Tuesday, September 16, 2014

"ජුජුබ්ස් "

"ජුජුබ්ස්"... ඔහ් මොනතරම් රසවත් කෑමක්ද? 
හුහ් මතක් වෙනකොටත් කටට කෙල උනනව.
       (හැබැයි ඒ දිලාට )     


ජුජුබ්ස් මතක් වෙද්දි තුම්මුනින් දාඩිය දාන,කන් රතුවෙන , පට්ටම අවුලකට පත් වෙන අයත් ඔය අතරේ නැතුව නෙවි..


                                        "නෑ...."
     ඔයාල කෝමද ඒම කියන්නෙ ? එහෙම වෙන    ගොයියෙක් අපේ සැට් එකේ නම් ඉන්නවා. 
"ඔව් ඔව් අනේ.. වෙන කව්ද ඉතිං අපේ සුපුරුදු කථානායක තමා..
ඔව් ඔව්, මේකත් අපේ මනු පෙරල ගත්ත තවත් බාල්දියක් .
මේ මනුවගේ ඔපීසියේ කස්ටිය පවත්වපු උත්සවයක 
          සිද්දියක්..
දකුණු පළාතේ රූකඩ වලට ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන ප්‍රදේශයක, කනිෂ්ඨ විදුහලක අඩු අදායම් ලාභීන් ලෙස හඳුනාගත් සිසුදරුදරියන්ට පාවහන් ලබා දීමට ලංකාවේ ප්‍රසිද්ධ බැංකුවක් උත්සවයක් සංවිධානය කලා.ඉතිං අපේ මනුවත් ඔය වගේ වැඩ වලට උපරිම සහය දෙන කොල්ලෙක් වෙච්චී..
සංග්‍රහ කමිටුවේ සංවිධායක විදියට බොහෝම ඇප කැප වීමෙන් වැඩ කලා..
සංග්‍රහ සාදය "ලෙසටම " සංවිධානය කරන අතරතුරේ 
මනුවා ප්‍රීතියෙන් අමන්දානන්දයට පත් උනේ...මේන් මෙහෙමලු "ඕඕඕ ... ජුජුබ්ස්... කා....ලෙකින්.."


හැමට කලින් ඇස ඉස්සර උනා නුඹ ළඟ... 
හිතට හොරෙන් අත සක්මන් කලා නුඹ වට...
කටට හොරෙන් නුඹ ඉක්මන් උනා මගෙ දිව...
අපට හොරෙන් වැඩ ඉක්මන් උනා අපි ළඟ...

"මනු ඉක්මනට වරෙන් මචං , බොසා උඹව හොයනව.
ඔතන වැඩ ටික රෙඩි නේද??
ඉක්මනට යමන් .. ආරාධිත අමුත්තා යෝජනා කරලලු 
ශාඛා කාර්ය මණ්ඩලයටත් ඇවිත් පොඩි එවුන්ට සපත්තු බෙදන්න කියල.ඔතන වැඩ ටික සෙට්ල් කරල ස්ටේජ් එක ලඟට සෙට් වෙයන් " 
(ඒ මනුවගේ බැංකු ගජය )
හ්ම්.. මදෑ ජුජුබ්ස් කෑවා...
ඕවයින් සැලෙන කොල්ලොද අපි හුහ්
 (මිනිත්තුවකට මයික්‍රෝ තත්පර කොච්චරද වේගෙන් ජුජුබ්ස් අහුරු 2ක් අරං සාක්කුවේ ඔබා ගත්ත කොල්ලා...එසැණින් වේදිකාව අසල ) 

ඉතින් උත්සවේ  ලස්සනට වැඩේ කෙරීගෙන යන අතරතුරේ, බැංකු කාර්යමණ්ඩලයේ කස්ටියත් සපත්තු 
බෙදාදීම කරගෙන යනව. පුංචි උන්ගේ හිනා කටිං එකයි.  

ඔහොම ඉද්දී මනුවගේ වාරෙත් ආව.ස්ටේජ් එකට නැග්ගම අමුතු මෙව්වා එකක් දැනුනේ ආපු මැති ඇමතිවරු දෙමව්පියෝ..පුංචි ඈයෝ ඔක්කොමල කට කනේ තියං බලං ඉඳපු නිසා මිසක්, සබකෝලෙකට නම් නෙවි.

නමක් කියවුනා..පුංචි පැටික්කෙක් ආව, දණගහල වැඳලා දෝත බදල තෑග්ගත් අරං හිනාවේගෙන ගියපු විදිය දැකල අපේ එකාට අමුතු හැගීමක් හිතට ආපු නිසා, ඊළඟ පුංචි පැටික්කිගේ නම කියවෙත්දී අපේ එකා සාක්කුවට අතදාල ලේන්සුව ඇදල ගත්තේ හීනියට මතුවුණ දාඩිය බිංදු පිහගන්න උනත්,,
 ඔව්,, ඇත්තටම වේදිකාවේ 
 ලස්සනම ලස්සන වැස්සක් වැස්සේ හැමෝම 
සිනා ගන්වනගමන්...
ඔව් ඒක නිකන්ම නිකං වැස්සක් නෙවී..,
පාට පාට ලස්සන "ජුජුබ්ස්". වැස්සක්  
(මින් ඉදිරියට සිදුවූයේ කුමක්ද යන්න සිතීම ඔබට භාර කරමි) 
                           

ප.ලි . :- මෙය සත්‍ය සිදුවිමක් බව කරුණාවෙන් සලකන්න. 
නිමන්තිකා.

