Wednesday, April 29, 2015

නුඹ නොවේ පළමු මල

නුහුරු කටු මත ඉපදුනේ නුඹ 
නපුරු බව දැනගෙන නොවේ 
සැලෙන නල කටු තුඩින් ඇනුනද 
නොහඬනා මල් කැකුළියේ 

විහඟ ගීයක සැදැහැ දෑතක 
නොගැටී පින්මද බොලදියේ 
කටුක දුක් කප්පරක් නුහුලන 
ගැහැනියක  දුටුවෙද ලොවේ 

සුළඟ ගෙන ආ සෙනෙහෙ පණිවිඩ 
බමරු වෙත ආපසු යවා 
උරණ හිරු හා පෙමින් බැඳුනද
ළපල්ලක මදහස පොවා 

රතුම රතු බිම පතිත පෙති මත 
කඳුළු බිඳු රැඳුනද මගේ 
කියමි කුමරිය මෙලෙස මියදුනු 
පළමු මල නම් නුඹ නොවේ........ 



27 comments:

  1. හො හෝ අද දින කියමි ඔබහට
    දිලා සොහොයුරියේ මගේ
    බොහෝ කල් කියැවූ කවි'තර
    මෙයයි සුපිරිම කව ඔබේ.. h-(

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කළණේ...
      Help! or found the correct one(තේරුණේ නැතුවා :-? :((

      Delete
  2. මල් වත්තේ සංගමේ තේමා ගීතයට මේක දාමු..

    ReplyDelete
    Replies
    1. දැන් ඕකට මෙලඩිය දාන්නේ දේශක යා ද ?

      Delete
  3. Replies
    1. ස්තුතියි වැවේ... :)

      Delete
  4. මෙලෙස මියැදුණු පළමු මල නම් නුඹ නොවේ,..

    වල්ල පට්ටය ....

    ReplyDelete
    Replies
    1. කව්ද කිව්වේ මං මැරුණේ නැහැ යකූ ..

      Delete
  5. බොහොත් සුන්දර් හෛ්..

    ReplyDelete
    Replies
    1. ටැංකු ටැංකු හේ .. :))

      Delete
  6. සොයුරියක ගැන සොයුරියක මිස
    කවුරු හදුනයි මේ ලෙසේ
    කළණ මිතු පැවසූ කතාවම
    නුඹට පවසමි මිතුරියේ

    සුපිරිම සුපිරියි දිලා...ජය වේවා....

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි කටුසු :)

      Delete
  7. තවත් සුපිරි කවක් අපේ දිලා නංගි ගෙන්. ටිකක් හැංගිලා ඉන්න කොට මේල් වලට වත් උත්තර නොදී මේවා තමා එලියට එන්නේ.

    ReplyDelete
    Replies
    1. අසනීප සුවෙන් පසු වුනෙමි. ඔහොම කියන්ට නාකයි නොව..d(

      Delete
  8. සුපිරි පද ටිකක්. නියමයි.
    ජය වේවා!!!

    ReplyDelete
  9. Replies
    1. හිකිස් එහෙනම් හොඳයි :)

      Delete
  10. Replies
    1. ස්තුතියි මහේෂ් :)

      Delete
  11. සිහින බිද ගෙන, අසකු පිට එන...
    කුමරු ගැන පැතුමන් පුරා.....
    බලා පෙර මග පතා සිටියද....
    වඩී දැන් දැන් ඔහු කියා.......
    බඹරු එව්වැයි සෙනෙහෙ පණිවිඩ.....
    නොදුටු ලෙස ඔබ උන් නිසා.....
    කුමරි නොදනිද... සෙනෙහෙ දෑතක්....
    කටු ඇනී උකටලි උනා........

    ReplyDelete
    Replies
    1. සිහින දකිමින් ඉවසා හිටියට
      උදුම්බරා මම වෙමියි කියා ...
      පතා නොපතා හිඳිනු කෙලෙසක
      සැබෑ ප්‍රේමය අවි අරා...
      දෙබර තුඩගින් එවන පණිවිඩ
      රුදුරු බර බැව් දනි නිසා
      කුමට තැවෙමිද සබඳ මෙලොවේ
      සැබෑ ප්‍රේමය හිඟ නිසා...

      Delete
  12. http://nelumyaya.com/?p=2096
    lassna kavi deka

    http://sinhala.lankanewsweb.net/features/cyber-wall-lankanewsweb/16792-2015-05-01-16-30-25

    ReplyDelete
    Replies
    1. මේ ඇගයුම් මහමෙරක් වටිනවා සහෝ ... ස්තුතියි ! :)

      Delete