Wednesday, February 11, 2015

valentine's day පෙම්වතුන්ට විතරමද?



valentine's day නැත්නම් ආදරවන්තයින්ගේ දිනය යන්න අපේ රටේ සංස්කෘතිය තුල පැවති දෙයක් නොවුනත් ,මේ වගේ  බටහිර සංස්කෘතික දේවල් දැන් අපේ සමාජය තුලත් ව්‍යාප්ත වෙලා. කොයි දේකත් නරක පැත්තක් වගේම හොඳ පැත්තකුත් තියෙන නිසා ඕනම දේක හොඳ දේ ,අපට අදාළ දේ විතරක් ප්‍රයෝජනයට ගැනීමෙන් අපි අසාර්ථක වෙනවා කියල කවදාවත් කියන්න බෑ.හොඳට හිතල බලනකොට අද සමාජයේ තියෙන්නෙ හුඟක් කාර්යබහුල ජිවන රටාවක්. මේ ඇතුලෙ සැමියා බිරිඳ , පෙම්වතා පෙම්වතිය දෙමාපිය දූ දරු සබඳතාවය කියන දේ ඇත්තටම හීන වේගෙන යනවා. හැමෝම පිම්මෙ රැල්ලට දුවනවා. ඉතින් අපිට පුළුවන් නේද මේ කියන දවසේ පැය කිහිපයක් අපි ගැන හිතන්න වෙන් කරගන්න.පුද්ගලිකව මම නම් දරන මතය "ආදරය එක දවසකට සිමා විය යුතු නෑ" කියන එක.   නමුත්  වැඩ රාජකාරි එක්ක ඈත් වෙලා තියෙන බැඳීම් යළිත් ශක්තිමත් කරගන්න වෙච්ච අතපසුවීම් නිවැරදි කරගන්න මේක හොඳ අවස්ථාවක් කරගන්න පුළුවන් නම් ඒක කොයිතරම් වටිනවද?

1.විවාපත් යුවලක් නම් ඒ දෙන්නට පුළුවනි තම තමන් එකිනෙකාට ආදරය ප්‍රකාෂ කරගන්න මේ දිනය යොදාගන්න.මෙතනදී සැමියා ,බිරිඳට පුළුවන් තමන්ගෙ සහකරු/සහකාරිය  අතින් සිදුවන අතපසුවීම් ,පුංචි පුංචි නෝක්කාඩු සියල්ල කතාකරලා ඒ සඳහා සමාව අයදින්න,සමාව දෙන්න අවස්ථාවක් කරගන්න. ඒ වගේම එකිනෙකාට ඇති ආදරය ප්‍රකාශ කරලා ඒ වැරදි අඩුපාඩු නිවැරදි කරගන්න පොරොන්දු දෙන්නත් පුළුවන්.

2.තනිකඩ කෙනෙක් නම් 
 "අයියෝ මම තවමත් තනිකඩයි" කියල මැසිවිලි කියමින් ඉන්නවට වඩා තමන්ගෙ දියුණුව වෙනුවෙන් කලයුතු නොකළයුතු දේ ගැන කල්පනා කරන්න මේ දවස යොදාගන්න පුළුවන්. තමන් වෙනුවෙන් පළමුව ආදරය ඇති කරගන්න. තමන්ගෙ මානසික සුවයට යමක් කරන්න,අරගන්න පුලුවන්.(ඔයා පොත් කියවන්න කැමති කෙනෙක් නම් පොතක්, සංගීතයට ලැදි කෙනෙක් නම් පොඩි i pod එකක්,සංගීත භාණ්ඩයක්, මේ මුකුත් නැත්නම් ඔයා ඇවිදින්න ප්‍රිය කරන කෙනෙක් නම් ලස්සන පළාතක පොඩි රවුමක් වගේ දෙයක් )තමන් අත්හරින්න ඕන නරක පුරුදු සහ තමන් අලුතෙන් ජිවිතේට එකතු කරගන්න ඕන කියල හිතෙන දේවල් ලිස්ට් එකක් හදල ඒ වෙනුවෙන් කැපවෙන්න.පුංචි පුංචි වැරදි හදාගන්න. එතකොට තමන් ගැන විශ්වාසයක් ඇති වෙනවා. ඔයා සාර්ථක වෙනකොට ඔයා හොයන ආදරේ ඔයා ලඟට අනිවාර්යෙන්ම එයි.

3.දරුවො ඉන්න දෙමව්පියන් නම්,
එයාලව සහභාගී කරගෙන පුංචි සාකච්චාවක් කරන්න.එහිදී එයාල වෙනුවෙන් දෙමව්පියො විදියට ඔයාල කොයිතරම් කැපවෙනවද? ඒ වෙනුවෙන් දරුවොන්ගෙන් මොනවගේ සහයෝගයක් අවශ්‍යද?දරුවන් පිළිබඳව ඔයාලගෙ හිත්වල තියෙන සිහිනය මොනවගේද? දරුවන්ගේ හිත් තුල කොයි වගේ සිහින ඇතිද වගේ කාරනා මේ  සාකච්චාවට ඇතුලත් කරගන්න. එකිනෙකාට තියෙන ආදරය ගැඹුරින් ප්‍රකාශ කරගන්න මේක හොඳ අවස්ථාවක් කරගන්න අමතක කරන්න එපා.


