිය " සැහෙන තරඟයක් දුන් බව සටහන් කරමි. මේ සඳහා නව අංගයක් හොඳම බ්ලොග් කෙටි කතාව වැන්නක් ඉදිරිපත් කිරීමට යෝජනාවක් ඇත.

      Delete
    3. ජයවේවා !!! මේ දිරිමත්කිරීම් හුගක් වටිනවා.

      Delete
    4. අයියෝ අජිත්. මාව නං තරග වලට දාන්න එපා.. මම එන්නැ ඒවට.. ඔබ කරන දේ පිළිබඳ මට හැමදාම සතුටක් තියේවි සමස්ථය වෙනුවෙන්.. ජය

      Delete
    5. කවුරුත් තරඟ වලට ගත්තේ නැත. වැරදි වචනයක්. "සිත ගත් " කියා කියමුද?

      Delete
  10. සුභ පැතුම් දිලා... ලස්සන ඇස් තමයි මටත් කිව්වෙ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නමිල් "ගැරේජ් මල්ලි " ත් දිගටම සාර්ථකව කරගෙන යන්න.

      Delete
  11. දිලේ දිලාගේ ලෝකය දිලේ දිලේ..!!!
    සුභ පැතුම් අරගෙන නිකං ඉන්න බෑ..
    සම්මන ගන්න දවසට අපිට පාටියක් දෙන්නෝනේ.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. දිලාගේ ලෝකෙ දිලී දිලුනේ
      ඔබ සැම නිසයි කවදත්
      මා හිත මිතුරේ
      දිගටම ලියමි නොනැවති සබඳේ
      හැමදා රැඳී සිට දෙනු මැන
      දිරි සතොසේ ...

      Delete
  12. දිලාගේ සුභපැතුම් ලෝකයට මගෙ සුභ පැතුමත් එක් කරනවා

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි !

      Delete
  13. ඇත්තටම සතුටුයි , නියමයි ! දිගටම ලියමු :)

    ReplyDelete
    Replies
    1. අනිවා මල්ලියෝ ඔයාල හැමදාමත් මට ලොකු ශක්තියක්..

      Delete
  14. උණුසුම් සුභ පැතුම් දිලිනි..! :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අශාන් :)

      Delete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. නෙලුම් යාය වෙනුවෙන් බොහොම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ඔබටත් බොහොම ස්තුතියි.. බ්ලොග් නිර්මාණ කරුවන් දිරිගැන්වීම උදෙසා කරන මේ කාර්යය අගයනවා..

      Delete
  17. දිලාට සම්මානයක් ලැබුණු එකට උණුසුම් සුභ පැතුම් :). ඒ ලැබුණු සම්මානය ශක්තියක් කරගෙන ඉදිරියටත් තවතවත් හොඳ නිර්මාණ බිහිකිරීමට ශක්තිය හා දහිරිය ලැබෙන්න ඕනෙ. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මනා...

      Delete
  18. Congratulation dillini...! issarahatath me wage nirmana karanna awashya shakthia dairya nomadawa labewa...!!

    ReplyDelete
  19. එල සුභ පැතුම්..
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මෙන්ඩි අය්යේ

      Delete
  20. :-bd :-bd නියමයි!!! මගේ සුභපැතුම්... දිගටම ලියන්න =D7

    ReplyDelete
  21. ඔන්න මගෙනුත් සුබ පැතුම් :D

    ReplyDelete
  22. හම්මේ දිලා... සුභ පැතුම් ඈ.... ජය වේවා..!!!!!! :D

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සිහිනයෝ...

      Delete
  23. අක්කා මට ගොඩාක් සතු‍ටුයි ඔයා වගේ ලස්සන අදහස් තියන කෙනෙක්ට සම්මානයක් ලැබිම ගැන, ඔයාගේ BLOG එක දවසින් දවස හැඩ වෙනවා, ඉදිරියට යන්න අක්කා, මගේ සුබ පැතුම්
    ප.ලි තරහා වෙන්න එපා අක්කා, මම කාලෙකින් තමයි බ්ලොග් එක බලන්න ආවේ , ගෙදර ලොකු වැඩ වගයක් කරා.අක්කගෙ බ්ලොග් එක ගොඩාක් හැඩවෙලා,මට සතු‍ටුයි අක්කා, වෙනදා හැම පෝස්ට් එකටම කොමෙට්‍ටුවක් දාපු මම අක්කට අමතක වෙලා වගේ
    :D :D :D

    ReplyDelete
    Replies
    1. එහෙම අමතක වෙලා නෑ. නතාෂා.බොහොමත්ම ස්තුතියි. පුළුවන් වෙලාවට මේ පැත්තේ ගොඩවෙන්න.

      Delete
  24. දිලිනි.................

    සුබ පැතුම් හදවතින් ම ........... අපි දින්නා වගේ දැනෙනවා........... අැත්තටම සතුටුයි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි පව්රේ...

      Delete
  25. සුබ පැතුම් දිලිනි..
    බ්ලොග් කලාවේ ගොඩාක් දුර යන්න ලැබේවා ඔබට..
    :)

    ReplyDelete
  26. බොහොම ස්තුතියි දුල්ශාන් :)

    ReplyDelete