Wednesday, September 17, 2014

කැහිකූරු ආලය

කැහිකුරකට  වගේ 
නුඹ මාව සැලකුවේ 
ලස්සනට ලඟට ගෙන 
තදින් පෙම උරා බී 
මන්මත්ව...,
සෙමෙන් 
වාතලයට මුදා, දුම...
නමුදු ශේෂ වී ඇත 
නුඹෙන් මා පැතු 
සැනසීම,
අළු අංශු මාත්‍ර ලෙස....


නිමන්තිකා
  

21 comments:

  1. හම්මේ..... අන්තිමට කවද හරි කැහි කුරට වෙච්ච දේම තමා වෙන්නේ...

    ReplyDelete
  2. අන්තිමට ෆිල්ටර් කොටෙත් විසිකරනවනේ නිමා

    ReplyDelete
    Replies
    1. නමුත් නිකොටින් ටික ඇග ඇතුලේ තියාගන්නවා සහෝ

      Delete
    2. ඒක නෙවෙන්නම්...

      Delete
  3. බිදෙන් බිද
    දැවෙන
    බව දැනෙයි කහි කුරට
    නමුත් මන්මත් උ
    කල ප්‍රේමයට
    නොදැනෙයි
    නොහැගෙයි
    විනාස වී අවාසන් බව

    ReplyDelete
  4. රජයේ අවවාදය - දුම්බීම පිළිකා ඇති කරයි!!

    ReplyDelete
  5. පිච්චීගෙන පිච්චීගෙන උරා බොනකොට ඕක තේරුනේ නැද්ද බන්... මරු අයිඩියා එක !

    ReplyDelete
  6. එකොනෙන් දැල්වෙන කොට මෙකොන ගිනිගන්නවා නොදැනෙනා අරුමයක රඟ

    ReplyDelete
  7. එතකොට ආදරෙත් කැහි කූරක් වගේද දිලිනි...
    මං දැකල තියෙනව සමහරු ගැහැණියට වඩා සිගරට් එකට ආදරෙයි... එකක් පස්සෙ එකක්...
    9මං දන්නව මේ කවිය වෙනස් කියල මට මතක් වුණ දෙයක් කීවෙ හොදේ.../

    මං කැමති කවදහරි
    කැහිකූරකට වඩා
    අබිං කන්දකට...
    නොමැරී මැරී මැරෙන්න
    ඇබ්බැහියක් වෙන්න
    ඈ මත්තෙම දියවෙලා යන්න...

    ReplyDelete
    Replies
    1. සැක් ඉතරක් ඒ මොන අපරාදයක්ද??

      Delete
  8. ඉවතලූ .... කෙල පිඩක් සේ...... බැහැර කලෙමි...... මවෙතින්....
    ෆෙහෙම නේද....? අන්තිමට

    ReplyDelete
    Replies
    1. නෙවෙන්නම් නිහිංසා

      Delete
  9. හදවෙත්..,
    ඔබ රුවාගනිමි..,
    පිළිකාවක් සේ....


    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. ලොල් කිව්වට කමක් නෑ නේද
      ;D

      Delete
  10. අළු ගොඩකට වගේ
    නුඹ මාව සැලකුවේ
    ලස්සනට ඇවිළ ගිය
    කැහිකූරෙන් මුදා හළ
    මන්මත්ව...,
    සෙමෙන්
    වාතලයෙන් මුදා, දුම...
    නමුදු ශේෂ වී ඇත
    නුඹෙන් මා පැතූ සැනසීම,
    කැහි කූරක ආශ්වාදය ලෙස...

    ReplyDelete
  11. තකහනියක් කැහිකූරු පෙට්ටියක් ගත්තා කියමුකෝ
    බොන්න නෙවේ ඕං.......ෆොටෝ වගයක් ගන්න.....
    හම්මේ ඉතින් කැහිකූරු....

    ReplyDelete
    Replies
    1. කිඹුලිටත් තියෙන වැඩ

      Delete