Wednesday, September 3, 2014

"කොළකැඳ සමිති හා ඉන්ටවීව් "

අද නම් කියන්න තනන්නේ අපේ මිත්‍රයෙක් / සහෝදරයෙක්ට  සිද්ද වෙච්චි ඇබැද්දියක් ගැන.
අපි ඔහු "මනූ " ලෙස හඳුන්වමු. ඇත්තටම කියනවා නම්, අපේ සෙට් එකෙන්ම දියුණු වෙන්න තදින්ම උණ තියෙන්නෙ මෙන්න මේ පුද්ගලයට තමයි. 

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හිත හොඳ කොල්ලෙක් උනත්, ඒ හොඳ හිත නිසාම "මනුවට" වෙන අකරතැබ්බ  වලත් අඩුවක් නම් නෑ.

                          වාණිජ අංශයෙන් උ /පෙ කලාට සරසවිය පැත්තේ යන්න නම් ලැබුනේ නෑ ඉතිං.
ඕවට සැලෙන කොල්ලෙක් නොවෙන නිසාත්, ජීවිතය දිනන්න ලොකු උවමනාවක් තියෙන නිසාත් මලයා රස්සාවල් පස්සේ ගියා. ඒ  වගේම මෙයාගේ ලොකු හීනයක් තිබුණා රජයේ බැංකුවක රස්සාවක් කරන්න. 
ඉතිං කොල්ලා අහුවෙන හැම වේකන්සියටම වගේ අයදුම්පත් දැම්මා.පොඩි ජොබ් කට්ටක් සෙට් උනත්,මනු  එයාගේ හීනය නම් අමතක කලේ නෑ..ඔය අතරේ ලංකාවේ පිළිගත්ත රජයේ ලොකු බැංකුවකින් සම්මුඛ පරීක්ෂණයක් කැඳවල ලියුමක් ලැබුනේ මනුගේ හිත විතරක් නෙවෙයි, අපි හැමෝගෙමත්  හිත් සතුටින් පුරවන ගමන්. 

සෙට් එකේ හිත හොඳ, පිස්සුවේ අඩුවක් නැති එකා වීමත්, කාගෙත් ආදරය දිනාගැනීමත්, නිසා කස්ටියම බොහොම උනන්දුවෙන් වැඩේට සෙට් වෙලා, මේකව පුරුදු පුහුණු කලා. ගමනට ඕන කරන අඩුම කුඩුම සෙට් එකෙන්ම සපයල දුන්නු නිසා අපේ මිත්‍රයට තිබුනේ දෙයියනේ කියල ගිහිං වැඩේ ගොඩ දා ගැනීමක් තමයි.

කොහොමින් කොහොමින් හරි මනු ඉන්ටවීව් ගියා. සෙට් එක එදා කොල්ලා එනකල් මග බලං උන්නේ යන තැන වැඩ  අනාගැනීමේ උපන් හැකියාවක් ඔහුට තිබුන නිසා.(නොසැලකිල්ල ත් හිත හොඳ කමත් නිසා )
                                                                            ඉතින් කෝම හරි මුල් දවසේ වැඩේ ගොඩ. මනුවා එදා ගෙදර ආවෙත් හිස් අතින් නම් නෙවෙයි.අත්සන් කරන්න බැංකුවෙන් දීපු පෑනත් මෙයා සාක්කුවේ දාගෙන ඇවිත් තිබුණා.(සොරකම් කිරීමේ පවිටු චේතනාවෙන් නම් නෙවයි , අමතක වීමෙන් ) :D
                   ඔහොම කාලය ගතවෙලා දෙවැනි දවසෙත් ඉන්ටවීව් ගියා.හොඳම සිද්දිය උනෙත් එදා.

