Sunday, November 2, 2014

නූඹේ ළඟ

සඳ දියෙන් රළු පොළව 
සිප වැළඳී වෙලාවක 
නෙතු පියන් පන්හිඳෙන් 
වෙලෙමි මා නූඹේ ළඟ 

තරු දෙනෙත් බොර දියෙන් 
හේදෙනා  සැදෑවක 
මුතු කඳුළු තියා මම 
හැඬුවෙමිය නූඹේ ළඟ 

ප්‍රිය වදන් මුදු තෙපුල් 
මගෙ ලඟින් කියාලන 
නුඹ දකින තුරු නෙතට 
සැනසුමක් නෑ හිතට 

හිටිගමන් මදහසින්
මා දෙනෙත් නිවාලන 
නුඹේ සුසුම් ළය මතින් 
ආදරෙන් තබනු මැන 

වැසි වැටී තෙතබරින් 
හදවතම තෙමාලන 
හඬ හඬා නූඹේ ළඟ 
හිඳිමත් සැපකි මට 

දුක් තැවුල් සිත් රිදුම් 
නැවතුමක් තබාලන 
තුරුළු වෙමි සෙනෙහසින් 
හාදුවක් තියා මම  



                                            -නිමන්තිකා -

21 comments:

  1. මුතු කදුළු පිසලමින්
    ඔබ මගේ තුරුලට ගෙන
    නැවත ඉඩනොදෙමි
    කදුලට ඔබ ලගට ලං වන්නට.....

    ReplyDelete
    Replies
    1. සන්තෝසෙන් පිලිගන්නවා දිලාගේ ලෝකයට...

      Delete
  2. හොඳ නම් හොඳා :D

    ReplyDelete
  3. ෂෝක් කවි පොඩ්ඩ.. :)

    ReplyDelete
  4. අපූරු පද වැලක් ... ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තුෂානි :)

      Delete
  5. අපූරුයි ,මොකෝ හිටිගමන් අතුරුදහන් වුනේ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉවාන් අයියේ.වැඩ වගයක හිරවෙලා ඉන්නේ.. :)

      Delete
  6. අම්මේ බන්..උඹ පට්ට කවි කාරියෙක්නේ...

    සුපිරියි...සුපිරියි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දෙවෙනි විභීෂණ :)

      Delete
  7. ඔයා පද ගලපන හැටි හරි අපූරුයි නොවැ. දෙතුන් වතාවක් කියෝතැකී ලෝබ කමක් නැතුව...

    ReplyDelete
    Replies
    1. කැමති වතාවක් කියෝලා රසවින්දින්නකො එහෙනම්... :)

      Delete
  8. / දුක් තැවුල් සිත් රිදුම්
    නැවතුමක් තබාලන
    තුරුළු වෙමි සෙනෙහසින්
    හාදුවක් තියා මම /

    රයිට් එහෙනං ... හෙක් හෙක්...

    ඉස්තරං ඈ..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. රයිටෝ රයිටෝ විදානේ.. ස්තුතියි :)

      Delete
  9. "හාදුවක රැදි කදුල
    හදවතේ හොවා ගන
    තූරුලු කරගමි නුඹව
    මගේ යැයි සිතාගන"

    වැඩේ එළ!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කටුසු.ආයුබෝවන්ඩ කියලා පිළිගන්නව මේ පැත්තට.

      Delete