Thursday, September 10, 2015

කජ්ජු කුකීස් ග්‍රීන් ටී ලව් සමග ෆුඩ් එක්සිබිෂන්.

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව කිව්වම ඉතිං අපිට එකපාරටම මතක් වෙන්නෙ ලොකුම ලොකු පොත් ප්‍රදර්ශනයක් , එහෙමත් නැතිනම් උපාධි ප්‍රධානෝත්සවයක්. ඒත් මේ කතාව ඊට වෙනස්. මොකද ... පෙමක් මල්ඵල දරන්න හේතු වුන ආහාර ප්‍රදර්ශනයක් හෙවත් "ෆුඩ් එක්සිබිසොන් " 1ක් නිසා.

ක්රීන් ක්‍රින් ගාලා මොබයිලයා උණ සන්නිපාතෙන් වගේ වෙව්ලද්දී, දිලා නිදිකිරන එකත් පැත්තකට දාල පැයට කී.මී.160 වගේ වේගෙකින් මොබයිලය හොයාගෙන දිව්වේ ඕක තියෙන තැන හොයාගන්න කව්රු හරි කෝල් එකක් දෙන්ඩම වෙනව වගේම ඇමතුමක් එන්නෙ හරිම කලාතුරකින් නිසා. කළබලේට කට් බටොන් එක එබුනොත් කියල බයේ යන්තං කොලපාට බොස්තම එබුව ගමන් ඇහුන මධුර මනෝහර වොයිස් එකට කණ් අඩියෙ මල් වෙඩි හත අටක් පිපිරුණා.

"මචා..න් දිල් මොකෝ කරන්නෙ? යමුද ගමනක් ?"  

 අපේ සැට් එකේ ඉඳිකටුවකට වඩා පෝ..ඩ්ඩක් විශාල ශරීර  පරිමාණයක් තියෙන "පොඩි ෆර්නෑන්ඩෝ "හෙවත් "පොඩ්ඩා" අහපි.කටක් ඇරල බැහැයි කියන්නේ කෙසේද  කියනවා නම් මං පැනපු ගමන් 

"පික්සුද බං සෑහෙන වැඩ." 

කියල  පොඩ්ඩක් ගණන් ඉස්සුවා. එහෙම කියන්ට එපා මචා..න් කියල මේකා හතර අතේ පින්සෙන්ඩු වෙන්න පටන් ගත්තේ කවදාවත් නැති තරම් උනන්දුවකින්. මාත් ඉතිං බොරුවට තෙපරබාලා  අන්තිමට 
"හං " කියල දැම්ම.

හොඳ හිරියක් එහෙම ඇරල ඇඟ මැලි කඩල ගමනට සුජානම් උනා අතිශ්‍යය සාමාන්‍ය පරිදි.
මොකක්!? පඳුරු තලනවා ?  මොන පික්සුද ? දැන් තමා හොඳම හරිය. හෝල්ට් එකට ගිහින් මoතුමි ඇතුළු අනික් උදවිය ගමනේ ඕගනයිසර් එනකම් පැය භාගෙකට වඩා කට්ට කාගෙන ඉද්දි අපේ සැට් එකේ "බඩා " කටත් ඇරන් බලාගත්තු අත බලාගෙන ඉන්න ගත්තේ නිකං මහදවල් මහසෝන් සමයම දැක්ක වගේ. ඒකගේ කට දැකපු අපේ ඇසුත් ඒ දිහාවට යොමුවෙත්දී මං තුමී දැක්ක දර්ශනෙන් හදවත කීo  ගාල ගියා කිව්වොත් වැරදියි. මොකද හදවත කිව්වේ "හුටස් පටස්  මේ මොකද බං මේ  කියල. "වෙනදට ඩෙනිමට හාල් පොත වගේ  ටි කමිසයක් දාගෙන එන අපේ "පොඩි ෆර්නෑන්ඩෝ" අද ලස්සන ගව්මක් ඇඳලා බංගලි සෝස මලක් වගේ ආවෙ වටේටම බේබි කොලොන් ඉහිරවගෙන.

මගෙ ඇස් ගෙඩි දෙක     එලියට පනින්න වගේ එත්දී යන්තං මගෙ එහාපැත්තෙ ඉඳපු රෝසා මගෙ කණට කරල කියපු දෙයින් මට මේ ගමනට කොයිතරං නම් කික් එකක් ආවද කිවොත් මං සැට් එකේ හැමෝටම කිව්වෙ සද්ද නැතුව මුකුත් නොදැක්කා වගේ යමල්ල කියල.

