Monday, May 25, 2015

එනු පියඹලා තටු සලා විගසින

හීන මුහුවුණ හීන් හුළඟක 
කැලතිලා උණුහුම් සුසුම් ස්වර 
මල්වර වෙලා පැතුමන් පෙමින් හද
ඉමි කිමිදිලා සැනහී මෙමා අද 

නිල් ඉහිරිලා ආකාසෙ පුරාවට 
උණුහුම් වෙලා මත්වී ලවන් යුග 
අඩවන් වෙවී නෙත් හිනැහෙනා සඳ 
ඉඳිනුයෙ කෙලෙස සඟවා රහස් ගඟ 

එනු පියඹලා තටු සලා විගසින 
ඉමි මග බලා මගෙ සිහින හැඩකර
සිත ඉකිගසා වැළපෙනා හැම වර
දෙනු නුඹේ නුරා ආසිරි සුසුම් මැද  
  

24 comments:

  1. අපිටත් මෙහෙම කාලයක් තිබ්බා පාලොස් අවුරුද්දකට විතර කලින්. හ්ම්ම්
    එකම එක වරක්වත් ආදරෙයි කියන්න..
    රුහුණු දුම් රියෙන් අද රෑ ගමරට එන්න..
    කවි ලීවට ගී ලීවට කොලේ පිරෙන්න..
    හිත පිරෙන්නේ නෑ කුමරුනි ඔබ ලඟ ඉන්න..

    ReplyDelete
    Replies
    1. කළණේ...මතකයන් අලුත් කරගැනීමට කාලයයි මේ. :X

      Delete
  2. Replies
    1. අම්මා නියමා.............යි ! ටැංකු කළණේ..

      Delete
    2. ශේහ් මට නිකන් ඉරිසියයි වගේ කලනෝ . දිලා මට තැන්කු කියන එකක් නෑ මිට පස්සේ. :)

      Delete
  3. දිලාටත් හරි වගේ :X

    ReplyDelete
  4. රා බොන්නයි හදන්නේ නු යන්නක් ඉස්සරහින් බයිට් එකට අරගෙන

    ReplyDelete
    Replies
    1. හොඳා හොඳා.. කිචී හැබැයි නිකං රා වලට වඩා සැර වැඩි වෙයි ;)

      Delete
  5. ෂා මරුනෙ :D. ලස්සන පද ටිකක්. නියමයි.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ටැංකු මනා :D ඔබතුමා පහුගිය දවසක ඉක්මනින් කරන්නම් කියූ දෙය පමා කිමදැයි සොයමින් සිටිමි. :D

      Delete
  6. ගති, අපිත් මෙහෙම ලිවු හැටි මතකයි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිනේෂ් අයියේ . කාටත් පැරණි මතක අලුත්වීම හොඳයි.

      Delete
  7. සුන්දරයි නිර්මාණය..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හිරාන්

      Delete
  8. අක්කට දිලා
    මක්කද වෙලා
    ගිය මල් තලා
    කෝ ඒ වලා

    ReplyDelete
    Replies

    1. හීලෑ නැති එකෙක් ඇවිදින් පොඩිකමට
      කිව්වයි කතාවක් දිලාගේ කවියකට
      අහගන් මලේ මේ ඔවදන් හරි හොඳට
      තලන්නට මලක් ,වලෙක් ආවේ නැත මෙහෙට .

      Delete
    2. //ඉඳිනුයෙ කෙලෙස සඟවා රහස් ගඟ // ඒකයි ම්ම එහෙම කිව්වේ. මීමන ප්‍රේම තිලක වගේ කවියෝ රහස් ගඟ කිව්වේ නරක අදහසකින්. අක්කගේ කවියේ එහෙම අදහසක් නත්තම් කමක් නෑ... //තලන්නට මලක් ,වලෙක් ආවේ නැත මෙහෙට// කියල උඩ කවියේ තියනව ඒකේන් කවියට, විරිතට ගොඩක් හානි වෙලා. "මල් තලන වලෙක් ආවේ නැත මෙහෙට" උනානම් හොදයි...

      Delete
    3. බොහොම ස්තුතියි මල්ලි අඩුපාඩුව පෙන්වා දුන්නට :) කවියට විහිළුවක් ලෙසින් පිළිතුරු කවියක් ලිව්වට හොඳ මිතුරෝ තරහ ගන්ට කාරි නැතුo
      මම කවියේ අර්ථවත් කලේ එහෙම දෙයක් තමා අවංකවම. :) නියමෙටම තේරුම් ගත්ත ඔයා. දාපිය 5ක් .

      Delete
  9. නංගිට දිලා
    සරදම් කලා
    මල්සර වලා
    පසුදා මලා

    ReplyDelete