Tuesday, July 21, 2015

මිත නුඹට ලියා දන්වන වග නම්

මිත නුඹට ලියා දන්වන වග නම්...
කටු කොහොල් මැදින් 
ගෙවූ 
ගිම්හානයද සුන්දරය 

කළල් විකසිතව මැවූ 
පාවඩ වුව රන් හීනමය

ඉදින් නොපවසාම බැරිය 
නුඹ යමක් දිනූ වග 

හුරුබුහුටිව එන 
වසන්ත පැහැබර
"අභිමන්" වුව 
පෙණ බුබුලන බව   

සිහියෙන් අවදිව පාතබනා සඳ 
වැළහෙන්නට නොව 
පසිඳන්නට ඇති 
මැවුම් කෝටියකි 
නුඹ පා අභියස...!                         

ප.ලි.-: දිළිසෙන ඇස් දෙකක් දහසකුත් අභියෝග හමුවේ දිනාගත් ජයග්‍රහණයට සව්දිය පිරීම නිමිත්තෙනි.  

30 comments:

  1. සුභපැතුම් දිලෝ
    සවුදිය පිරුමට ගෙවූ පැදිපෙළ අනගියි
    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ජයවෙවා වර්නයෝ.ස්තූතියි.

      Delete
  2. ජයවේවා..! මගෙනුත් සුභපැතුම්.. :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලියා.

      Delete
  3. මැවුම් කෝටියකි. අනභිබවනීය සමාරම්භක ඉතිහාසයක්! ජය වේවා යූඕසී!

    ReplyDelete
  4. ඒ දිලිසෙන ඇස් දෙකට මාත් සුභ පැතුවා කියන්න..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කළණේ. මං කිව්වා . :)

      Delete
  5. මොනවා? ඔයත් අද BMICH ආවද? මමත් ආවනේ අපේ දුවයි බෑනයි දෙන්නම වෛද්‍ය උපාධිය ගන්නවා බලන්න.

    ReplyDelete
    Replies
    1. අපි නම් ගියේ 20 වෙනිදා. නියමයි විචාරක මාමේ හෙන ආඩම්බරයි නේ

      Delete
  6. එළනෙ...
    ජයෙන් ජයම වේවා
    මගෙනුත් සුභ පැතුම්

    ReplyDelete
  7. වසන්තයේ අභිමන් මතින් සුභ ගමන් යන්නට අපෙනුත් ආසිරි......!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි ගයා අක්කේ .. :)

      Delete
  8. සුභ පැතුම්.. හැක් හැක්.. ඔය රතු පාට එක දැක්කම මාර සීන් එකක් මතක් උනා අනේ..

    ReplyDelete
    Replies
    1. ඉතිං කියන්ටකෝ හිටං හිතේ තියං ඉන්නෙ නැතුව හිටං

      Delete
    2. ඊට පස්සේ රට්ටු මට එක එක කතා හදනවා.. අරක මේක කියනවා. මං ඒකට ආස නෑ. ඒ නිසා කියන්නෑ.. කම්මැලි කමක් නෙමෙයි.. හැක්

      Delete
    3. ඕව ගැන වැඩිය නොහිතා බ්ලොග් පොස්ට් එකක්ම දාමු දේශා

      Delete
  9. May flowers bloom on your way!! Good Luck for both of you....!!!

    ReplyDelete
  10. සුභ පැතුම්
    පාටි නම් ඉතිං
    බ්‍රෑන්ඩ් එක ගල්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මෙන්ඩයියේ.

      Delete
  11. නියමයි. හදපිරි සුභ පැතුම් :)
    ජය වේවා!!!

    ReplyDelete
  12. දිළිණියෝ.................. හද පිරි සතුට මේ විදිහට අපි කියන්නම්...... ජයවේවා.....

    හැබැයි දෙයක් මතක තියාගන්න... ඔබ දෙයක් ඉවර කරා නෙමෙයි.... පටන් ගත්තා කියන ඒක

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම පව්රේ. ස්තුතියි පවුරේ හැමෝටම. :)

      Delete