සැට් එකෙන් අතිශය දරුණු කුජිත නෝන්ඩියක් කන්න බලාගෙන ආපු පොඩ්ඩට අපේ කිසිම හැගිමක්වත් නැති මුණුටික දැකල මුකුත් හිතාගන්න බැරිවෙත්දී මං එතුමියගේ කරට අතකුත් දාගෙනම "යං මචං" කියල ගමනට ඉස්සර උනා. ඔහොම යත්දී පොඩ්ඩ කියනව, 

"මචං අපේ ඔපිස් එකේ සර් කිව්ව food stall එකට ඇවිත් පොඩි සප් එකක් දෙන්න කියල. ඒකයි මං තකහනියේ ඉන්වයිට් පාරක් දැම්මේ " 

සැට් එකේ උන් උනුන්ගේ මුණ බලන අතරේ මමයි රෝසයි මොකුත් නොවුන ගානට 
"අව්ලක් නෑ " 
කියල කිව්වෙ මොනා උනත් එනදේකට මූණදෙන්න හිත් හදන් හිටපු නිසා. 
"බයවෙන්න එපා මචං අපේ සර් කිව්වේ හොඳට කන්නත් දෙනව කියල ". 
අපිත් ඉතිං හුම් කියා කියා ගියා.ගියවෙලේ ඉඳන් බොසත් අපිව පිලි අරං ස්ටෝල් එකට වෙලා එන එන අය සමග සතුටු සාමිචිය. 11.45 වෙනතුරුත් අපිට ඉතිං කෑමට ලැබුනේ දිරවාගත නොහෙන අමර කට්ටක් බව නොකියම බැරි උවත්, කතාවේ  හොඳම ටිකෙත් සුපිරිම හරියට ළඟා උනේ බොසාගේ අතිනත ගත් මැතිනිය පැමිණි පසුවය. අපිට හෙලු දාඩිය මහන්සිය වෙනුවෙන් ඒ මැතිනිය සමපෝශ ගුලිය බැගින් පිරිනමද්දී හිතේ ඇතිවූ සතුට කණපිට ගැසෙන්නට වූයේ පොඩ්ඩා අපේ සිත් තුල මැවූ බුෆේ එක සිහිවීමෙනි.

ඔය අතරේ අපේ එකෙක් කියපි ,"ආව කියල fb හරි දාන්ඩ පොටෝ ටිකක් ඕනනේ මචං ඔන්න ඔහේ stall අස්සෙ ටිකක් රිංගමු."

අපිත් ඉතිං බෑ කියනවද ඔව්වට ,හෙක් හෙක් 

කොහොමින් කොහොම හරි හොඳට තියෙන මුහුණේ අවයව ඇද පැද විකාර කරමින් කස්ටිය ගජරාමෙට පොටෝ ගති. ඔය එක්කම අපේ පොඩි ෆර්නැන්ඩෝ ග්‍රීන් ටි ස්ටෝල් එකක් අස්සේ රිංගගෙන හරි හරියට කතාව, මමත් ඉතිං ඔය සියළු මල ඉලව් නරඹමින් සිටින අතරේ, පොඩ්ඩා හෙන තඩි ග්‍රීන් ටි පැකට් එකකුත් ගල් කරමින් ෆෝන් එක කනේ ගසාගෙන වශ්පවෙනු මගෙ දර්ශනපථයට අසු වුනි. (සොරකම් කිරීමේ පවිටු චේතනාවෙන් නොව ගත් තැනින් ආපසු තැබීමට අමතක වීම නිසාවෙනි.)

මධ්‍යහ්න 12 පසුවී පළමු මිනිත්තුවේ ඉඳන් පොඩ්ඩා කහඹිලියා ගෑවුනා සේ හැසිරීමේ හේතුව මටත් රෝසටත් හැර අනෙක් හැමට ම ප්‍රෙහෙලිකාවක් වෙද්දී අපි ඉක්මනින්ම නිදහස් චතුරශ්‍රය වෙත ඉගිළුනේ පොඩ්ඩාගේ ලොකු වැඩක් කරගැනීමට ඇති නිසාවෙනි.