4.මිතුරු මිතුරියන් සමග සමාගමය ශක්තිමත් කරගන්න මේ දවස යොදාගන්න පුළුවනි.
තමන්ගෙ හොඳම මිතුරා ඔබේ සුරතලා වෙන්න පුළුවන්. කාර්යබහුල කම නිසා ඔහුව ඔබට මගහැරුනා වෙන්න පුළුවන්. නමුත් ඔයාට මේ දවසෙදි ඔහු එක්ක ඇවිදින්න යන්න,ඔහු සමග කාලය ගතකරන්න පුළුවන්. ඔයාට පුළුවන් ඔහු කැමති විශේෂ  කෑම වේලකින් ඔහුට පුංචි සංග්‍රහයක් කරන්න. ඔහුව කොයිතරම් ඔයාගේ ජිවිතයට සමිපද කියා ඔහුට අඟවන්න.

5. පරිසරය කෙරෙත් ආදරය ඇතිකරගමුද?
මේ වෙනුවෙන් ඔයාට පුලුවන් පැලයක්  සිටවන්න. අපවිත්‍ර වෙලා තියෙන තැනක් ශුද්ධ පවිත්‍ර කරන්න,තමන්ගේ ගෙවත්තේ එලවළු / පළතුරු පැල කිහිපයක්  වගාකරන්න. ඒ වගේම ඒ දේ නඩත්තුව වෙනුවෙන් ඉදිරියේදී කාල කළමනාකරණය කරගන්න අධිෂ්ඨාන කරගන්න.ඔයාට ඒක මානසික සුවයටත් හේතුවක් හේතු වෙයි. ඒ වගේම සමාජයට/ ලෝකයටම සෙතක් වෙයි.

ඉතිං මං මේ කිව්වේ මට හිතුන පුංචි කරුණු 5ක් විතරයි.අවශ්‍ය වෙන්නේ වෙනස්ව සිතීම සහ ක්‍රියාවට නැංවීම පමණයි.පුංචි දේවල් වලිනුත් ලොකු වෙනසක් කරන්න පුළුවන්.එහෙනම් ඔයාලටත් Happy valentine's day! 

33 comments:

  1. හා හා මටත් වැලන්ටයින් ලැබේවාා

    ReplyDelete
    Replies
    1. අනේ සා...දු ඔව් ඔව් වැඩි වැඩියෙන් ලැබේවා!!

      Delete
  2. මම මගේ දුල දෙන්නටත් මල් ටිකකුයි චොකලට් නුයි දීල සුභ පතනවා. උන්ගේ හිතට සතුටක්නේ. හැබැයි එකම දේ ගනං බඩු අරන් දෙන්නේවත් රෝස මල් පන්සියක් විතර වැඩි ගානට අරන් දෙන්න වත් රෙස්ටුරන්ට් බඩ ගාන්නේ වත් නැහැ.

    ReplyDelete
    Replies
    1. එකෙන්ම සීයේ..........+++++++++++++++
      (අපිදු එසේමැයි...)

      Delete
    2. බොහොම හොඳයි අජිත් සහෝ... ඒ වගේම 3 වෙනි කාරණාවත් පොඩ්ඩක් සලකා බලන්න :)

      Delete
    3. ආච්චිලා දෙන්නෙක්ම සෙට් වෙලා.

      Delete
    4. කාටද බොල? ඇයි අප්පා මේ දරුමල්ලොත් ඉඳිද්දී බොලා මේ ආච්චිලා සැට් කොරගන්න යන්නේ...? ඕක අපේ දේශා වත් කිව්වා නම් මට දුක නෑ
      :-O :((

      Delete
    5. බොලේ මම කිව්වේ මේ මෙතෙන්ට. කොමෙන්ටුවට සෙට් වෙලා කියල. කොහෙද කැත හිත.
      දිලා , 3 වෙනි කාරණේ ගැන කියනවනම් අපේ ගෙදර සාමාන්‍යයෙන් එකතු වෙලා කතා කරනවා. අමුතුවෙන් 14 දාම අවශ්‍ය නැහැ. උදේට හා රෑට කන කොට හතර දෙනාම කෑම මේසේ කාල ඉඅවර වුණාම පොඩි ටෝක් එකක් යනවා.

      Delete
    6. අහ් එහෙනම් හොඳයි.. ඔන්න ආදර්ශයට ගන්නව නම් පවුල් :)

      Delete
  3. සරලව වුනත් දිලිනි කියන්න ඕනිම දෙයක් මේ කියලා තියෙන්නේ... අර්ථාන්විත පණිවිඩ තේරුම්ගන්න ඇහැකි කට්ටිය ඉන්නවනම් නේද?

