Tuesday, September 9, 2014

බයික් එක

මනුවා ගැන නම් කතා පොතක් ලියතහැකි...ඒ තරමටම අමුතු සිද්දි තමයි මේකට වෙන්නේ.......
ඉතින් ඔන්න මේකත් අපේ ආදරණීය මිත්‍රයට සිද්ද වෙච්ච දෙයක් තමයි..
මනුවා ජොබ් එකට ගියාට පස්සේ ඉතින් කලෙක ඉඳන් හිතේ තිබුන සිහිනයක් සපුරගත්ත.ඒ තමයි බයික් එකක් ගැනීම.පස්සෙ ඉතින් ඒකෙන්ම තමයි කොල්ලා ගමන් බිමන්.කොටින්ම කිව්වොත් ගෙදරට ගෙවල් දෙක තුනකින් එහා තිබුන කඩේටත් යන්නෙ ඕකෙන්.  



                                                  මේ සිද්දිය උනේ බයික් එක ගත්ත මුල් සතියේ..
මේකා ඉතිං ලොකුවටම කරන්නෙ බැංකුවට ගිහිං කොළකෑල්ලක් අල්ලාගෙන ඉඳල එන එක බව ඉතිං අපේ  සෙට් එකම දන්න දෙයක්   . ඔහොම ඉන්නකොට මේකට 11 ට විතර ඉන්න බැරි බඩගින්නක් එනව.එතකොට නම් ඉතිං මේකව, මැනේජර්ට වත් නතර කරන්න බෑ.එලියට දුවල මොනව හරි කාල එනව හොරා වගේ..

දැන් ඉතින් බයික් එකත් තියෙන නිසා කොල්ලා අම්බලන්ගොඩ ටව්මටම ගියා.පෙට්‍රල් ගහන්න රු 50ක් තියාගෙන ඉතිරි ඔක්කොම සල්ලිවල කෑව වෙනද වගේම. (අපේ මිත්‍රයට ක' බෑ හොඳේ ඉතින්  )
ආයෙම බැංකුවට ගිහිං දවස ගෙවාගෙන 4.15 ට විතර ගෙදර එන්න එලියට ඇවිත් බයික් එක නතර කරපු තැනට ගියාලු...මාර වැඩේ බයික් එක නෑලු. අපේ එකාට දැන් දවාලේ තරු පෙනුනලු.

ටයි පොල්ලේ ගැටෙත් බුරුල් කරන ගමන් පිස්සුවෙන් වගේ වටපිටාවේ හැමතැනම බලල, සිකියුරිටි අංකල් ගෙන් ඇහුවලු "බයික් එක කෝ" කියල.සිකියුරිටි අංකල් ටිකක් වෙලා මනුවා දිහා බලං ඉඳල කිව්වලු,

"මහත්තය දවාලේ බයික් එකෙන් එලියට යනව දැක්ක. ඊට පස්සෙ නම් දැක්කේ නෑ." කියල.
පස්සෙ තමයිලු  අපේ මනු මහත්මයට මතක් උනේ, ටවුන් එකට බයික් එකෙන් ගියාට ආවේ පයින් කියල.


නිමන්තිකා

27 comments:

  1. අපොයි දෙය්යනේ... එහෙම වාහන අමතක වෙන උනුත් ඉන්නවද???? :O

    ReplyDelete
  2. ඇයි දෙයියනේ අමතක වෙනව කියල මෙහෙමත් වෙනොවද?

    ReplyDelete
    Replies
    1. ඔය වෙලා තියෙන්නෙ ඇනෝ :)

      Delete
  3. හිඃ හිඃ අයියෝ සල්ලි... :D

    ReplyDelete
    Replies
    1. බයික් එක කව්රු හරි ඉස්සුවා නම් ඉතිං ඕකම තමා සුපුන්, කියන්න වෙන්නෙ....

      Delete
  4. මම හිතුවා ෆිල්ම් වල විතරයි මෙහෙමම අමතක වෙන එවුන් ඉන්නේ කියලා.. බලාගෙන යද්දී නෑනේ..