"අපි එහනම් ඇතුළට යනවා, උයා උයාගේ වැඩේ කරන් එන්ට මෙයා" 
කියලා සැට් එකේ අනිත් එවුන් ටික කැම්පස් ගේට්ටුවෙන් ඇතුලට රිංගව ගත්තත් මං පොඩි කින්ඩි හිනාවක් එක්ක ඇහක් වහල පොඩ්ඩට සුභපතන්න අමතක නොකළ වගේම, උගේ අතේ තිබ්බ සස්සනම සස්සන පාර්සලේ සැට් එකටම හයිලයිට් කරල කජ්ජු කුකීස් කන්න සෙට් එක අතරේ පෙරේතකමක් ඇති කරන්න තරම් රෝසා නිහතමානී උනා.

අති වේදනාකාරී (පොඩ්ඩට ) මිනිත්තු 35 ක් පමණ ගිය තැන ඉහින් කනින් දාඩිය පෙරාගෙන පරණ මයිනරයක් වගේ අපි ගාවට පාරදුර්ත වෙච්ච පොඩ්ඩා උගේ සයිරන් එක නතර නැතිව පිඹින මොහොතේ අපි ඊට ටිකකට කලින් වළඳපු කජ්ජු කුකී වල කැලරි ටිකත් දහනය වෙනතුරුම ඉල ඇදෙනකල් හිනා උනා.

සීන් කෝන් එක නොතේරුණු ගානට සැට් එකේ අනිත් එවුන් "මොකෝ ෆර් කේස් එක?" කියල අහත්දී පොඩ්ඩ එයාගේ ෆෝන් එක අපේ දිහාවට දික් කලා. 

nangi baba.. oyaa nm pissu kellek.oya deepu gift eka mata wada galapenne ape ammita. thaggen thagga uthum thagga kiyala mn eka eyata dennam.ay daruwo mn meeta wada mokata kettu wennada? green tea bonne mahatha aya kiyala baba danne nathda? <3 bs!

ප.ලි.  :- එදින පොඩ්ඩාගේ ප්‍රේම පුරාණයේ ප්‍රථම නිල හමුව සිදු වූ දිනය වූ අතර, green tea stall එකෙන් test කරන්න අතට ගත්ත ග්‍රීන් ටී පැකට් එකට පොඩ්ඩා අතේ තිබුන කජ්ජු කුකී එක මාරු කිරීමේ credit එක අපේ රෝසා ට හිමිවී තිබුණා.,
   

35 comments:

  1. කජ්ජු කුකීස්?? හා හා හා හා පව් පොඩ්ඩා

    ReplyDelete
    Replies
    1. පව්දත් අහනවා අජී අය්යේ. දැන් මේකා කියවත්දී එයාගේ මුණ ඇඹුල් වෙන විදිය මට මැවිලා පේනවා,

      Delete
  2. බලන් යද්දී කොල්ලෝ අපි කොයි තරම් නම් අහිංසකද.? නේ........

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ නෙහ් ?

      Delete
  3. කමක් නෑ ග්‍රීන්ටී මොකද ඔය අනික් කෑම මොකද නේද?????

    ReplyDelete
    Replies
    1. ඒකනේ පවුරේ අපි එහෙම දෙයක් කලේ.

      Delete
  4. මේක උඹලා හිතලා මතලා අර කෙල්ල අමාරුවේ දාන්න කරපු වැඩක් නේද ? ඇත්ත කියපල්ලා

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව මචං ක්‍රෙඩිට් එක රෝසට . හැක් හැක් . මං සයිඩ් සපොට්ටෙකක් දුන්න විතරයි.

      Delete
  5. ඔයාගේ යාලු පොඩි ෆානෑන්ඩුවා හරි 'නිර්මාණ' ශීලියි නේද? හැක හැක හැක..

    ReplyDelete
    Replies
    1. ඇයි කලණ එහෙම කිව්වේ...?

      Delete
  6. ග්‍රීන් ටී හොදයි නේ බං. ඒ හන්දා ඔන්න ඔහේ කමක් නෑ.. අනිත්වා ගැන මුකුත් කියන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. ඒ උනාට ඒ ටිකත් කිව්වා නම් තමා හොඳ c-)

      Delete
  7. හැක් හැක්. නිකං ඩී ජා වූ වගේ ගතියක් දැනුනා.
    http://camarawenehalokaya.blogspot.com/2015/09/blog-post_9.html

    ReplyDelete
    Replies
    1. Deja Vu ෆිල්ම් එක බැලුවද මචෝ?

