බොඳව ගිය තිතක්ව
මහත් මීදුමක් තුළ
තණ නිල්ල බැලූ බැලූ අත පෙනෙයි
ලං වෙන්න බැරි උනත්
සිත පිනෙයි...
නිහඬ කුටියක් ලෙසට
නුහුරු නුපුරුදු කමක්
සීරුවට පිත්ත වට ගැට ගැසෙයි
රිදී දැල්ලක් වගේ
යළි මැවෙයි...අවදි වෙයි...
ශෝක ගී තෙත නුවන්
ඇසෙන නෑසෙන වදන්
හැම අතම කඩිමුඩියෙ ඇස ගැටෙයි
නොතැවෙන්න යලි සුහද,... වැළපෙන්නේ කුමකටද?
පන්දුවෙහි මිස වරද නුඹේ නොවෙයි....
Friday, November 28, 2014
Wednesday, November 19, 2014
ලණු කොස්ස..
මේ අපේ මනුවා සම්බන්ධ තවත් රසකතාවක්..
අපේ සෙට් එකේ ඉන්නවා වැඩිය උසත් නැති මහතත් නැති කොල්ලෙක් (බටු වර්ගයේ ) ... හැබැයි ඉතිං මේකගෙ වැඩ නම් සුපිරියි කොටින්ම ඉලෙක්ට්‍රොනික් බට්ටෙක්..(බට්ට ගැන කතාවක් පස්සෙ ලියන්නම් )
ඉතින් අපේ බට්ටගේ අප්පච්චි ඇවිල්ලා දක්‍ෂ ගෘහ නිර්මාණ ශිල්පියෙක්...
නිවාඩු දවසට, පුළු පුළුවන් වෙලාවට අපේ මිත්‍රයො "බට්ට ඩඩා" ට උපරිම සහයෝගයක් දෙනව.
දවසක් අපේ බට්ට ඩඩා අපේම මිත්‍රයෙක්ගේ ගෙදරක වැඩක් කරන කොට
අත් උදව්වට අපේ මනුවා ඇතුලු පිරිස සහභාගී උනාලු.
අපේ සැට් එක ඉන්න තැනක ඉතිං පාළුවක් හතර මායිමක ඇත්තෙ නැත්තෙ මෙයාල විහිළු වලට උපන් හපන්නු ටිකක් නිසාවෙන්මයි..
ඕන් ඉතිං එදත් කස්ටිය කෙනෙකුට බයිටක් දෙන ගමන්, කඩියෝ වගේ එහෙ මෙහ දුවගෙන ගජරාමෙට වැඩලු ..ඔහොම වැඩේ නැගල යන අතරෙ, වැඩ තද වෙලා ඉඳපු බට්ට ඩඩා මනුවට කිව්වලු
"ලණු කොස්සක් ගෙනෙන් පුතේ "
මනුවට කියන දේවල් ඇහෙන්නේ අමුතුවට කියල මං කලිනුත් කියල ඇතිනේ..
ඉතිං මේකත්
"හං"
කියල දඩ බඩේ දුවල ගියාලු..ගිහිං මේකා ඒ ගේ වටේ දිව්වලු,මිදුලෙ වටයක් කරකුනාලු,
ආයෙම කුස්සියටත් ඔළුව දමල බැලුවලු...පස්සෙ කඩාගෙන බිඳගෙන දුවන් ගියාලු.
ඕක නෝට් කරන් ඉඳපු බට්ට ඇතුළු අපේ සෙට් එක අන්දුන් කුන්දුන් වෙලා බලං හිටියලු..
ඒ වෙද්දි මනුවගේ පරක්කුව ගැන විපරම් කරපු බට්ට ඩඩා...,
"කෝ මේ කොළුව?"
කියාගෙන එතනට ආවලු.
මනුව දැකපු බට්ට ඩඩාගෙ ඇස් ලොකු වෙලා හිනාවක් දාන ගමන් මෙන්න මෙහෙම කිව්වලු,,,
"ඈ පුතේ.., ඕකෙන් කොහොමෙයි බං කපරාරුවට දිය ඉහින්නේ????? "
වැඩේ මීටර් උන අපේ සැට් එක තක් බිර් වෙලා බලං ඉඳපු මනුව දිහා බලල එදා බඩවල් අල්ලගෙන ඉල ඇදෙනකල් හිනා උනාලු.
