Friday, March 27, 2015

"නෙළුම් යාය" ඔබ කල මෙහෙවර අගනා

සියපත අගක රැඳි මුතු පිනි බිඳු       සේම 
නෙතු අග රැඳුනි තුටු කඳුළැල් රැලි බෝම 
හමුවී දොඩා සොයුරන් මිතුදම්          රෑන 
මම සැනසුනා බ්ලොග් අඹරේදි මුළු   රෑම

පොඩි බස්සියෙක් ඇවිදින් මා වෙත   හනික 
නුඹ දිලිනිදැයි ඇසුවා හිනැහී              විගස  
දැනුනේ වෙන කිසිත් නොව නුඹ වත සේම
හරි ලස්සනයි හදවත සඳ තරු            සේම 

ඉවාන් මාතෙ කලණ මිතුරු ප්‍රා    දසයා
කරමින් විහිළු තහළුද සැම සිහි   කරලා 
මනා තත් වයා සැම කන්කළු      කරලා 
අපි තුටු උනේ සැමගේ දස්කම්   දැකලා

අතිනත පටලවා සුභ පතලා            දොඩලා 
උණුසුම් හාදුවක් දී දෙකොපුල    හැඩකරලා 
මේ මල් යාය විකසිත කරනට           බබලා 
"නෙළුම් යාය" ඔබ කල මෙහෙවර    අගනා 


68 comments:

  1. ඇයි බං මට සම්මානයක් තිබ්බේ නැත්තේ.. හැක්..

    අර කොට බස්සි ලස්සනද බං.. හිතුනොත් ගන්නවා කරකාරෙට. හැක්

    ReplyDelete
    Replies
    1. ඒයි යකෝ හිත හැනහෙන ටයිටලයක් දාහං මේකට

      Delete
    2. හුටා කලබලේ එකත් අමතක වෙලා .ටැංකු මතක් කලාට .

      Delete
    3. //අර කොට බස්සි ලස්සනද බං.. හිතුනොත් ගන්නවා කරකාරෙට. හැක්// පමා වැඩි ඔබ පමා වැඩි

      Delete
    4. දිලාව දැක්කෙ නැතෙයි දේශෝ? අන්න ලංකාදීපෙ ඉන්නවා.

      Delete
    5. ඇහග්? ලංකාදීපේ ?

      Delete
    6. අප්පට බොල. අර නහය ලොකු එකීද?

      Delete
    7. දේශාගේ ෆොටෝ එකක් ගත්ත එකෙක් නැද්ද බන් ඉදගෙන ඈ

      Delete
    8. අඩේ දේශා .. මොකෑ උඹ මේ මිනිස්සුන්ට මඩ ගහන්නේ .අනික මේ පොඩි බස්සිවත් කරකාරෙට ගන්ට හදන්නේ .. බොලා ගැන අපුර්වී නෝනා මෙච්චර වදවෙනවා...

      Delete
    9. අප්රුවි නෝනා මං ගැන වද වෙන්නේ මං ලස්සන කොල්ලෙක් නිසා බොල.. හැක්

      Delete
    10. අප්රුවි නෝනා මං ගැන වද වෙන්නේ මං ලස්සන කොල්ලෙක් නිසා (කියල තමයිලු හිතන් ඉන්නෙ ඉතිං :P )

      Delete
  2. niyamai niyamai......eeye wish karanna bari unath .....obata mage suba pathum

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි වැවේ...

      Delete
  3. අන්න එහෙම කියන්න එපැයි කොහොමෙයි උනේ කියලා... සංතෝසයි ඒ දේවල් ඇහෙනකොට.. ජයවේවා..!!!

    ReplyDelete
    Replies
    1. ඊළඟ එකට ඔය හැමෝම එන්න ඕනා.

      Delete
  4. කවියෙන් ශේප් වෙන්න දෙන්න බෑ.. මාතෙ නම් ඊයෙ රෑම පාටියක් දුන්නා.. රෑ දෙක හමාරට පිටකොටුවේ බස්ටෑන්ඩ් එකෙන් තමයි අන්තිමට ඉවර උනේ..

    මේක හරියන්නේ නෑ.. මාත් දාන්නෝනෑ මේක ගැන කවියක්.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. රායිට් ශාමි... ශුරුක තංග...

      Delete
    2. හොඳා හොඳා දාමු පාටියක්

      Delete
  5. Replies
    1. කවුද මේ අන්තිම ෆොටෝ එකේ සම්මානෙ ගන්න ලස්සන සුදු නෝනා? O.o

      Delete
    2. ඔන්න අදයි දිලා දැක්කෙ.
      දිලිනිට ජය වේවා!
      කළණට ස්තූති වේවා!