      Delete
    2. අප්පා මොකක්ද බොලේ පිලුම් සීන් එක?

      Delete
    3. Deja Vu කියලා පට්ට ෆිල්ම් එකක් තියෙනවා. නොවිය හැකි දෙයක්. ඒත් නොවෙන්න බැරි කමකුත් නෑ කතාවෙ විදිහට. Denzel Washington ඉන්නෙ.

      Delete
    4. ලිස්ට් එකේ තියෙනවා බං. බලන්න ඕනි වෙලාවක. උඹ පට්ටයි කියනවානං ඉතිං ආයි මොනවද?
      දිලා මේක බලන්න. https://www.youtube.com/watch?v=uxdS8TP37I4. මම කීවේ යමක් අහද්දී, දකිද්දී, දැනෙද්දී එය කලින් අසා,දැක,දැනී ඇති බව දැනෙන හැඟීම ගැන.

      Delete
    5. මධුවා මේ මගෙ පෝස්ට් එකක ලින්ක් එකක් නේද දාලා තියෙන්නෙ. මං දැන් දැක්කෙ ඒක. ඒක තමයි දිලිනි "ඕවෑක්" ගාලා තියෙන්නෙ.
      ෆිල්ම් එක පට්ටයි කියන්නෙ මාරම කතාවක් හදලා තියෙන්නෙ. නමෙන් කියවෙනවා වගේම කලින් වෙච්චි සිද්දියක් තාක්ෂණික උපක්‍රමේකින් අතත්‍ය ලෝකයක ගොඩ නගලා ඒක බලාගෙන ඒ සිද්දිය වලක්වන්න අතීතෙට යන සීන් එකක්. පොර ඒ කතාව කොහොම ලීවුවද මන්දා.

      Delete
    6. උඹට ඉතිං මං දාපු ලින්ක් එක පේන්නෙ නෑ වෙන මනස්ගාතනෙ හිතේ තියෙන්නෙ. කවදා හැදෙයිද මන්දා.
      කැමා ඔය කියන විදිහෙම ෆිල්ම් එකක් නේද Source Code?

      Delete
  8. මෙහෙම යාළුවෝ නම් වාසනාවන්... අනේ...

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නෙ කැමා අපේ දේශා වගේ .හදවතින්ම හොඳ යාළුවො ...

      Delete
  9. ඒ වුණාට පව් ඒ කොල්ලා............. පළවෙනි තෑග්ග ග්‍රීන් ටී පැකට් එකක්.................. පව්...............
    http://hudekalasithuwili.blogspot.com

    ReplyDelete
    Replies
    1. ඔව්ව නම් මොනාද ? දම්මි සුගත් කතාවෙ දම්මි සුගත්ට මුලින්ම දුන්නෙ වෙරළු අහුරක්නේ :).ආහ් සාදරයෙන් පිලිගන්නවා දිලාගේ ලෝකයට බ්ලොග් එක බැලුවා. දිගටම රැඳෙමු .a

      Delete
  10. කමක් නෑ ඉතින් නැන්දම්මට හරි තෑග්ග ගැළපුන්නෙ
    ජයවේ දිලා!

    ReplyDelete
    Replies
    1. අපි නැන්දම්ම වෙනුවෙන් ලොකු වෙනසක් කලා වර්ණ.හැක් හැක් :)

      Delete
  11. අවුලක් නෑ පළවෙනි තෑග්ග නැන්දම්මට දීපු එක..නැන්දම්මා ෂේප් නං වැඩේ ගොඩ :D

    ReplyDelete
    Replies
    1. ඒකනේ සංචා ... අපි දුරදිග හිතුවා යාළුවා වෙනුවෙන්. :D

      Delete
  12. Replies
    1. ස්තුතියි ප්‍රියෝ :)

      Delete
  13. අසරණීගෙ ලවු එක එතනින්ම හබක් වුනාද?පවු යකෝ ඔවුව ආනන්තරීය පාප කරුම

    ReplyDelete
    Replies
    1. පි ක් සුද මෙයා ඒක ආයේ එකෙන්ම දුවනවා හික් හික් .අපි මුලින්ම නැන්දම්මව ගොඩ දැම්මනේ කොහොමද ඒක ආනන්තරිය පාපකර්ම වෙන්නේ :)

      Delete