Friday, July 10, 2015

මටත් ආසයි තනිවෙන්න...

හුදකලාව මා දුටු හොඳම කලාවයි.
මන්ද මට මා පිලිබඳ මෙන්ම 
අවට ලෝකය පිළිබඳවද මගහැරුණු 
සියළු කරුණු කාරනා සිහිපත්වන නිසාවෙනි.

ඉතිං මටත් ආසයි තනි වෙන්න 
පාළු අඳුරු කුටියක හුස්මකටත් රහසින්ම 
ඔබේ නෙත් කිරණ මවා රස විඳින්නට 
කිසිවෙකුගේ බැළුම් පහරකට වත් යටත්  නොවී 
ඔබ හා සිහින ගඟුලක කිමිදෙන්න..
වස්සානය අභිමුව ගිමන්කලක විඳින 
කටුක දුක්බර සිතැඟි මුමුණන්න..

පැරණි රතු වයින් තොල් පහසකට නතුව
පාළු කාන්සියට ඔච්චම් කරන්නට 
අවට ලෝකය සමඟ මුහුවුණ 
සියළු පීඩන මුදාහරිනට 

සිහින හොරෙක් ලෙස නුඹ සපැමිණි කල
සිහින සිත්තම් වැළඳ ගන්නට 
හැරවුමක් නැති ඇරඹුමක් තුල 
ගිලී කිමිදී සිහින දකිනට 
මටම ඉපදුන මට අහිමි උන
පෙමක් පිලිබඳ තැවුල් පිසිනට....

ඉතින් ආසයි මටත් ආයෙම 
හුදකලාවේ සුව විඳින්නට...

නිමන්තිකා 


53 comments:

  1. ඔය කියන්නේ හුදකලාවක්මද???

    ReplyDelete
  2. //හුදකලාව මා දුටු හොඳම කලාවයි// ඇත්ත තමයි.. සැහෙන්න දෙයක් කරන්න පුළුවන් කලාවක්...

    ReplyDelete
    Replies
    1. මල්කොබත් අත්දැකීමෙන් වගේ කියන්නේ :)

      Delete
  3. මගේ අදහසත් - ඉතින් ආසයි මටත් ආයෙම හුදකලාවේ සුව විඳින්නට...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අදහසට ඩිලන්. එහෙනම් විඳලම බලමු. :D සාදරයෙන් පිලිගන්නවා. දිගටම රැඳෙමු .

      Delete
  4. ඇත්තටම ලස්සන අදහසක් ..... හැමෝටම හොදටම හදවතට දැනෙන්නේ අනිත් හැමදේකටම වඩා හුදකලාව ගොඩක් හොද නිර්මාණ බිහිවුනේ හුදකලාව ආත්මය කරගනිපු අයගෙන්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නදුන් අයියේ. සාදරයෙන් පිලිගන්නවා .දිගටම රැඳෙන්න කියල ආරාධනා කරනවා.
      //ගොඩක් හොද නිර්මාණ බිහිවුනේ හුදකලාව ආත්මය කරගනිපු අයගෙන්// සහතික ඇත්ත. ඕන තරම් උදාහරණ තියෙනවා.

      Delete
  5. ඒ සොඳුරු හුදකලවෙදි පුලුවන්, කාටත් රහසේම අහිමි ආදරේ සුවය විඳලා ආත්මයම සුවපත් කරගන්න.....

    ReplyDelete
    Replies
    1. ආයුබෝවන් කියල පිලිගන්නවා ගයා අක්කවත්. අනිවාර්යෙන්ම අක්කා. :) ස්තුතියි

      Delete
  6. මට මගේම නොවන ආදරයක් තිබුනා ........... මතකයි......
    හරියට ඒ වගේ ....

    ReplyDelete
    Replies
    1. :) ස්තුතියි නිහිංසා

      Delete
  7. හුදකලාව තනිකමකට පෙරළුනොත් මොකද කරන්නේ ?

    ReplyDelete
    Replies
    1. පෙරළුනුපිට හොඳා කියල හිත හදාගන්නව මලේ. සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට . දිගටම රැඳෙන්න. ස්තුතියි ! :D

      Delete
  8. ඇත්තටම මට තේරුමක් නෑ මේ සම්බන්දව නම්., හැබැයි මොනවා උනත් ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. තේරුම් යන වෙලාවක් එයි මල්ලියෝ . ස්තුතියි :)

      Delete
  9. බැඳීම් වලින් ඈත්ව
    අතීතයේ මතකයන් අවුස්සන
    ‘හුදෙකලාව’

    ReplyDelete
    Replies
    1. සැර වැඩිද මන්ද පොඩ්ඩෝ. නිල වලටම ගහන්න පුලුවන් නෙහ් . :D ස්තුතියි !

      Delete
  10. හුදෙකලාව අවනඩුවක් ගෑනු ළමයෝ..