    ReplyDelete
    Replies
    1. වැඩේ කියන්නේ තේරුනත් නොතේරුනා ඉඳීවිද කියන එකයි (කම්මැලිකමට ) මධුමාධවියෝ.. :-?

      Delete
  4. ඉස්සර ලක්බිම පත්තරේ තිබ්බ මල් දෙවැට තීරු ලිපිය කියෙව්වා වගේ දැනුනා , ලස්සනට ලියලා තියෙනවා දිලිනි. මමනම් හිතන් ඉන්නේ සිල් ගන්න ,මොකෝ කියන්නේ ? හොඳයි නේ

    ReplyDelete
    Replies
    1. ඔව් බොහොම හොඳා දෙලොවටම වැඩක් වෙයි. :P
      බොහොම ස්තුතියි ඉවාන් අයියේ..

      Delete
  5. අඩෙ අප්ප...මම තුමාණෝද මේ පැවසූ අයුරින් වැලන්ටයින් දිනය සමරනු ලබන සේක...!!!...ජෝක් එකට හොඳේ...

    ඉස්තරම් දිලිනි නංගියෝ...නරකද කවුන්සලින් කරන්න එහෙම ගියානම්...හිත් හදන්න හොඳට පුළුවන් වෙයි...

    -අසංක-

    ReplyDelete
  6. ඇහ් කවුන්සිලින් ? :-O
    ටැංකු අසංක අයියේ

    ReplyDelete
  7. එතකොට මටත් වැලන්ටයින් තියෙනවා එහෙනම්
    මරු මරු

    ReplyDelete
    Replies
    1. ඒකනේ..සුභපැතුම් වර්ණ :)

      Delete
  8. අපිටනං තාම වැලන්ටයින් නෑ...
    හැබැයි අවුලක් නෑ මගෙ උපන්දිනේ එදා.. ;)

    ReplyDelete
    Replies
    1. අනා... පව් අපේ සූටි සංචා මලයා...එහෙනම් පාටියක් ඕනේ.. s-)

      Delete
  9. ඔය තියෙන්නේ හොද අදහස් ටිකක්.. මටනම් ඉතින් හැමදාම වගේ මේක තවත් එක දවසක් විතරයි..

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ..ඒකාකාරිව ඉන්නවට වඩා හැබැයි අඩුම තරමේ පොඩි රවුමක් වත් යන්න.(වෙනසකටත් එක්ක ;) )

      Delete
  10. අපි වගේ බහුතරය ගැන මේකෙ මොනවත් කියල නැති එකට නං මං තරයේ හෙලා දකිනව...
    එක්සත් බූට් කාපුවුන්ගෙ සංගමෙන් බොට විරුද්දව විරෝදතාවක් සංවිධානෙ කොරල
    විස්වාස බංගයක් ගෙනත් බොලාව නැති බංගස්තාන ෙකාරල දානව
    ඔව් ඉදගෙන

    ReplyDelete
    Replies
    1. හපුච්චියේ කේන්ති ගන්ට කාරී නැතුවා..බොලාත් අංක 2 ම අනුගමනය කලොත් මොකෑ කියන්නේ ? =D>

      Delete
  11. (දරුෙවාත් ඒක්ක ෙකාෙහාම සාකච්චා කරන්නද. ඒතෙකාට උන් වැලන්ටයින් සමරන්නැෙතයි)
    අගනා කරුණූ ටිකක් ෙබාෙහාම ස්තූතියි

    ReplyDelete
    Replies
    1. දෙන්ට උත්තර නැතුවා..

      Delete
  12. අපිට ඉතින් කවුරුත් නෑනෙ. පාඩුවේ සිංදුවක් කියාගෙන ඉන්නව ඔන්න ඔහෙ y-) :))

    ReplyDelete
    Replies
    1. ඉතිං තමන්ට තමන් ඉන්නවනෙ මනා.. ඉවසීමෙන් ඉන්ට ලැබේවි!! :))

      Delete
  13. දවස් ගානක් ගෙදර හිර වෙලා උන්නු නිසා කියවන්න එන්න උනේ අද තමයි.

    දා හතර වෙනිද උදේම ටවුන් එකට එන්න උනා වැඩකට. ලස්සන වැලන්ටයින් කප් කේක් කලෙක්ශන් එකක් දැකල ටිකක් ලොකු එකක් නෝනටයි ඊට ටිකක් පොඩි දෙකක් පොඩි උන් දෙන්නටයි අරන් ගිහින් දුන්න උම්ම එකක් එහෙම දීල ජොලියට වගේ.. 'විකාර මෙයාගේ' කියල අරගෙන ගිහින් අපේ උන්දෑ ඒක කඩ කඩ හැමෝටම කැව්වේ හරි සතුටෙන් කියල පෙනුන. දිලාගේ මේ පෝස්ට් එක කියවනකොට ඒක මතක් උනා. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. නියමයි මිත්‍රයා.. සන්තෝසයි...

      Delete