දරා ගනු නොහැකී
ඝනඳුර, කෑලි කැපිය හැකි වී
අඳුර අතපත ගාන මුත් මම
ඉවසමි, දෙනයනින් දිලිසී....
නැගෙන මුත් හදෙහී
සුසුමන්, උරණ හද කැළඹී..
කිම් කරම් මම
යලිදු ,යලිනෙදු ඉවසනා යෙහෙකී ...
දිනක පෙරඹරෙහී...
අරුණළු, කැරළි එයි දිළිහී
මහද සන්තානයේ කුමරුණි,
වඩිනු මැන සැරසී...
නිමන්තිකා..
ටිකක් ඉවසන්ට.. වඩීවි..
ReplyDeleteහ්ම් බලමු දිනේෂ් අයියේ
Deleteවඩීවී කෙදිනක හෝ.... ඒ එනතුරා හිත හදාගෙන ඉඳින්
ReplyDeleteදැන් කරන්නෙත් ඒකම තමයි ඉවාන් අයියේ :)
Deleteවඩිනකම් ඉවසන්නයි තියෙන්නෙ!!
ReplyDeleteහ්ම් හ්ම්ම්
Deleteඉවසපන් පපුව කියල ඉන්න තමා තියෙන්නේ..
ReplyDeleteඅනේ මන්දා
Deleteවෙලාවට කලාවට සෙට් වෙයි..ඔහොම ඉඳිං ඉවසලා.. :D
ReplyDeleteඑත් තරහින් සැඟවිලා ගියාම ලෝකෙම කළුවර වෙනව සංචාරකයෝ ...
Deleteසෙනසුරු හතට එන්න එහෙනං තව කල් තියෙනවා ඈ...
ReplyDeleteනෑ මං හිතන්නේ හතර කේන්දරේ පාළු වෙලා.. :D
Deleteඇත්තටම අවංකවම කිව්වොත් දිලිනි, ගී පවුරේ මමත්( අසංක ) ඔය කවිය පිරිමි ඇසකින් ලිව්ව නම් තියෙන්නේ පොඩි වෙනස්කම් කීපයක් විතරයි...ඒ තරම් හිතට දැනුණා...ඔය හැඟීම මටත් ඔය විදිහටම සමහර විට ඊටත් වඩා දැනෙනවා...වර්තමානයේදීත්.... මේ කවිය ගොඩක් ලස්සනයි නංගි...ඔබට සුභ පැතුම්...
ReplyDeleteබොහොමත්ම ස්තූතියි අසංක අයියේ.... කවියක් විදියට එලියට දැම්මේ හැගීම් හුගක් පෙරලා තෝරලා බේරලා..ඔව් පොඩි වෙනස්කමක්
Deleteකලා නම් එහෙමත් හිතන්න පුළුවන් තමයි.. අන්තිමට කියන්න තියෙන්නෙත්
//කිම් කරම් මම යලිදු ,යලිනෙදු ඉවසනා යෙහෙකී ...// කියල තමයි :)
ඇත්තටම හුගාක් ලස්සන කවියක් අක්කා...
ReplyDeleteහදවතට ගොඩාක් දැනෙන දෙයක් ඔයා ලස්සන කවි පද කිහිපයකට අමුනලා
ඔයාගේ දිලිසෙන ඇස් තියන කුමරු ඉක්මනට ඒවි කියලා මම හිතනවා, එයා එනකම් අපිව සතුටු කරන්න ලස්සන කවි ලියන්න අක්කා............. :ඪ් :)
සාදරයෙන් පිලිගන්නවා දිලාගේ ලෝකයට ! ස්තූතියි නංගෝ...හ්ම්, හිතට සිතිවිලි එනකම්, පුළුවන් තාක් කල්, ඔයාලගෙ සතුට වෙනුවෙන්
ReplyDeleteමගේ දරාගැනීම වෙනුවෙන් මගේ දුක හරි මම කවි වලට හරවයි...
එකෙන් කෙනෙක් සතුටු වෙනව නම් ඒකම ලොකු දෙයක්නේ.. :)
බොහෝම ස්තුතියි අක්කේ දිලාගේ ලෝකයට පිලිගත්තාට........:D
Deleteපස්මහ බැලුම් බලලා ගානට වෙලාවට වඩියි පොඩ්ඩක් කට්ට කාගෙන ඉන්න, හරි වෙලාවට ආරාධනා කලොත් නොවැඩ ඉන්න එකක් නෑ ඔය හඬන හිත සනසවන්න.
ReplyDeleteඑහෙමයි :D
Delete