    ReplyDelete
    Replies
    1. :D අවනඩු ගොඩකට වඩා එක් අවනඩුවක් හොඳා මලේ :D

      Delete
  11. මුවරද බර පිපි මල් ගොමු
    අතරේ නැත ආදරේ
    දේදුන්නේ පැහැ රේඛා
    අතරේ නැත ආදරේ
    හඳපානේ ගඟ දිය රැලි
    අතරේ නැත ආදරේ
    ඝණ අඳුරේ හුදකලාව
    නැඟි කඳුළකි ආදරේ

    තුරු වදුලේ ඇල් හෙවණැලි
    අතරේ නැත ආදරේ
    රත ලවනේ පෙම් හසරැලි
    අතරේ නැත ආදරේ
    යුග නයනේ නිල් මිණි කැට
    අතරේ නැත ආදරේ
    ඝණ අඳුරේ හුදකලාව
    නැඟි කඳුලකි ආදරේ

    ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
    පද රචනය - මහාචාර්ය විමල් දිසානායක
    තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව

    ReplyDelete
    Replies
    1. හරිම ලස්සනයි. ස්තුතියි සින්දු ඇනෝ

      Delete
  12. කලාව කවදා වත් හුදකලා වෙන එකක් නඇ මගෙ යාලුවේ ඔයලා නිසා....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිල්. ඔය වචන හැමදාමත් මට හයියක් :)

      Delete
  13. ආයෙත් ලියන්න පටන් ගත්ත එක කොච්චර හොඳද. නැත්තම් ඉතින් සැඟවුණු කුසලතා හුදෙකලාවත් එක්කම නැති වෙලා යන්න තිබ්බා. හුදෙකලාවේ ඉන්නට ආස උනාට කමක් නෑ. බ්ලොග් එක ලියාගෙන යමු දිගටම :D. ලස්සනයි නිර්මාණය :).
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මනා පොඩ්ඩක් අයිනක් අල්ලලා ඉද්දි ගොඩක් දිරිමත් කලා උඹ. ඒක ගොඩක් වටිනවා.අනිවා මේක දාල කොහේ යන්නද ? :)

      Delete
  14. මේක නිකං ගලාගෙන යනවා නෙමේ... නැගගෙන නැගගෙන යනවා වගේ... රෝලර් කෝස්ටර් එකක් අවසානෙට ලංවුණා වගේ ඉවරවෙන හැඟීමක් එන්නෙ. මේ වරදක් එහෙම නෙමේ හොඳක් කිව්වෙ ඈ...

    ReplyDelete
    Replies
    1. අහ් අමතක වුනා... පුනරාගමනය ගැන සතුටුයි.

      Delete
    2. :D බොහොමත්ම ස්තුතියි මදාවියෝ..මක්ක කිව්වා "පුනරාගමනය " අනේ මං මේක අතහැරියේ නැහැ බොලේ...

      Delete
  15. තනිකම හොදයි දෙබසින් දුක වැඩි හන්දා කීවෙ ඇයි දන්නවද
    එතකොට තමයි එන අදහස් ඔක්කම වක්කඩ කැඩුව වගේ ගලාගෙන එන්නෙ ඒ හැගීම විදලම බලන්න ඕන... දිලිනි කියනව වගේ ඇත්ත තමයි හුදකලාවෙ ඉන්න එක හොදයි නිතරම පෑනකුත් එක්ක එල්ලිල ඉන්න පුලුවං.. ඒත් හුදකලා වෙන්න හොද උත්තේජනයකුත් තියෙන්න ඕන මට නං...
    මං කියන්නෙ සමහර විට බූට් එකකට වඩා දෙයක්... ඒක මට කෝපි එකක් සමහර අයට නිකොටින් සමහර අයට ඇල්කොහොල් එක එක විදියට..
    නැද්ද මං අහන්නෙ

    ReplyDelete
    Replies
    1. // ඒක මට කෝපි එකක් සමහර අයට නිකොටින් සමහර අයට ඇල්කොහොල් එක එක විදියට..
      නැද්ද මං අහන්නෙ.// ඔව් ඔව් .. මම මේක ලියලත් තනියම කල්පනා කලේ කලාකාරයෝ හුගක් අය බොන්නෙ මේ හේතුව නිසා වෙන්න ඇති කියල .

      Delete
  16. හුදෙකලාවත් මාර දෙයක් තමයි... මොනවා නැති වුණත් කවදාවත් අපිට නැති නොවන දේවල් වලින් ඒකක්

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නෙ පව්රේ .. මමත් ඕක හොඳටම අත්විඳලා තමා ලිව්වෙ.

      Delete
  17. හුදකලාව කියන්නෙ කවි උල්පතක්
    සිතුවිල් සයුරක්
    ලස්සන අර්ථවත් කවියක්
    ජයවේවා දිලෝ!

