Thursday, February 26, 2015

කව්රුද මට මා අහිමි කලේ ????

     හිමින් සීරුවේ මනියෙන් නොමිදුනු
සිනිඳු පියාපත් කුමුදු මලේ...... 
  සහස් ගව් දුරක් ඇවිද ඇවිත් නැත
දිවියම ලපටියි තවම සිතේ...... 
                          

      මනියෙන් මුක්තව සිනහ සලන විට
කව්රුද වනනා දෑත දිගේ.........
           පෙම් කඳ අරගෙන ඇයි දැයි නොදනිමි
         සළු එලු  යහනේ නෙතු වැසුනේ.......


වැව් තාවුල්ලට වැටී ඉපිර මල් 
රැයක් පහන් වන හෝරාවේ....
    ඔබට දයාබර නෙළුම් පතක් මත 
        පිණි  බිඳු වැකුණයි සිහින් සැරේ.... 



   ගත රස සොයමින් සිත දිවගෙන 
          පින්මද සෙනෙහස ලැබුනු වෙලේ..... 
හදාගන්න හිතකියාදෙන්න මට
කව්රුද මට මා අහිමි කලේ.....

නිමන්තිකා

43 comments:

  1. සති දෙකකට පස්සෙ....ජයවේවා.....ටිකක් කල්පනා කරන්න ඕන ප්‍රස්නයක් වගේ

    ReplyDelete
    Replies
    1. කල්පනා කරල කියන්ටකො එහෙනම්.. ජයවේවා!!

      Delete
  2. හදාගන්න හිතකියාදෙන්න මට
    කව්රුද මට මා අහිමි කලේ.....///
    හිටපං ටිකක් බීල එන්නං උත්තරයක් දෙන්ට

    ReplyDelete
    Replies
    1. මක්කා කීව බොල?

      Delete
    2. නෑ බං ඒක බොන්න තරං පුස්නයක් නෙව එිකයි
      හිහි
      එහෙම නැතිව වෙන අවුලක් නෙවී...
      කවිය අපූරුයි හිහි

      Delete
    3. අහ් ඒක මිසක් c-)

      Delete
  3. මම නම් නෙමෙයි ඔන්න... . . . :P

    ReplyDelete
    Replies
    1. රිප්ලයි එකක් නැති හින්ද මමම දා ගත්තා..

      Delete
    2. අනේ සමාවෙන්න ඕනා මල්කොබෝ අහිතක් නොහිතා දිගටම රැඳෙන්න. පුංචි අතපසුවීම් කාගේ අතිනුත් වෙනවනේ :)

      Delete
  4. ඔබට දයාබර නෙළුම් පතක් මත
    පිණි බිඳු වැකුණයි සිහින් සැරේ.... :X තවත් කවි සිත් පහළ වේවා!! g-)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රුක්මාලි :)

      Delete
  5. අනගි පැදිපෙළක්
    කුමුදිනියට ඇයව අහිමී වීද??
    ජය!

    ReplyDelete
    Replies
    1. අහිමි වෙලා නිසානෙ කුලකයො ප්‍රශ්න කරන්නෙ..බොහොම ස්තූතියි ඈ...

      Delete
  6. අනේ අපිනං නෙමේ...
    මොනා උනත්, ලස්සනයි!

    ReplyDelete
    Replies
    1. අකුරු පේන්නෑ කෙල්ලෙ.

      Delete
    2. ස්පෙක්සේවර්ස් ගිහින් කණ්නාඩි දෙකක් ගන්න. මේ නාකි අපිටත් පේන එකේ.

      Delete
    3. මාධවී..............

      හොදට අැස් දෙක පිහදාලා බලන්න පෙනෙයි.... උදේට නැගිට්ටාම මූණ හෝදනවා කියලා දෙයක් කරන්නේ ඔ්කට තමා.... ඒතකොට කබ කැඩෙනවානේ.......

      Delete
    4. කවියෙ අකුරුවල කහ පාට අඳුරුයි. (කොහෙද ඉතිං... මේ දෙන්නනොවැ වැඩේ... හුහ්)

      Delete
    5. අෆ්ෆා .. මඩු මදාවි ට හතලිස් ඇදිරිය වගේ...

