සබඳ නුඹ දැල්වෙනා සකිසඳ
තාරුකා මෙනි නීල දෙනුවන
අකම්පිත වූ මහිත් මඩලේ
සඳළුතල නිති එකළු වන කළ
නිති ගොතා කවි පබඳිනා හැර
විට කකා ඉවසන්නෙ කෙලෙසක
ඉඟි මරා තුන් හිතම දියකර
අවි දැරූ සැළමුතු පෙමයි නුඹ
ඉකිගසා සියොලඟම පුබුදන
පෙම අරා ඔත්පලයි හදවත
බැබලෙනා විට ලොවක් අභියස
විදදරා සඟවන්නේ කෙලෙසද?
තාරුකා මෙනි නීල දෙනුවන
අකම්පිත වූ මහිත් මඩලේ
සඳළුතල නිති එකළු වන කළ
නිති ගොතා කවි පබඳිනා හැර
විට කකා ඉවසන්නෙ කෙලෙසක
ඉඟි මරා තුන් හිතම දියකර
අවි දැරූ සැළමුතු පෙමයි නුඹ
ඉකිගසා සියොලඟම පුබුදන
පෙම අරා ඔත්පලයි හදවත
බැබලෙනා විට ලොවක් අභියස
විදදරා සඟවන්නේ කෙලෙසද?
නිමන්තිකා
පින්තුරය :අන්තර්ජාලයෙනි
වසන් කරන්නට බෑ මගෙ හිත අද.. මයි කන්ග්‍රැජුලේශන්ස්.. හැක්.
ReplyDeleteවසන් කරන්නට බෑ මගෙ හිත අද
Deleteපෙම් මල් පූදිනවා
සෙනෙහස ඉපදී සුවඳින් මත් වී
පෙම් මල් පූදිනවා ...//
සිහිලට දැනෙනා ගින්දර දැක දැක
සිත දොඩමළු වෙන්නේ
වැළපෙන පෙම් ලොව කඳුළ දකින්නද
පෙම් මල් පූදින්නේ
දෙතොලග පීදෙන රිදී ඉරක මතු
මිහිරද පවසන්නේ
වැළපෙන පෙම් ලොව කඳුළ දකින්නද
පෙම් මල් පූදින්නේ
ගායනය - මාලනී බුලත්සිංහල
පද රචනය - රත්මලේ බන්දුල ගුණවර්ධන
තනුව - එච්. එම්. ජයවර්ධන
අනේ හුගාක් ස්තූතියි සින්දු අනෝ
Deleteකමියෝ උඹට හුළං ....හැක් හැක්
Deleteකමී මොබයිලයාගෙන් ලොග් වීමෙදී සිදුවූ අව්ලට කමා කරන්න.බොහොමත්ම තුති.😊
Deleteමනාටම දෙමු තවත් සිංදුවකට එල දිලිනියෝ
ReplyDeleteඑල නම් දෙමු ඉවාන් අයියේ.ස්තූතියි.
Deleteකඳුළු පැන් - කඳුළු පැන් කෙණ්ඩියක්
ReplyDeleteසිනහා මල් - සිනහා මල් වට්ටියක්
දෑතට ගෙන යා හැකි දුර ගවු සියයක් වත් වේ නම්
ප්‍රේම වන්තයෙක් වුනාට කමක් නෑ මලේ...
සුසුම් වැල් - සුසුම් වැල් ඔලගුවක්
පැතුම් මල් - පැතුම් මල් පළිඟුවක්
දෑතට ගෙන යා හැකි දුර ගවු සියයක් වත් වේ නම්
ප්‍රේම වන්තයෙක් වුනාට කමක් නෑ මලේ...
උණු කඳුළු - උණු කඳුළු බත් මුලක්
මල් පැදුරු - මල් පැදුරු පන් මිටක්
දෑතට ගෙන යා හැකි දුර ගවු සියයක් වත් වේ නම්
ප්‍රේම වන්තියෙක් වුනාට කමක් නෑ නගේ...
පද රචනය - රඹුක්කන සිද්ධාර්ධ හිමි
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක
තුන් හිතම පිරෙනවා මේ කමෙන්ට් වලට.ආයෙම ස්තූතියි.
Deleteලස්සනයි දිළිණි....................
ReplyDeleteස්තූතියි පවුරේ
Deleteපොඩි ජෙලකුත් ඒ අස්සෙන් ලාවට තියේද මංද හිහි... ලස්සනයි දිලිනි යො
ReplyDeleteජයවේවා
අර මොකද මහී. ජය වේවා
Deleteඑකෙන්ම මෙදා පාර නම් මට තෙරුනෙ බගෙට!!
ReplyDeleteඑත් පට්ට!!
තව වතාවක් කියොලා බලමු.ඉතිරි බාගය තෙරෙයි.
Deleteසතුට වැඩි කමට මේකි කන පැලෙන්න ගහල ඒ මදිවට ඒ වලොවේ රිප්ලයි කරලා.. හැක්
ReplyDeleteහැක් . දෙශෝ පොඩි අව්ලක් ගියා දැන් හරි :)
Deleteතාම අයිති නැති ප්රේමයකටද ..... මේ බවුන් වඩන්නේ ..?
ReplyDeleteහිහි අනේ මන්ද අයිතිද නැත්ද කියල තවම ගැටළුවක් නිහිංසා :)
Deleteපුදුමාකාර ලස්සන වචන ටිකක් ගලපලා තියෙන්නෙ (විට කකා කෑල්ල ඇර)
ReplyDeleteමටත් ඒ විට කකා කෑල්ල අවුල්.මේ වගේ පැණි බේරෙන කවියකට ඒ වගේ රැඩිකල් පදයක් ගැලපෙන්නේ නෑ.සිත සිතා/ රුව මවා වගේ එකක් දාලා වෙනස් කරමු.
Deleteපද ටිකනම් ඉස්තරම්.
ජය වේවා....
ඔය කෑල්ලට ගොඩක් අය ඔය වගේ අදහසක් කිව්වා. බොහොමත්ම ස්තුතියි කටුසු වගේම අපේ මදාවියටත් . මේ විචාර මාව දිරිගන්වනවා,
Deleteඉඟි මරා තුන් හිතම දියකර
ReplyDeleteඅවි දැරූ සැළමුතු පෙමයි නුඹ
අගෙයි දිලෝ
ජයවේවා!
බොහොමත්ම ස්තුතියි වර්ණ
ReplyDeleteනියමයි. ඉඳල ඉඳල ලියන ඒවා සුපිරි. විට කකා කෑල්ල ඇරෙන්න ඉතුරු ටිකට හිත ගියා :D.
ReplyDeleteජය වේවා!!!
ස්තුතියි මනා . ඉවාන් කිව්වා වගේ ඔයාට ඕන නම් කවිය සිංදුවකට විවෘතයි.
ReplyDelete