ඇයි ඉතිං ලණුකොස්සයි උළුවස්සයි පටලෝගත්ත අපේ මනුවා මතු වෙලා තිබුනෙ බාගෙට හදාපු උළුවස්සක් කරතියන් නොවැ.
ප.ලි . :- ("ලණු කොස්ස" යනු කපරාරුවට දිය ඉසීම සඳහා ලණු මිටියක් එක් කොට සදා ගන්නා උපකරණයකි)
නිමන්තිකා

Tuesday, November 4, 2014
Sunday, November 2, 2014
නූඹේ ළඟ
සඳ දියෙන් රළු පොළව
සිප වැළඳී වෙලාවක
නෙතු පියන් පන්හිඳෙන්
වෙලෙමි මා නූඹේ ළඟ
තරු දෙනෙත් බොර දියෙන්
හේදෙනා සැදෑවක
මුතු කඳුළු තියා මම
හැඬුවෙමිය නූඹේ ළඟ
ප්‍රිය වදන් මුදු තෙපුල්
මගෙ ලඟින් කියාලන
නුඹ දකින තුරු නෙතට
සැනසුමක් නෑ හිතට
හිටිගමන් මදහසින්
මා දෙනෙත් නිවාලන
නුඹේ සුසුම් ළය මතින්
ආදරෙන් තබනු මැන
වැසි වැටී තෙතබරින්
හදවතම තෙමාලන
හඬ හඬා නූඹේ ළඟ
හිඳිමත් සැපකි මට
දුක් තැවුල් සිත් රිදුම්
නැවතුමක් තබාලන
තුරුළු වෙමි සෙනෙහසින්
හාදුවක් තියා මම
-නිමන්තිකා -
Wednesday, October 1, 2014
කමටහන
මෝඩ ඇල ළඟ ඇසතු බෝ රුක
සෙත් පිරිත් විසිකරයි සුළඟට
සෙත් පතා දුක් විඳින නුවරට
වර්ණ ටොපි චොකලට් කොළ සිඹින
ප්ලාස්ටික් පොලිතීන් ලෙවකන
තෙල් මන්ඩි කළු මඩ මිදී ගිය
උදම් රළ දැක උදම් වෙන ඇළ
මැද පන්තියේ හදවතක් මෙන්
පිම්බෙමින් නලියන මෝඩ ඇළ
ඉරේ ගිනි අඟුරක් වැටෙන විට
තම හිසට තම පොත පමණමය
බියේ සිලි සිලි බෑග පතුලින්
සිහින කැබලිව බිම වැටෙන සඳ
උණු තාර කකියයි පතුල් යට
මේ දෙපා සෝඩි ටිකිරිද ?
ඇදුනු මරුවැල පැකිල බිම හුන
විසුල එළවලු අතින් අහුලන
මහළු මවකගෙ පයට පෑගෙන
බිඳුණු විදුරු කැබලි දිළිසෙන
බලු වසුරු රන් පයින් පාගන
සෙමෙන් බොළඳව පෙම උරා බොන
පෙම්වතුන් මන නුවණ කවි කල
චිත්‍රපට දැන්වීම් පුවරුව
ධූලි වැකි ලොතරැයි පතක් උඩ
කඳුළු බිඳුවක් දිලිසෙමින් ඇත
වාශ්පව අහසට නගින්නට
ලඟා වනතුරු තාපාංකය
නුවර දොර මග සෙනග ගැවසෙන - මෙ කවි කැබලි හමු වීය මෙමට
නොවැටහෙයි ඉන් කවි තනන්නට - එකින් එක අමුණා හුයෙන් හුය
තබා යමි එය ඇසතු රුක මුල - නොසැලකිල්ලට නොපෑගෙන්නට
සුදුසු ලෙස පහදනා සිතැතිව - දිනක පැමිණෙන බෝසතකු හට
Monday, September 29, 2014
දයාබර විභාගය...
යනෙන මාවත දෙපස
විහිඳිලා මල් සුවඳ
සියොත් කැල එක් වෙලා
ගයනවා රස ගීත...
සිතෙනවා නවතින්න
මොහොතකට ඔවුන් ළඟ
දයාබර විභාගය..
මට කමා කරනවද ....?
ප :ලි : මේ බට්ට කාලේ ලියපු කවියකි.
