Thursday, February 19, 2015

බබා පාත්තුව.....

                                   බබා  පාත්තුව.....



      සති අන්තයේ මා ගොඩ වූ බස්             රථයේ
      දුටු දසුනක් ඇත සුරැකිව ඇතුලු              ළයේ
      සවි කර තිබූ මළු රඳවන                 රාක්කයේ 
      කෙලවර කොක්ක හැඩවුනි පොඩි සපත්තුවේ


      මිරිවැඩියකි බිළිදියකගේ තෙමස්          වියේ 
      කැටයම් කර තිබුනි විසිතුරු නොයෙක් විධේ 
      එය දුටු සැණෙන් සිත රැදවුනි          අතීතයේ 
      සසැළුණු වැඩිද මන්දා කඳුළකිය          ඇහේ                        
                                                            

      මිහිරි මතක පිරි මා ගේ  ළ මා              වියේ
      මෙවැනිම දෙයක් සිහිවී සිත කිතිත්     කැවේ 
      ගමනක් ගොසින් යළි පැමිණිය විටදි    අනේ 
      අහිමිව තිබිණි මිරිවැඩියක් පුන්චි         මගේ 

     ''බබා පාත්තුව කෝ''විය පැනය          මගේ
      මවට අහිමි විය නිදහස විඩි න්           විඩේ 
      සොයමින් හතර අත දුවගොස් වත්ත  වටේ 
      හැඩු කඳුළින්ම නිදි දෙව්දුව වෙතට    ගියේ 

     
      අලුයම පිබිද පැමිණිල්ලකි පිය        හමුවේ 
    '' බබා පත්තුව නෑ මට ඕන                අනේ ''
     දිලිසුණි දෙනෙත් මා පින්බර මව්      පියගේ 
     නව මිරිවැඩි සඟලකි විසඳුම               වූයේ 

   
    ඔබෙත් මගේ මෙන් ඔය හිත       රිදුනාද 
    එසේ නොමැති නම් එයටත්    හිනැහුනිද
    අනෙක් මිරිවැඩිය තනි වී        වලපෙයිද
    නැතිනම් මගේ හිත සංවේදී           වැඩිද      
      නිමන්තිකා 

26 comments:

  1. මේකනම් මාරු ,අපිතත් පුංචි කාලේ මතක් වුනා, ඇත්තටම මෙහෙම දේවල් කීයක්නම් වෙලා ඇද්ද?

    ReplyDelete
    Replies
    1. අනේ හලි තෝයි එහෙම නම්... :)

      Delete
  2. මගේ පොඩ්ඩාගේ පාත්තු නැති වෙච්ච දාට මටත් ඕකම වෙයි. තාම නම් අවුලක් නැහැ.

    ලස්සන කවිය.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අනිවා ගල්පාත තුමෝ හෙන නඩුවක් වෙයි.

      Delete
  3. අගෙයි පැදිපෙළ
    මට මම ගැන මතක නැතත් පුංචි වුන් ගැන ඔය වගේ මතකයන් තියෙනවා...
    නිමන්තිකාට ජය!

    ReplyDelete
  4. පුංචි වුන් කරන දේවල් වලදි ඇත්තටම අපි අතීතෙට යනවා.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත වැව් ඉස්මත්ත..

      Delete
  5. නැතිනම් මගේ හිත සංවේදී වැඩිද ++++++++++++
    කවිය ඉතා අගෙයි.. ශබ්ද කෝශයට තව වචන ටිකක් එකතු කරගෙන එළිවැට එළිසමය රකින්න තව පුංචි ට්‍රයි එකක් දුන්නනම් අගේ තවත් වැඩියි. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. අවවාදයට වගේම ඇගයීමටත් බොහොම ස්තුතියි කල්‍යාණ මිත්‍රයෝ... :)

      Delete
  6. මේ කවි ටිකනං සෝයි..
    මොහොතකට හිත පුංචි කාලෙට ගියා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සංචා :) ඔයාට නම් ඔයා ගැන වගේම නගාගෙ පුංචි කාලේ ගැනත් මතක ඇති. :)

      Delete
  7. සංවේදී කවි පෙළක්. පුංචි හිත් වැඩිහිටියන්ට නොදැනි කොයිතරම් තැලෙනවද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මධුමාධවියෝ...ඒක නේන්නම්..

      Delete
  8. අනෙක් මිරිවැඩිය තනි වී වලපෙයිද
    නැතිනම් මගේ හිත සංවේදී වැඩිද ///

    මේ ටික නං ඔක්කටම වඩා බොක්කටම වැදුණ...
    වලපෙයි කියන එක වැලපෙයි කලොත් මොකද...

    මට නං හිච්චි එකා සංදියෙ වෙච්ච කිසි දෙයක් මතක නෑ.... බැදලත් නැති එකේ ඕ ගැන කියන්න දෙයක් දන්නෙත් නෑ...
    මොනා වුණත් අපූරු කවි පොඩ්ඩ....
    ලස්සනයි ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. //මට නං හිච්චි එකා සංදියෙ වෙච්ච කිසි දෙයක් මතක නෑ.... //(ඒක සාමාන්‍යයි කියමුකෝ ) //බැදලත් නැති එකේ ඕ ගැන කියන්න දෙයක් දන්නෙත් නෑ... //(ඕ ගැන කියන්න බඳින්නම ඕනෙද මහී.. වටේ පිටේ පුංචි එකෙක් දිහා බැලුවත් හරි නෙව :P )

      Delete
  9. හිතට මොකක්දෝ ලොකු දුකක් දැනුණ...ආයෙත් පුංචි එකෙක් වෙන්න තියනවනම්...මම කොහොම හරි වෙනවා...දැන් මේ ලොකු එකෙක් වෙලා...මේ දැනුත් මාර බිසී...ඒ වැඩ අස්සේ මේ කවිය කියවලා හිත සතුටු කරගත්තේ නංගියා කිව්ව වගේම ඇත්තටම ඇස් නළියද්දී...ගී පවුර වෙනුවෙන් ජය පතමි...

    අසංක

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි අසංක අයියේ :)

      Delete
  10. ලත්තනයි අනේ...
    ආයෙත් පුංචි කාලෙට යන්න තියෙනවනම් අපි හැමෝම ආසයි...

    ReplyDelete
    Replies
    1. තැන්කු අනේ.. සාදරයෙන් පිලිගන්නවා දිලාගේ ලෝකයට

      Delete
  11. මිරිවැඩි සඟලක්???
    සංවේදී කවියක් දිලා... කථාවක් මතක් උනා...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විදානේ කතාව පොස්ට් එකක් විදියට එලියට එයි නේද ?

      Delete
  12. //නැතිනම් මගේ හිත සංවේදී වැඩිද//

    සමහර අයට දැනුනනෙ “සමනල සංධ්වනිය“ චිත්‍රපටියෙ අර කොල්ල අහක යන ලියුමක් හින්ද දුක් විඳින එක අතාත්විකයි කියලත්. එහෙම අය නම් කොහොමත් මේ කවි පංතියට එකඟ වෙන එකක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත හෙනහුරා..මිනිස්සුන්ගේ සංවේදීකමත්(සිමාව ) එකිනෙකාට වෙනස්නෙ

      Delete