ඉතිං බැංකුවේ ඉහල කටයුතු නිලධාරීන් කීප දෙනෙක් මනුගේ කතාවේ ප්‍රසන්න භාවයට පැහැදිලා, CV එක එහෙම බලලා ඇහුවලු,
" සමිති සංගම් වල ඉඳල තියෙනවද? "කියල. 
ඉතින් මේකා ගත් කටටම කිව්වලු "ඔව් " කියල.
ටිකකින් එතන ඉඳපු බඩ මහත තදයෙක් වගේ පෙනුන පොරක් මෙයාගෙන් ඇහුවලු
 "කොළ කැඳ සමිති වලත් ඉඳල තියෙනවද? " කියල.
දැන් නම් අපේ එකා කොර උනා කියල දැනුනත්, ඒ වගක් පෙන්නන්නේ 
නැතුව හෙන ලෝඩ් වගේ, පට්ට ප්‍රොෆෙෂනල්  විදියට මෙහෙම උත්තර දුන්නලු.
 "සර් මම එහෙම සමිතියක් ගැන නම් දැනුවත් නැහැ ." 
ආයෙම අර බඩ මහත කෙනා හීනියට හිනාවෙලා ඇහුවලු
 "මොන සමිති ගැනද පුතා දැනුවත් ?" කියල.
 පුතා කියලත් කතා කරපු නිසා ,සුහද බව දැනුන නිසා ඉතිං මනුවා දන්න කියන සමිති සංගම් ගැන ලිස්ට් එකක් කියාගෙන ගිහිං ,
"ඒත් සර් කොළකැඳ සමිති ගැන නම් මං අද තමයි ඇහුවෙත් "කියල කිව්වලු.
  
ඉන්ටව් බෝඩ් එකේ සේරම මූණට මුණ බලන් එක හඩින් හිනාවෙද්දී නම් අපේ කොල්ලට   ඒ .සී. එක ඇතුලෙත් දාඩිය දැම්මලු.පස්සෙ අර බඩ මහත මහත්මයා මැදිහත් වෙලා මෙහෙම කිව්වලු,
 "පුතා මම ඇහුවේ කුළඟන සමිති ගැන මිසක්  කොළකැඳ සමිති ගැන නෙවෙයි." කියල.

ඉතිං ඔය සිද්දිය සෙට් එකේ අයට ඇවිත් කිව්වම මනූට අත්වුන ඉරණම ගැන අමුතුවෙන් ලියන්න ඕන නැහැනෙ.ඒ වගේම අපිට‍ කොළකැඳ එකක් බොන්න සෙට් උනොත් ඉතින් අපේ මිත්‍රයව අනිවාර්යෙන්ම මතක් වෙනව.කට්ටිය සෙට් එක ඉද්දි එහෙම අවස්තාවක් අවොත් ඉතිං ප්‍රසිද්ධියේ බයිට් කරන්න බැරි  නම් කව්රු කව්රුත් මුනට මුණ බලල මනූ දිහාවට හීන් හිනාවකින් සංග්‍රහ කරන්න අපි අමතක කරන්නෙ නෑ.








ප.ලි . -: කොහොමහරි අපේ මිත්‍රයට ජොබ් එක හරි ගියා.අපේ සෙට් එක නම් කිව්වෙ ඉන්ටව් බෝඩ් එක හිනස්සල ජොබ ගොඩ දාගත්ත කියල. [නමුත් මනු ඇත්තටම දක්‍ෂ කොල්ලෙක්  :) ]                              


නිමන්තිකා.

32 comments:

  1. ඒකනම් නියමයි අක්කේ
    අපිටත් ඔහොම වෙලා හරි ජොබ් එකක් සෙට් වෙනවනම්...... :D

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ නංගා

      Delete
  2. ඒ කියන්නෙ මනුවට කුළඟන කියන එක ඇහිල තියෙන්නෙ කොළකැඳ වගේද..? :D

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් සංචාරකයෝ එහෙම තමයි

      Delete
  3. මට දැන් එ සිද්දිය හොදට මතක් වෙනව විතරක් නෙමෙයි මනුවව දැක්කම හිනත් යනව, මොකද දැන් මනුව ඉන්නෙ මෙතන... :D

    ReplyDelete
    Replies
    1. අප්පතසිලි මට පෝලිමට හචිං යාවිද :D

      Delete
  4. ජොබ හරි ගියා නම් කොළ කැද උනත් මොකෝ ඈ :D

    ReplyDelete
  5. අපෙන් ඇහුවෙ නෑනෙ ඕවගෙ පුරස්න නංගියෝ...ඇහුවනම් ඉතින් අද මේ ජොබ් එක තියා කැඳත් නෑ...හහ්...හහ්...

    ReplyDelete
  6. එහෙමද? මේක සත්‍ය කතාවක් පවුරේ...සමහරවිට මනුවා පොඩි පහේ කොලුවා නිසා අහන්න ඇති ;)

    ReplyDelete
    Replies
    1. ඒක හැබැයි...පොඩි ජෝක් එකක් නංගියෝ...කියන්න හැදුවේ ඕවගේ පුරස්න අපෙන් එහෙම ඇහුවනම් අපි දෙන උත්තර වල හැටියට ඉතින් අද කැඳත් නැතිවෙන්න තිබුණා...කොහොම හරි ...මනූට ජය පතමු...