විහිඳිලා මල් සුවඳ
සියොත් කැල එක් වෙලා
ගයනවා රස ගීත...
සිතෙනවා නවතින්න
මොහොතකට ඔවුන් ළඟ
දයාබර විභාගය..
මට කමා කරනවද ....?
ප :ලි : මේ බට්ට කාලේ ලියපු කවියකි.
Wednesday, September 17, 2014
කැහිකූරු ආලය
කැහිකුරකට වගේ
නුඹ මාව සැලකුවේ
ලස්සනට ලඟට ගෙන
තදින් පෙම උරා බී
මන්මත්ව...,
සෙමෙන්
වාතලයට මුදා, දුම...
නමුදු ශේෂ වී ඇත
නුඹෙන් මා පැතු
සැනසීම,
අළු අංශු මාත්‍ර ලෙස....
නිමන්තිකා
Tuesday, September 16, 2014
"ජුජුබ්ස් "
"ජුජුබ්ස්"... ඔහ් මොනතරම් රසවත් කෑමක්ද?
හුහ් මතක් වෙනකොටත් කටට කෙල උනනව.
(හැබැයි ඒ දිලාට )
"නෑ...."
ඔයාල කෝමද ඒම කියන්නෙ ? එහෙම වෙන ගොයියෙක් අපේ සැට් එකේ නම් ඉන්නවා.
නමක් කියවුනා..පුංචි පැටික්කෙක් ආව, දණගහල වැඳලා දෝත බදල තෑග්ගත් අරං හිනාවේගෙන ගියපු විදිය දැකල අපේ එකාට අමුතු හැගීමක් හිතට ආපු නිසා, ඊළඟ පුංචි පැටික්කිගේ නම කියවෙත්දී අපේ එකා සාක්කුවට අතදාල ලේන්සුව ඇදල ගත්තේ හීනියට මතුවුණ දාඩිය බිංදු පිහගන්න උනත්,,
ප.ලි . :- මෙය සත්‍ය සිදුවිමක් බව කරුණාවෙන් සලකන්න.
නිමන්තිකා.
හුහ් මතක් වෙනකොටත් කටට කෙල උනනව.
(හැබැයි ඒ දිලාට )
ජුජුබ්ස් මතක් වෙද්දි තුම්මුනින් දාඩිය දාන,කන් රතුවෙන , පට්ටම අවුලකට පත් වෙන අයත් ඔය අතරේ නැතුව නෙවි..
ඔයාල කෝමද ඒම කියන්නෙ ? එහෙම වෙන ගොයියෙක් අපේ සැට් එකේ නම් ඉන්නවා.
"ඔව් ඔව් අනේ.. වෙන කව්ද ඉතිං අපේ සුපුරුදු කථානායක තමා..
ඔව් ඔව්, මේකත් අපේ මනු පෙරල ගත්ත තවත් බාල්දියක් .
මේ මනුවගේ ඔපීසියේ කස්ටිය පවත්වපු උත්සවයක
සිද්දියක්..
දකුණු පළාතේ රූකඩ වලට ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන ප්‍රදේශයක, කනිෂ්ඨ විදුහලක අඩු අදායම් ලාභීන් ලෙස හඳුනාගත් සිසුදරුදරියන්ට පාවහන් ලබා දීමට ලංකාවේ ප්‍රසිද්ධ බැංකුවක් උත්සවයක් සංවිධානය කලා.ඉතිං අපේ මනුවත් ඔය වගේ වැඩ වලට උපරිම සහය දෙන කොල්ලෙක් වෙච්චී..
සංග්‍රහ කමිටුවේ සංවිධායක විදියට බොහෝම ඇප කැප වීමෙන් වැඩ කලා..
සංග්‍රහ සාදය "ලෙසටම " සංවිධානය කරන අතරතුරේ
මනුවා ප්‍රීතියෙන් අමන්දානන්දයට පත් උනේ...මේන් මෙහෙමලු "ඕඕඕ ... ජුජුබ්ස්... කා....ලෙකින්.."
හැමට කලින් ඇස ඉස්සර උනා නුඹ ළඟ...
හිතට හොරෙන් අත සක්මන් කලා නුඹ වට...
කටට හොරෙන් නුඹ ඉක්මන් උනා මගෙ දිව...
අපට හොරෙන් වැඩ ඉක්මන් උනා අපි ළඟ...