    ReplyDelete
    Replies
    1. හපොයි නෑ දිනේෂ් අයියේ අපේ එකාට තව සෑහෙන දේවල් අමතක වෙනව. මම නම් හිතන්නේ ඔහොම අය ලෝකෙටම එකයි කියල
      එච්චරටම අමුතු සින් වෙනව එයාට

      Delete
  5. හරිම මාන්දමික බුවෙක් නෙව...
    සීනි දාල වෙඩි තියන්න ඕන..
    ඇයි යකෝ බයික් එක අමතක වෙන්න තරං කොච්චර හොද සිහියක් තියෙන්න ඕනද

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ කුඹි කාල මැරෙන්නද??

      Delete
  6. මට පෙන්නේ මනුවා මනුවා කියා කියා මෙයාට වෙච්ච දේවල් අර අහිංසකයා පිටින් අතරිනවද කොහෙද ? :P
    හා හා ඉතින් ඔයා පස්සේ ගිහින් බයිසිකලේ අරන් ආවද?

    ReplyDelete
    Replies
    1. හපොයි ඉවාන් අයිය ඒක අහපු කැත.. අනේ නැතෝ මේ අපේ මනුවා සම්බන්ධ කතාවකි.මට තවම බයික් එකක් තියා ලයිසන් එකක්වත් නැත.

      ;D

      Delete
  7. //පෙට්‍රල් ගහන්න රු 50ක් තියාගෙන// අහන්නත් සංතෝශයි!! ඒ කියන්නෙ අපි වගේ බුවාලා තව ඉන්නවා. මම හිතුවා බයික් එකේ වැඩ්ඩො වගේ ගිහින් රුපියල් 50ක් දික් කරලා පෙට්‍රල් ගහගෙන ෂෙඩ් එකේෙකාගෙ කිණ්ඩි බැල්ම වින්ඳෙ අපි විතරයි කියලා!! :D :D

    කොහොම උනත් බයික් එක අමතක උනා කියන්නෙ මෑන් මරුම පොරක් තමා!!

    ReplyDelete
    Replies
    1. ඒම බැලුවොත් අපි කව්රුත් එකම බෝට්ටුවේ තමා ප්‍රියා අයියෙ.. හි හි .

      Delete
    2. හැබැයි ඔය කින්ඩි බැල්ම දාන පෙට්‍රල් ගහන ෂෙඩ් එකේ එකාට රු 50 ක පෙට්‍රල් ගහලවත් දුවන්න බයික් එකක් තියේද කියන එක වෙනම කතාවක් . :P

      Delete
  8. හම්මේ මනුවා නම් මාර බුවෙක්,

    ReplyDelete
  9. බොල මෙහෙමත් අමතක වීමක්..
    මූව ගහක බැඳල දිමි ගොට්ටක් දාන්න එපැයි...

    ReplyDelete
    Replies
    1. අඩේ දෙමුද හෙනං පනිශ්මොන්ට් ??? :)

      Delete
  10. අය්යෝ මෙහෙමත් කොල්ලෝ
    ඔය බයික් එක අමතක උනා
    මට හිතෙන්නෙ මනුව කෙල්ලත් එක්ක ගියොත් කෙල්ලවත් අමතක කරලා දාලා ඒවි :D
    පව් අනේ මනුවගේ කෙල්ල :D

    ReplyDelete
  11. මනු ට එයාව අමතක උනත් කෙල්ලව නම් අමතක වෙන එකක් නෑ :P

    ReplyDelete
  12. දිලා නංගි...අපි මේ මනූව යවමුද 'ගජිනි' ෆිල්ම් එකේ අළුත් වර්ෂන් එකකට...හහ්...හහ්..

    ReplyDelete
  13. අෆ්ෆෝ මනුවා වගේ ඩයල් එකක්!!

    ReplyDelete
  14. හප්පා මේකත් අපේ මාමා වගේ ගොයියෙක්.බයික් එකේ කඩේ ගිහින් පයින් ගෙදර එන්නෙ උන්දත් ;D

    ReplyDelete
    Replies
    1. සන්තෝසයි ඒ කාණ්ඩය නියෝජනය සඳහා තව අය සිටීම ගැන :))

      Delete