      Delete
    6. බොන්න වෙන පුරස්නයක් මාදවියො ඒක නම්..අහ් ඉස්තුති වේවා!

      Delete
  7. ලස්ස්සන කවි පෙළක් ඇවිත් ආයිත් දිලිනි ගෙන්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අජිත් සහො........

      Delete
  8. දිලිනි..................

    අගේ අැති කවි ටිකක්.... ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි පවුරේ

      Delete
  9. ලස්සනයි දිලිනි ..."කව්රුද මට මා අහිමි කලේ....."


    මට මා හමුවුණා මාද මට හමුවුණා
    ඝන නිල් වනන්තරේ
    කාත් කවුරුවත් නැති එක නිමේශයේ
    මට මා හමුවුණා මාද මට හමුවුණා

    මොහොතක් යෙදුනා
    අප දෙදෙනා පිළිසඳරේ
    භවයක් සේ හැඟුණා
    අරුමය ඒ ඇසුරේ
    සිතු සම්පත් සැදුණි ද
    දැසිදස්සන් ලැබුණි ද
    ඇසුවිට මගෙන් මා
    ප්‍රමුදිත දෑසින් මට පිළිතුරු ලැබුණා

    සමුගෙන යන්නට සැරසෙද්දී මාගෙන් මා
    ඇසුයෙමි පැනයක් හිනැහෙද්දි සිත විදහා
    ලද හැමදේ අවසන සතුටින් ඔබ සිටිනෙ ද
    ඇසුවිට මුනිවත පා කිසිවක් නොකියා
    මාගෙන් මා මැකුණා

    ගී පද - බන්දුල නානායක්කාරවසම්
    ගී තනු - ආනන්ද ගමගේ
    ගායනය - සුනිල් එදිරිසිංහ

    ReplyDelete
    Replies
    1. කියන්න වචන නෑ සින්දු ඈනො.. මේකත් අදමයි ඈහුවෙ ස්තූතියි..

      Delete
  10. ඕන් වැඩේ.. මම හැමදාමත් අගය කරන්නේ මේ කවිකාරිවයි..
    හරිම ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අමිල... :X

      Delete
  11. ලස්සනයි දිලිනි, :*

    ReplyDelete
    Replies
    1. කාලෙකින්... බොහොම ස්තුතියි ඔමා

      Delete
  12. අදහස හා වචන අගෙයි.. විරිතක් හා තාලයක් තබා ගන්න උත්සාහ කරන්න කවියේ කවීත්වය මතු වෙන්න.. සුභ අනාගතයක් ශුවර්! ජය ශ්‍රී! :)

    ReplyDelete
    Replies
    1. හැමදාමත් දෙන අවවාද අගය කිරීම් හුගක් වටිනවා කල්‍යාණ මිත්‍රයෝ ස්තුතියි.. ජයශ්‍රී...!!

      Delete
  13. කියවන්න අමාරුයි නේ දිලිනියෝ. ඒත් රස වින්දා අමාරුවෙන් හරි.. ජය

    ReplyDelete
    Replies
    1. වර්ණ ප්‍රශ්ණය කලිනුත් මතු උනා දේශා..අමාරුවෙන් හරි රසවින්දට බොහොමත්ම තුති.

      Delete
  14. //ගත රස සොයමින් සිත දිවගෙන
    පින්මද සෙනෙහස ලැබුනු වෙලේ.....
    හදාගන්න හිතකියාදෙන්න මට
    කව්රුද මට මා අහිමි කලේ.....//
    මෙන්න තවත් ආරම්භයක්..

    ReplyDelete
  15. කොයිකෙත් අවසානය තවෙකක ආරම්භයක් කියල කියනවනේ GUS...

    ReplyDelete
  16. ලස්සනයි දිලිනි.....

    ReplyDelete
  17. බොහොම ස්තුතියි මහේෂ්

    ReplyDelete
  18. හොදා... හොදා.... ජයවේවා..

    ReplyDelete
    Replies
    1. හොඳ නම් හොඳා ජයවේවා කසුන් සහෝ :)

      Delete
  19. අපූරු පැදි පෙලක්

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා දිලාගේ ලෝකයට. බොහෝම ස්තුතියි :)

      Delete