      Delete
    3. බොහොමත්ම ස්තුතියි කල්‍යාණ මිත්‍රට වගේම මධුමාධවියෝ ඔයාටත්. අපි ඊළඟ සම්මාන උළෙලේදී වත් මදුමධාවී වත් දකින්න අසාවෙන් ඉන්නවා

      Delete
    4. වේකන්සියක් තියේද දන්නෑ
      හිහි
      (ගුටිත් කාල මෙතන දුවන්නත් වෙයිද දල්ලෑ)

      Delete
    5. අනිවා මීළඟ සම්මාන උළෙලේ අවන්හල ට සම්මානයක් ගැනීම සඳහා වේකන්සියක් තිබේවි.

      Delete
    6. This comment has been removed by the author.

      Delete
  6. හිහි... මාත් මේ ලියන්න ඉන්නෙ. තාම නැත ෆ්‍රී ටයිමක් ලැබුනේ. දිලා ලියූ තේමා ගීය ඉතා සුපිරිය.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි... අක්කා

      Delete
  7. දැන් මේ කවි පංතියටත් සම්මානයක් හම්බවෙයි වගේ!

    ReplyDelete
    Replies
    1. ඒයි මෙතනත් එකක් තියෙනවා.

      Delete
    2. හලි හලි මධු මාධවී සමාව භාජනේක දාන්නකෝ.. :) කෝ ඔරවන්න හොඳ නෑ නේ ඉතිං

      Delete
  8. අගනා මෙහෙවරකට අගනා පැදි පෙලක්

    ReplyDelete
    Replies
    1. අනිවා සඳ වියමන් ඒක කවියෙන් වනන්න බැරි තරම් වැදගත් මෙහෙවරක්..

      Delete
  9. ඉක්බිති සියල්ලෝම සතුටින් නික්ම ගියහ
    හිහි
    එළ එළ දිලිනියො තව තවත් ෆට්ටෙටම ලියන්න කියන්න හැකියාව ශක්තිය ධෛර්ය අරව මේව ඔක්කම ලැබේවා...
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. අවන්හලටත් ජයෙන් ජයම වේවා!!

      Delete
  10. ඒ වෙලාවේ හම්බවෙලා සුභපතන්න නොලැබුනාට කණගාටුයි.. මෙන්න පිළිගන්ඩ මගේ සුභපැතුම්....

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි සජ්ජා

      Delete
  11. මාර සීන් එක කියන්නෙ තේමා ගිතෙ ගායනා කරන්න යද්දි, නිවේදකතුමා කියනව මෙහි පද රචනා කෙරූ තැනත්තියටත් වේදිකාවට පැමිණෙන්න කියල. ඉතිං මමතුමා පණ්ඩිතය වගේ නිවේදකතුමාගේ කනට කරල කිව්වා "එයා ඇවිත් නෑ වගේ කියල" :D. මෙන්න ඒක කියල අනිත් පැත්ත හැරෙද්දී ලස්සන ගැහැණු ළමයෙක් වේදිකාවේ කොනෙන් පඩිපෙළ නැග ගෙන එනව පේනව. දැන් ඉතිං මට හෙන ප්‍රශ්නෙ මේ කවුද කියල :D. මම නිකමට වගේ ඇහුව මේ දිලිනිද කියල. එතකොට ඔළුව වනල ඔව් කිව්වා. කොහොමින් කොහොම හරි තේමා ගීතෙත් ගයනා කරල ඉවර වෙලා දෙන්නම වේදිකාවෙන් බැහැල ගියා ගියාමයි, ඊට පස්සෙ එක වචනයක්වත් කතා කරන්න බැරි වුනා නෙව :D. අඩු ගානේ සුභ පතන්නවත් බැරි වුනා.
    දිළිනිව හමුවීම සතුටක්. ඒ වගේම සුභ පතනවා සම්මානයක් ලැබුන එකටත්. ඉදිරියේදී තව තවත් ලස්සන නිර්මාණ කරන්න හැකියාව ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. //කොහොමින් කොහොම හරි තේමා ගීතෙත් ගයනා කරල ඉවර වෙලා දෙන්නම වේදිකාවෙන් බැහැල ගියා ගියාමයි, ඊට පස්සෙ එක වචනයක්වත් කතා කරන්න බැරි වුනා නෙව . අඩු ගානේ සුභ පතන්නවත් බැරි වුනා.// මනා වත් හමුවීම ලොකු සතුටක්. මනාගේ පින්තාරුවත් දිනෙන් දිනම බැබලේවා කියල හදවතින්ම සුභ පතනවා !!

      Delete
    2. යකෝ මේ දෙන්න දෙන්නට දෙන්නවත් දැකල නැතිවද ගීතය කලේ. ඒකත් දන්නේ දැනුයි. නියමයි. නියම බ්ලොග් දහිරිය.

      Delete
    3. අනේද කියන්නේ...ඔබතුමාගේ දහිරියේ හැටියට ඕව නම් මොනාද ?

      Delete
  12. ඕකට ඇනොලා ඇවිත් හිටියේ නැද්ද :p

    ReplyDelete
    Replies
    1. හිකිස් අනේ මන්ද :P

      Delete
  13. මම හිතුවේ ඉස්ටේජ් එකට නැග්ගේ සින්දු කියන්නය කියලා...