29 comments:

  1. විනාසයි...!!!!! පව් අප්පා මොනවා වුනත්.....

    ReplyDelete
    Replies
    1. ඔව් නෙහ් කොල්ලෙක්නේ ;)

      Delete
  2. හයියෝ සල්ලි!! මනුවට ජුජුබ්ස් කාලා මැරෙන්න හිතෙන්ඩ ඇති. :D :D

    ReplyDelete
    Replies
    1. මොන...ජුජුබ්ස් ගැන කියත්දිත් පොර දැන් බයයි

      Delete
  3. පව් යකූ අහිංසක මනුව... හිකිස්...
    ඊට පස්සෙ නම මනුව නෙවී... ජුජුබ්ස් මනූ කියල වෙනස් කරන්න තිබ්බෙ

    ReplyDelete
    Replies
    1. හිහි..අපේ සෙට් එක ඊළඟ උපන්දිනේට මනුවට දෙන්න ඉන්නේ ජුජුබ්ස් පාර්සලයක් :P

      Delete
  4. ජුජුස් වලට ගොඩාක් ආස මටත් ඔය වගේම seen එකක් උනානේ අක්කේ
    ඊට පස්සෙ ඉදන් මම ජුජුස් කන්නේ හරි පරිස්සමින්........:D

    ReplyDelete
    Replies
    1. හෑ... ඔයාට මොකද උනේ නතාෂා ?

      Delete
  5. හික්ස්. පවු අප්පා මනුවා....

    ReplyDelete
    Replies
    1. පව්දත් අහනවා බස්සියෝ

      Delete
  6. හත්වලාමයි, හෙක් හෙක්. අවුලක් නෑ පොඩි මැජික් සංදර්ශනයක් පොඩි එවුන්ගේ සිත් අමන්දානන්දයට පත් කරන්න කරපු, ඕවා ගණන් ගන්න දේවල් නෙවේ. :D

    ReplyDelete
    Replies
    1. ඒකනේ සොමිය හැමදේ ගැනම අපි සර්ව සුබවාදී විදියට හිතන්න ඕනා .. :)

      Delete
  7. දිලා නංගියා තියාගෙන මනූ අහිංසකයව මඩවනවා නේද? ...බොලාල ඇයි ඕකව ඔයහැටිම තලා පෙලන්නේ...දුකේ බැරුවා...ඉහි...ඉහි...අපිත් කොල්ලොනේ බොලව්....ඉහි...ඉහි...ඒත් ඉතිං ජුජුබ්ස් නං මරු කෑම ඕං හත්පොළේ ගාගෙන කන්නෙ නැත්තම්...නේදෝ???

    ReplyDelete
    Replies
    1. අපොයි නැතුවා නැතුවා...හුදී ජනී ජනයාගේ පහන්සංවේගය උදෙසා පරම පිවිතුරු චේතනා පෙරදැරිව ලියමි. ;P

      Delete
  8. ඔය මනුවා කියන්නේ ඉවානයාට කියන තවත් නමක්ද

    ReplyDelete
    Replies
    1. ඇයි මැලේ ඉවාන් අයියත් හොරෙන් ජුජුබ්ස් කන්න ගිහිං වැඩේ වැරදුනාද ??

      Delete
    2. මොකක් කිව්වා හොර මැලයා

      Delete
  9. හැක හැක හැක ජුජුස් වෙලා බිමටම වැටුනානම් කියලා හිතෙන්න ඇති හැක හැක හැක

    ReplyDelete
  10. මේකනම් ෂුවර් එකටම දිලිනියට වෙච්ච වැඩක් .. අනිවා. මොකෝ මෙයාදේ වැඩියම ජුජුබ්ස් කන්න ආසා ... අනේ අර මනුවව අල්ලලා තියන ලස්සන විතරක් .

    ReplyDelete
    Replies
    1. මේ මේ ඉවාන් අයිය වැඩ වරද්දාගෙන කියල මැලේ අපිට කලින්ම ඔත්තුව දුන්න හරිද ඈ...
      දැන් මොකෑ මේ බොලේ මගේ දිහාවට පාස් කොරන්නේ :P

      Delete
  11. සැහ් පව් මේ මනුව...

    ReplyDelete
    Replies
    1. ඔයාටත් දුක හිතුනද සංචෝ.... මටත් දුකයි... තනි ඇහැට ඇඬේ...නව

      Delete
  12. මොනවා උනත් ජුජුබ්ස් වැස්සක තෙමෙන්න ආසයි...


    ජ ය වේ වා !!!

    ReplyDelete
  13. පවු අප්පා. මනුවට ජුජුබ්ස් කාල මැරෙන්න හිතෙන්න ඇති

    ReplyDelete
  14. හපොයි මනුවා විනාසයි.....ඔන්න ඔයි විදිහටම සාක්කුවට මම තුමී ෆෝන් එක ඔබා ගත්තා දවසක් වතුර භාජනේක දාගෙන සලාද හෝදන අතරේ අට්ත පිහන රෙදි කෑල්ලත් ඔය සාක්කුවෙමලු ඇද්දා රෙදි කෑල්ල ගත්තා භාජනේ ලගට ''චොස්'' ෆෝන් එක වතුරේ වැටුනා....ෆෝන් එක බේර ගත්තට පසු කාලීනව ෆෝන් එකේ කන ඇහෙන් නැතුව ගියා...

    ReplyDelete
    Replies
    1. මට සිද්ධිය මැවිල පෙනුන :D

      Delete