Monday, September 29, 2014

දයාබර විභාගය...

යනෙන මාවත දෙපස 
විහිඳිලා මල් සුවඳ 
සියොත් කැල එක් වෙලා                   
ගයනවා රස ගීත...
                                                                      
සිතෙනවා නවතින්න 
මොහොතකට ඔවුන් ළඟ 
දයාබර විභාගය..
මට කමා කරනවද ....?





ප :ලි : මේ බට්ට කාලේ ලියපු කවියකි.







21 comments:

  1. ඒ කාලේ අපි හැමෝගෙම කතාව ඕකනේ... :D බට්ට කාලේ ලස්සන කවි කාරියක් නොවැ...

    ReplyDelete
  2. බට්ටා උනාට අදහස සුපහදිලියි...... ලස්සනයි දීලා......

    ReplyDelete
  3. විභාගෙ.. යන්තම් මතකයි !! :)

    පෝස්ට් එකක් දානකොට මාතෘකාව පෝස්ට් එක ඇතුලෙ නැතුව, අර ටයිටල් ද මොකක්ද කියල (එතන තියන වචනය හරියට මතක නෑ මට) තියන තැනට දාන්න.

    ReplyDelete
  4. බට්ටි කාලෙ ලියපු එකක් වුණාට කවියෙන් කියන්නෙනං ඒ කාලෙ අපිටත් තිබ්බ පුරස්නයක්..
    විභාග ගැනනං මතක් කරන්නවත් එපා.. :D

    ReplyDelete
    Replies
    1. මට ඔය කවිය මතක් උනෙත් මේ විභාගයක් නිසා තමා :D
      නිදහසේ බ්ලොග් එක පැත්තේ රස්තියාදු වෙන්න වත් නෑ :(

      Delete
  5. දැන් බටු ගතිය නැද්ද?

    ReplyDelete
  6. ලස්සනයි දිලිනි අදහස හරිම පැහැදිලියි බට්ටි කාලේ ඉඳන්ම කවි කාරියක්නේ, වෙලාවක කවි පොතක් දොරට වඩම්මන්න, උත්සාහ කලොත් බැරි වෙන එකක් නැහැ, හිත කැමති හීන වලට වඩා තරු පෙන හීන භාහිර ලෝකේ අපිට දෙනවා, හිත එතන නතර උනාට කය තරු බල බල හුල්ලනවා, එහෙම නේද? පට්ට කවිය. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඒ කාලේ ඉඳන්ම ලිව්වා. දැන් ඒ කුරුටු ගාපුවා පොත් හොයාගන්නත් නෑ.. මේ කවියත් ඒ කවි පොතක ලියල තිබුන එකක්.
      ඒ කාලෙදිත් බරසාර නැතත් අහිංසක කවි ලිව්ව. සා.පෙ , උ.පෙ කාලේ යාලුවොන්ට පෙම් හසුන් වලටත් කවි ලියල දීල එහෙම සෑහෙන
      උදව් කරල තියෙනවා.. ;) ස්තූතියි...බලමුකෝ ඒ තැනට යන්න මම තව හුගක් ඉගෙන ගන්න ඕන කියල මට හිතෙනව.වචනයකින් හරි
      කරන දිරිමත් කිරීම් හුඟක් වටිනවා. නැවතත් බොහොමත්ම ස්තූතියි සොමියෝ...

      Delete
  7. :)) ස්තූතියි ප්‍රියා අයියේ

    ReplyDelete
  8. බට්ට කාලෙ කියන්නෙ දැන් ඔයා ගොඩක් උසද ඈ...???

    කොහොම වුණත් කවි හිතකට කාලය ප්‍රශ්නයක් නෑ...ඒ බව මේ කවියේ තියන ලස්සනෙන් පේනවා...වචන කිහිපයකින් සදාකාලික ඇත්තක් සුන්දරව ප්‍රකාශ කරන්න හැමෝටම නොහැකියි...ඒත් ඔබට ඒ හැකියාව නොඅඩුව තියනවා... ඔබට හැමදාමත් සුබ පතනවා නංගි...

    ReplyDelete
  9. අනේ ඒ හැටි උසක් නෑ අයියේ..කස්ටිය කියන්නේ තවමත් බටු කේස් එකක් කියලා. හි හි . බොහොම ස්තූතියි :)
    ඔය සුබපැතුම් හැමදාමත් මාව දිරිමත් කරනවා .

    ReplyDelete
  10. ඒ කාලෙ නං විභාගයක් ලං වෙනකොට නොහිතෙන දෙයක් නෑ නේද දිල්.
    පද ටික ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. හ්ම් ඒව ගැන නම් කියන්න වචන නෑ තනු... ස්තූතියි :)

      Delete
  11. බට්ටා කාලෙ මෙහෙමනම්!!

    ජයවේවා!

    ReplyDelete
  12. මටනං ඒ කාලේ හිතුනේ ශාලාධිපතිගේ ඔලුවට ගලක් ගහන්න.. විභාග ශාලාවට ගිනිතියන්න.. ඔන්න ඔයවගේ දේවල්... අනේ මන්දා මේ ලමයි..

    ජ ය වේ වා !!!!

    ReplyDelete
    Replies
    1. හපොච්චියේ හරිම දරුණුයි නොවැ... :)

      Delete