    ReplyDelete
    Replies
    1. එක නෙව මාතේ මාමේ.. අජිත් සහෝ කිව්වනේ ලිව්ව නිසා ඉස්ටෙජ් නගින්න කියල :)

      Delete
    2. බොරුවට නෙවේ මට ඒ වෙලාවේ පුටුවක් ගිහිං දෙන්න හිතුණා. මම හිටියේ ටිකක් පිටිපස්සේ. ගායකයා වාඩි වෙලා ගායන කරනවා, කෙල්ලෙක් හිටගෙන ඉන්නවා. එතැන පොඩි අඩුවක් වුණා කියලා මට හිතුණා.

      Delete
    3. ඈ එහෙමත් අව්ලක් වගේ පෙනුනද හැබෑටම .. :-SS

      Delete
  14. එන්න බැරි වුණ එක ගැන බොහොම කණගාටුයි. දිලිනිටත්, සම්මාන ලැබුණ හැමෝටමත්, අජිත් මහත්මයා ඇතුළු නෙළුම් යායටත් උණුසුම් සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අශාන් :)

      Delete
  15. සුබ පැතුම් ඔන්න මගෙනුත්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔයාලගෙ දිරිමත් කිරීම් නිසා තමයි මේ හැමදේම. දිගටම දිලාගේ ලෝකය එක්ක ඉන්න.

      Delete
  16. ඔන්න මාත් සුබ පැතුවා...

    ReplyDelete
    Replies
    1. අම්මේ... සාදරයෙන් පිලිගන්නවා දිලාගේ ලෝකයට. බොහොම ස්තුතියි හොඳේ

      Delete
  17. දිලිනි ..ලද සම්මානය වෙනුවෙන් හෘදයාංගම සුභ පැතුම් ...!
    තව තවත් හරවත් , රසවත් නිර්මාණ බිහිකරන්න හැකිවේවා ...!

    ප.ලි
    සම්මාන උළෙල පිළිබඳව ලියැවුනු ලිපි කිහිපයක්ම කියෙව්වා. ඒවා දැක්කහම පුංචි ඉරිසියාවකුත් දැනුනා .. හි .. හී .. අයෙමත් බ්ලොග් එක ලියන්න හිතුන.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සඳරුවෝ.. අනිවාර්යෙන්ම ලියන්න දිගටම ඊළඟ වතාවේදී ඔයත් සම්මානයක් දිනාගන්න තත්වෙට ඒවි :) ලිවිල්ල නම් නතර කරන්න එපා.

      Delete
  18. දිලිනි අක්කත් එක්ක වචනයක් කතාකොරගන්න බැරි වෙච්ච එක තමයි අප්පා දුක. ජය වේවා!!! ඉදිරියටත් ලස්සනට ලියන්න...

    ReplyDelete
    Replies
    1. ඒකනේ මහේෂ් ගොඩක් අයට ගොඩක් අයව එවෙලේ කාර්යබහුලත්වය සහ වෙලාව එක්ක මගහැරුනා.කමක් නෑ ඒක ආරම්භයක් විතරයි නේ.. දිගටම රැඳෙමු :) හුඟක් ස්තුතියි මල්ලි

      Delete
  19. පහුගිය ටිකේ බ්ලොග් වලින් ටිකක් ඈත් වෙලා හිටියේ. ඉතිං මේ එකක් වත් කියවන්න ලැබුණේ නෑ. ඒ වෙලාවේ හරියට දන්නේ නැතිව කථා කරන්න ලැජ්ජා හිතුණා. මේක දැක්කම තමයි තේරුණේ කලින් බලපු බ්ලොග් එකක් කියලා. මොනවා වුණත් සුබ පැතුම් !!! අවුරු උත්සවේදී හම්බ වෙලා කථා කරමු.

    ReplyDelete
    Replies
    1. අනිවා අවරුදු උත්සවයේදී සැට් වෙමුකෝ ස්තුතියි :)

      Delete
  20. කෝ ඉතින් අපට පාටි.. බෝතලයක් වත් ගෙනල්ල බොමු ද:ඪ්

    හැමෝටම සුබපැතුම්...!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඇනෝ ලොකු ඇල්වතුර බෝතලයක් එවන්නම් :P

      Delete
  21. මගෙනුත් හදපිරි සුභපැතුම්
    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කුලකයෝ

      Delete
  22. ada meka balanna awe hadissiyen... lassanai akke kawi tika...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලියේ :)

      Delete
  23. කොහොමද මට මේ කවිය මිස් වුනේ නංගියේ.
    http://nelumyaya.com/?p=1675

    ReplyDelete
  24. මං නං අළුත්.ලස්සනයි නංගෝ කවිය

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගනිමි ! දිගටම රැඳෙන්න.. අපි වෙනුවෙන් අපි ... :) අලුත් පරණ කියල බේදයක් නැතුවා .. :)

      Delete