"මනු ඉක්මනට වරෙන් මචං , බොසා උඹව හොයනව.
ඔතන වැඩ ටික රෙඩි නේද??
ඉක්මනට යමන් .. ආරාධිත අමුත්තා යෝජනා කරලලු
ශාඛා කාර්ය මණ්ඩලයටත් ඇවිත් පොඩි එවුන්ට සපත්තු බෙදන්න කියල.ඔතන වැඩ ටික සෙට්ල් කරල ස්ටේජ් එක ලඟට සෙට් වෙයන් "
(ඒ මනුවගේ බැංකු ගජය )
හ්ම්.. මදෑ ජුජුබ්ස් කෑවා...
ඕවයින් සැලෙන කොල්ලොද අපි හුහ්
(මිනිත්තුවකට මයික්‍රෝ තත්පර කොච්චරද වේගෙන් ජුජුබ්ස් අහුරු 2ක් අරං සාක්කුවේ ඔබා ගත්ත කොල්ලා...එසැණින් වේදිකාව අසල )
ඉතින් උත්සවේ ලස්සනට වැඩේ කෙරීගෙන යන අතරතුරේ, බැංකු කාර්යමණ්ඩලයේ කස්ටියත් සපත්තු
බෙදාදීම කරගෙන යනව. පුංචි උන්ගේ හිනා කටිං එකයි.

ඔහොම ඉද්දී මනුවගේ වාරෙත් ආව.ස්ටේජ් එකට නැග්ගම අමුතු මෙව්වා එකක් දැනුනේ ආපු මැති ඇමතිවරු දෙමව්පියෝ..පුංචි ඈයෝ ඔක්කොමල කට කනේ තියං බලං ඉඳපු නිසා මිසක්, සබකෝලෙකට නම් නෙවි.

ඔව්,, ඇත්තටම වේදිකාවේ
ලස්සනම ලස්සන වැස්සක් වැස්සේ හැමෝම
සිනා ගන්වනගමන්...
ඔව් ඒක නිකන්ම නිකං වැස්සක් නෙවී..,
පාට පාට ලස්සන "ජුජුබ්ස්". වැස්සක්
(මින් ඉදිරියට සිදුවූයේ කුමක්ද යන්න සිතීම ඔබට භාර කරමි) ප.ලි . :- මෙය සත්‍ය සිදුවිමක් බව කරුණාවෙන් සලකන්න.
නිමන්තිකා.
Friday, September 12, 2014
කොමෙන්ට් කව :)
අපුල්ලද්දි රෙද්ද නොවේ මගෙ ආලේ
යන්නේ කෙලෙස රෙද්දක් ඇඳගෙන රාලේ
කිම් කරම්ද අසරණ මා පඹගාලේ
ඇයි වස්තුවේ ගති නෑරුනෙ නූඹේ ආරේ ??????:P
නිමිත්ත :-නුවර කුමාරි :රුවක්
Tuesday, September 9, 2014
බයික් එක
මනුවා ගැන නම් කතා පොතක් ලියතහැකි...ඒ තරමටම අමුතු සිද්දි තමයි මේකට වෙන්නේ.......
ඉතින් ඔන්න මේකත් අපේ ආදරණීය මිත්‍රයට සිද්ද වෙච්ච දෙයක් තමයි..
මනුවා ජොබ් එකට ගියාට පස්සේ ඉතින් කලෙක ඉඳන් හිතේ තිබුන සිහිනයක් සපුරගත්ත.ඒ තමයි බයික් එකක් ගැනීම.පස්සෙ ඉතින් ඒකෙන්ම තමයි කොල්ලා ගමන් බිමන්.කොටින්ම කිව්වොත් ගෙදරට ගෙවල් දෙක තුනකින් එහා තිබුන කඩේටත් යන්නෙ ඕකෙන්.
මේ සිද්දිය උනේ බයික් එක ගත්ත මුල් සතියේ..
මේකා ඉතිං ලොකුවටම කරන්නෙ බැංකුවට ගිහිං කොළකෑල්ලක් අල්ලාගෙන ඉඳල එන එක බව ඉතිං අපේ සෙට් එකම දන්න දෙයක්
. ඔහොම ඉන්නකොට මේකට 11 ට විතර ඉන්න බැරි බඩගින්නක් එනව.එතකොට නම් ඉතිං මේකව, මැනේජර්ට වත් නතර කරන්න බෑ.එලියට දුවල මොනව හරි කාල එනව හොරා වගේ..