      Delete
    2. :D අහ් ඒක මිසක් :) අනිවා මනුවට ජය පැතිය යුතුමයි.ඒකා සිටින තැන රසමුසු කතා බොහොමයි.ඉදිරියට මනුගේ රස කතා විදියට ඒවත් පලකරන්නම් .

      Delete
  7. මාත් ඔය කතාව කලින් දැනගෙන හිටියා. ඒත් ඒ වෙනකොට මමත් කුලඟන සමිති කියල එකක් ගැන දැනං හිටියෙ නැහැනෙ දිලා.

    ReplyDelete
    Replies
    1. අහ් ඕක ඔයාට කිව්වෙත් අපේ සෙට් එකේම කෙනෙක්නෙ නමිල් ;) කුලඟන සමිති කියන්නේ කාන්තාවන් නියෝජනය කරන සමිති ;)
      කාලෙකින් මේ පැත්තේ නේ..

      Delete
  8. කොළකැඳ සමිති.. හැක් හැක්.. අර බඩ තඩි මහත්තයා ඉන්ටර්විවි් බෝඩ් එකට ගැලපෙන්නෙ නෑ.. හැක්.. මරු කතාව

    ReplyDelete
    Replies
    1. ඒ මොකද දේශකතුමෝ ???

      Delete
  9. කොළකැඳ සමිතියෙන හරි කමක් නෑ වැඩේ ගොඩ දා ගත්තනම් , හැබැයි මිනිහට්ස් කුලඟන සමිති කියන එක හරියට අහුනනම් දෙන උත්තරේ හැටියට ජොබ් එක නැතිවෙන්නත්ත් තිබ්බා ...

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඉවාන් අයියේ කොයි දේත් වෙන්නේ හොඳටයි කියල අපේ මනුවත් ඔප්පු කලා :)

      Delete
  10. Replies
    1. ඔව් ඉතිං ඔය සමීකරණේ අපේ ජීවිතේදී අනන්තවත් Apply වෙන වෙලාවල් තියෙනවනේ ප්‍රියා අයියේ..
      ඒක නෙවි, කෝ ප්‍රියාගේ සිතිවිලි ලියන්නේ නැත්තේ මොකෑ හැබෑට??

      Delete
    2. එක ලියන්න තරම් සිතුවිලි නල්ලූ මේ ටිකේ

      Delete
    3. ප්‍රියාවි එපායැ කියලලු.. ඉතිං පොර එක පයින් නේ ඒවා අහන්නේ

      Delete
    4. හයියූ පව් සීන් එක .

      Delete
  11. පැනල් එකේ හිටිය එකා ඇහුවෙ සිරාවටමනං ඌ හෙන ගොබ්බ්යෙක්. නැතුව සාකැස්ටිකලි නං, ඌ සිරා පොරක් - මූ ගොබ්බයෙක්.

    ReplyDelete
    Replies
    1. :) හපොච්චියේ B cool .ඔහොම ඔරොප්පු වෙලා පුළුවනැයි :)

      Delete
  12. හම්මේ අපිටත් කොච්චර නම් වචන ටැපලිලා ඇහිලා ගිනි විජ්ජුම්බර වෙනවද? කොහොම නමුත් ජොබ් එක සෙට් උනානේ සතුටුයි ඒ ගැන

    ReplyDelete
    Replies
    1. ඔයාටත් ඒම වෙලා තියෙනවද ශානු අක්කෝ හලි තෝයි.. :p

      Delete
  13. හිහි මාන්දමික පොරක් හරියට මං වගේම...
    අනාගන්නව ඉවරයක් නැ...
    කටට බ්‍රේකුත් නෑ

    ReplyDelete
    Replies
    1. :) මේ හැබෑටම මාන්දමික කියන්නේ මොකක්ද ඈ??

      Delete
  14. නොතේරුන බව පෙන්වීමත් ගොඩ යාමේ එක ටෙක්නික් එකක්. ;)

    ReplyDelete
    Replies
    1. හි හි ඒ කියන්නෙ බස්සිත් ඒක අනුගමනය කරනවා ;)

      Delete