    ReplyDelete
    Replies
    1. වර්ණ ලියන දේවල් වලින්ම ඒක හොඳටම ඔප්පු වෙලා තියෙනවා. ස්තුතියි . ජය වේවා !

      Delete
  18. හුදෙකළාව මගේ පෙම්වතා බව නොදැනද එයාට ඔයත් කිට්ටුවෙන්න හදන්නේ හිටං. :((

    ලස්සනයි දීලා

    ReplyDelete
    Replies
    1. ටැංකු ඕමා... කොයිම වෙලාවකවත් අපිව අත් නොහරින පෙම්වතෙක් එයා.

      Delete
    2. අනේ මෙච්චර මේ කොල්ලෝ වේලෙනවා. මේ ඩබල හුදෙකලාවට ලව් කරනවා. තනිකරම කොමියුටරේ වැරැද්ද.

      Delete
  19. කලාව....

    විටක විරහවකි...
    තව විටක ආදර බැදීමකි...
    තනිකමකි....
    දුකකි...
    සතුටකි...
    පාඵවකි....

    නමුත් කලාව කලාවකි
    හුද + කලාවකි.....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කස්සා... :D සාදරයෙන් පිලිගන්නවා දිලාගේ ලෝකයට .දිගටම රැඳෙන්න.

      Delete
  20. නිසදැස් ලියන ඔයඅත් දෙක තව තව දිගහැරියන්,
    කවි සිතුවිලි උපදින හද මල් වෙස්සේ තෙමියන්,
    කිළුටක් නැති පිං සිතුවිලි හද පත්ලෙන් ගලාපන්
    ඇඳුරුලොවට පුන් සඳ වී දීලියන්

    ReplyDelete
    Replies
    1. කවක් රැගෙන ආ නුඹ මම පිලිගනිමි
      මලක් ලෙසින් කවි සිතිවිළි පිලිගතිමි
      සේනේ සිතින් ආවැඩු පැතුමන් දුටිමි
      නගේ දිගට රැඳෙනට ඇරයුම් කරමි

      Delete
  21. හුදකලාව මහා නරක කලාවක් , සමහර විට එතරම් හොදන් කලාවක් නෑ

    ReplyDelete
    Replies
    1. වගකිමෙන්ද ඔබතුමා කියන්නේ ?

      Delete
  22. මමත් ඒකටනම් එකගයි ඉවාන්

    හුදකලාව කියන්නේ මහ නරක දෙයක්...
    හිතේ කෑකැරන දෙවල් පිටට දාගන්න බැරුව අපි කොච්චර විදවනවද...
    ඒ දෙවල් පිටකරගන්න බැරිවුනාම අපි කොච්චර තනිවෙනවද, හුදකලා වෙනවද....
    ඒ දෙවල් අහන්න කෙනෙක් නැතිවුනාම, දුක බෙදාගන්න කෙනෙක් නැතිවුනාම,
    පසුගිය දෙවල් ගැන අපි කොච්චර විදවනවද, දුක්වෙනවද....

    අවසානයේ හුදකලාව කලාකාරයෙක් බිහිකරනවා වගේම...
    නොදැනුවත්වම හිතින් විදවන තමාටම ශාප කරගන්න යක්ෂයෙක්වත් බිහිකරනවා....

    ReplyDelete
  23. මටම ඉපදුන මට අහිමි උන
    පෙමක් පිලිබඳ තැවුල් පිසිනට....

    ඉතින් ආසයි මටත් ආයෙම
    හුදකලාවේ සුව විඳින්නට...



    ලස්සනයි දිලා
    මීට කලින් මේ පැත්තෙ ආවට කමෙන්ට් කලේ නෑ

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි සබරේ ඇනෝ. සාදරයෙන් පිලිගන්නවා දිලාගේ ලෝකයට.

      Delete
  24. හැබැයි සොඳුරු ලස්සන කවියක් දිලා . මාත් හුදෙකලාවට බොහොම කැමතියි. හැබැයි තේ එකකුත් අතේ තියනවනම්.
    http://nelumyaya.com/?p=3625

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අජී සහෝ.. නෙළුම් යාය තියෙනකන් අපි ට හුදකළා වෙන්න අමාරු වෙයි. ජයවේවා !

      Delete
  25. මේක සුපර්බ්.. කවියට ගැලපෙන කොමෙන්ටුවක් කොටා ගැනීමට නොහැකි ලෙස මනස විස්සෝපයෙන් වීම ගැන කණගාටුවෙන්. ජය ශ්‍රී!

    ReplyDelete
  26. ඕක ගැන ඒ හැටි හිතන්න එපා කළණේ.ජය ශ්‍රී !

    ReplyDelete
  27. http://sinhala.lankanewsweb.net/index.php/features/cyber-wall-lankanewsweb/17748-2015-07-14-21-54-43

    ReplyDelete