Thursday, December 18, 2014

වළකනු නටබුන් මතක





සිසිරයක සිරව ඇත 
හද සන්තානයම...
උලමෙකු ලෙසින් බෑඟිරි දෙයි 
පැතු සිහින...
කොවුලෙකු වගේ වියපත් 
අත්තටු රිදෙන...
නොම එනු කියා වළකනු 
නටබුන් මතක...

නිමන්තිකා 

39 comments:

  1. එදා සෙනෙහෙං නොබැඳුනා නම්.. මෙදා වියොවක් නෑ.. :) අපූරු පද ටික දිලා.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. අතීතය සිහිනයක් පමණයි මිත්‍ර :) ජය ශ්‍රී!

      Delete
  2. මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ.. :D

    ReplyDelete
    Replies
    1. ඔබ මතක නැති කරන්නට මට මතක නැති උනා :P

      Delete
  3. ප්‍රේමයේදී
    සුවය දෙන
    මතකයන්මයි
    විරහවේදී
    රිදුම් දෙන්නේ

    ලස්සන පැදි පෙළක්

    ReplyDelete
    Replies
    1. විරහව සමග ඇදිල යන දවස්වලත් අමුතු සුන්දරත්වයක් තියෙනව කුලකයෝ...ඒක දන්නේ විඳපු එකා...ස්තුතියි !! සතුටුයි මේ පැත්තට ආවට :-bd

      Delete
  4. දෙකොපුල් රත් කරාලූ
    ඒ සෙනෙහසින්මැයි
    ඒ කොපුල් තල සදා
    සුදෝ සුදුමැලි කලේ

    ReplyDelete
    Replies
    1. මුවගින් නොනැවත
      දෙනෙතිනුදු හිනැස්සු
      ස්නේහයම
      සුසුමිනුදු නොනැවතී
      කඳුළින්ම
      හැඩකෙරුණි...

      Delete
  5. නිකන් හිත රිදිලා වගේ ගියා. ලස්ස්සන් පොඩි කවියක්.

    ReplyDelete
  6. ආදරය සුන්දර වරදක්ලු නේ.. පද පේලි ටික නම් අපූරුයි.

    ReplyDelete
  7. මතක තියෙන එකත් දුකක් තමා!

    ReplyDelete
    Replies
    1. නුඹ සදාකාලික ටැටුවකි හදවත පුරාම විසිරුණ.. ;)

      Delete
  8. අපූරුයි
    මට පළවෙනි පද පේලිය කියවද්දි හුරුවක් දුන්න
    පස්සෙ තමා තේරුනේ ඇයි කියල
    වෙනත් පැත්තකට හිතිල්ලක්
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ඔව් ඔයා හරි මහි...ඔයා තමයි මට මේ කවියට ලොකු අත්වැලක් දුන්නේ... ස්තුතියි හොඳද... :)

      Delete
  9. සැබෑ නොවෙනා හීන හරි මිහිරියි
    සිතිජයක් සේ රවටලා සිත
    සිතින් විතරක් එක් වෙලා
    අතීතය දෝතට අරන් අපි
    අහස් ගඟටම විසිකලා
    සැබෑ නොවෙනා හීන හරි මිහිරියි

    ජය වේවා!!! :)

    ReplyDelete
    Replies
    1. හින කතන්දර ඉවරයි...
      මම ඔයාට පාරකියන්නම්
      මහසයුරේ දිය ඉවරයි
      දිය උල්පත ළඟ මම නවතින්නම්...

      ටැන්කු මනා...

      Delete
    2. ලැබුවාවූ නව වසර සියළු සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත සුභ නව වසරක් වේවා!!!

      Delete
    3. ඔබටත් සාර්ථක නව වසරක් වේවා!

      Delete
  10. ඇගේ නමට හිමිකම් පවරා දුන්
    මගේ ජීවිතය නම් දිනපොත ගෙන
    පෙරලා බැලුවෙමි එහි පිය සටහන්
    යුග ගණනක් දුර මතකය විහිදා....