දැන් ඉතින් බයික් එකත් තියෙන නිසා කොල්ලා අම්බලන්ගොඩ ටව්මටම ගියා.පෙට්‍රල් ගහන්න රු 50ක් තියාගෙන ඉතිරි ඔක්කොම සල්ලිවල කෑව වෙනද වගේම. (අපේ මිත්‍රයට ක' බෑ හොඳේ ඉතින් )
ආයෙම බැංකුවට ගිහිං දවස ගෙවාගෙන 4.15 ට විතර ගෙදර එන්න එලියට ඇවිත් බයික් එක නතර කරපු තැනට ගියාලු...මාර වැඩේ බයික් එක නෑලු. අපේ එකාට දැන් දවාලේ තරු පෙනුනලු.
ටයි පොල්ලේ ගැටෙත් බුරුල් කරන ගමන් පිස්සුවෙන් වගේ වටපිටාවේ හැමතැනම බලල, සිකියුරිටි අංකල් ගෙන් ඇහුවලු "බයික් එක කෝ" කියල.සිකියුරිටි අංකල් ටිකක් වෙලා මනුවා දිහා බලං ඉඳල කිව්වලු,
"මහත්තය දවාලේ බයික් එකෙන් එලියට යනව දැක්ක. ඊට පස්සෙ නම් දැක්කේ නෑ." කියල.
පස්සෙ තමයිලු අපේ මනු මහත්මයට මතක් උනේ, ටවුන් එකට බයික් එකෙන් ගියාට ආවේ පයින් කියල.
නිමන්තිකා
ඉතින් ඔන්න මේකත් අපේ ආදරණීය මිත්‍රයට සිද්ද වෙච්ච දෙයක් තමයි..
මනුවා ජොබ් එකට ගියාට පස්සේ ඉතින් කලෙක ඉඳන් හිතේ තිබුන සිහිනයක් සපුරගත්ත.ඒ තමයි බයික් එකක් ගැනීම.පස්සෙ ඉතින් ඒකෙන්ම තමයි කොල්ලා ගමන් බිමන්.කොටින්ම කිව්වොත් ගෙදරට ගෙවල් දෙක තුනකින් එහා තිබුන කඩේටත් යන්නෙ ඕකෙන්.
මේ සිද්දිය උනේ බයික් එක ගත්ත මුල් සතියේ..
මේකා ඉතිං ලොකුවටම කරන්නෙ බැංකුවට ගිහිං කොළකෑල්ලක් අල්ලාගෙන ඉඳල එන එක බව ඉතිං අපේ සෙට් එකම දන්න දෙයක්
දැන් ඉතින් බයික් එකත් තියෙන නිසා කොල්ලා අම්බලන්ගොඩ ටව්මටම ගියා.පෙට්‍රල් ගහන්න රු 50ක් තියාගෙන ඉතිරි ඔක්කොම සල්ලිවල කෑව වෙනද වගේම. (අපේ මිත්‍රයට ක' බෑ හොඳේ ඉතින් )
ආයෙම බැංකුවට ගිහිං දවස ගෙවාගෙන 4.15 ට විතර ගෙදර එන්න එලියට ඇවිත් බයික් එක නතර කරපු තැනට ගියාලු...මාර වැඩේ බයික් එක නෑලු. අපේ එකාට දැන් දවාලේ තරු පෙනුනලු.
ටයි පොල්ලේ ගැටෙත් බුරුල් කරන ගමන් පිස්සුවෙන් වගේ වටපිටාවේ හැමතැනම බලල, සිකියුරිටි අංකල් ගෙන් ඇහුවලු "බයික් එක කෝ" කියල.සිකියුරිටි අංකල් ටිකක් වෙලා මනුවා දිහා බලං ඉඳල කිව්වලු,
"මහත්තය දවාලේ බයික් එකෙන් එලියට යනව දැක්ක. ඊට පස්සෙ නම් දැක්කේ නෑ." කියල.
පස්සෙ තමයිලු අපේ මනු මහත්මයට මතක් උනේ, ටවුන් එකට බයික් එකෙන් ගියාට ආවේ පයින් කියල.
නිමන්තිකා
Subscribe to:
Posts (Atom)