    නිකිණි මහේ තිස් එක් වැනි රිවි දින
    ඇය හමු වූ බව මම ම ලියා ඇත
    රෝස මලක් ගුරු පාරේ දුටුවෙමි
    නෙළා ගන්න එය දවසක රිසිවෙමි....

    ඉල් මාසේ තිස් එක් වැනි සඳු දින
    මිහිරි සොඳුරුබර සැඳෑ වෙලාවක
    මා හා එන බව ඇගෙ අත් අකුරින්
    පිටක් පිරෙන්නට ලියා තබා ඇත....

    උඳුවප් මාසේ කිසියම් දවසක
    බොඳ වූ පොඩි වූ පිටුවක් හමුවෙයි
    ඇය දීගෙක ගිය වග මා අතහැර
    කවුරු නමුත් ලියලා ඇත ලොකුවට

    ඉන්පසු පසු පෙරළෙන හිස් පිටු ගණනකි
    තවමත් එහි මම කිසිවක් නොලියමි...
    තවමත් එහි මම කිසිවක් නොලියමි...
    තවමත් එහි මම කිසිවක් නොලියමි...
    තවමත් එහි මම.....

    ගායනය සහ සංගීතය - වික්ටර් රත්නායක
    ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්.

    මෙන්න අහන්න

    ReplyDelete
  11. මගේ දිනපොතේ හි
    අද රෑ ලියන්නේ
    අප පෙම් කතාවේ අවසානයයි...
    කවදාවත් අහල නෑ ඒ සින්දුව. ස්තුතියි සිංදු ඇනෝ

    ReplyDelete
  12. බ්ලැක් ඇන්ඩ් වයිට් චැලේන්ජ් එකක්ද ? cute කවියක්

    ReplyDelete
    Replies
    1. මමත් ඔහොම අභියෝගයක් දැක්ක බුකියේ.. ඒත් මේක එහෙම චැලේන්ජ් එකකට ලියපු එකක් නෙවි ඉවාන් අයියෝ

      Delete
    2. ඉවාන් මතං......................

      මොකක්ද බ්ලැක් අැන්ඩි වයිට් චැලේන්ජ් ඒක................. බුකියේ සැරි සැරීමක් නැති නිසා ඒ වග දන්නෑ................. ටිකක් කියලා දෙනු කෝ........

      Delete
    3. මමත් බුකියේ නෑ බං, මටත් කිව්වේ අපේ බට කොස්සි. කවි පහක් ලියලා ,චැලේන්ජ් කරන්න ඕන පස් දෙනෙකුට කවි පහක් ලියන්න කියලා. කවියේ පින්තුරේ බ්ලැක් ඇන්ඩ් වයිට් වෙන්න ඕන අනිවාර්යයෙන් ... ඔන්න දැනගත්ත්හු විදිහට කිව්වා හරිද මන්දා

      Delete
    4. ඔව් ඔව් ඒම තමා..

      Delete
  13. කෙටියි,,,,,,,රසයි...... සුපිරි.......

    ReplyDelete
    Replies
    1. එහෙයි...තුටුයි තුතී..කෙන්ජි

      Delete
  14. වළලනු නොහැක .. මතකය :(

    ReplyDelete
  15. වචන කීපයක් අතර ෙගාණු කරපු අදහස් ගොන්නක්................ ලස්සනයි දිලිණියෝ......................

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි පව්රේ....

      Delete
  16. ශෝර්ට් ඇන්ඩ් ස්වීට් ඒත් ලෝන්ග් ඇන්ඩ් ඩීප්....

    ReplyDelete
  17. ඔව් ඔව් සුසියෝ...

    ReplyDelete
  18. http://sinhala.lankanewsweb.net/news/15152-kjhu

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අජිත් සහෝ...

      Delete
  19. ලොකු අදහසක් වචන කිහිපයකට ගලපලා තියෙනවා අපුරුවට .... මාත් පොස්ට් එක ගැන කෙටියෙන්ම කියනවනම් "ෂෝර්ට් ඇන්ඩ් ස්වීට්. . "

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්කොබා

      Delete