Friday, July 24, 2015

සබඳ නුඹ දැල්වෙනා සකිසඳ

සබඳ නුඹ දැල්වෙනා සකිසඳ
තාරුකා මෙනි නීල දෙනුවන 
අකම්පිත වූ මහිත් මඩලේ 
සඳළුතල නිති එකළු වන කළ

නිති ගොතා කවි පබඳිනා හැර 
විට කකා ඉවසන්නෙ කෙලෙසක 
ඉඟි මරා තුන් හිතම දියකර 
අවි දැරූ සැළමුතු පෙමයි නුඹ 

ඉකිගසා සියොලඟම පුබුදන 
පෙම අරා ඔත්පලයි හදවත 
බැබලෙනා විට ලොවක් අභියස 
විදදරා සඟවන්නේ කෙලෙසද? 
නිමන්තිකා 
පින්තුරය :අන්තර්ජාලයෙනි

26 comments:

  1. වසන් කරන්නට බෑ මගෙ හිත අද.. මයි කන්ග්‍රැජුලේශන්ස්.. හැක්.

    ReplyDelete
    Replies
    1. වසන් කරන්නට බෑ මගෙ හිත අද
      පෙම් මල් පූදිනවා
      සෙනෙහස ඉපදී සුවඳින් මත් වී
      පෙම් මල් පූදිනවා ...//

      සිහිලට දැනෙනා ගින්දර දැක දැක
      සිත දොඩමළු වෙන්නේ
      වැළපෙන පෙම් ලොව කඳුළ දකින්නද
      පෙම් මල් පූදින්නේ
      දෙතොලග පීදෙන රිදී ඉරක මතු
      මිහිරද පවසන්නේ
      වැළපෙන පෙම් ලොව කඳුළ දකින්නද
      පෙම් මල් පූදින්නේ

      ගායනය - මාලනී බුලත්සිංහල
      පද රචනය - රත්මලේ බන්දුල ගුණවර්ධන
      තනුව - එච්. එම්. ජයවර්ධන

      Delete
    2. අනේ හුගාක් ස්තූතියි සින්දු අනෝ

      Delete
    3. කමියෝ උඹට හුළං ....හැක් හැක්

      Delete
    4. කමී මොබයිලයාගෙන් ලොග් වීමෙදී සිදුවූ අව්ලට කමා කරන්න.බොහොමත්ම තුති.😊

      Delete
  2. මනාටම දෙමු තවත් සිංදුවකට එල දිලිනියෝ

    ReplyDelete
    Replies
    1. එල නම් දෙමු ඉවාන් අයියේ.ස්තූතියි.

      Delete
  3. කඳුළු පැන් - කඳුළු පැන් කෙණ්ඩියක්
    සිනහා මල් - සිනහා මල් වට්ටියක්
    දෑතට ගෙන යා හැකි දුර ගවු සියයක් වත් වේ නම්
    ප්‍රේම වන්තයෙක් වුනාට කමක් නෑ මලේ...

    සුසුම් වැල් - සුසුම් වැල් ඔලගුවක්
    පැතුම් මල් - පැතුම් මල් පළිඟුවක්
    දෑතට ගෙන යා හැකි දුර ගවු සියයක් වත් වේ නම්
    ප්‍රේම වන්තයෙක් වුනාට කමක් නෑ මලේ...

    උණු කඳුළු - උණු කඳුළු බත් මුලක්
    මල් පැදුරු - මල් පැදුරු පන් මිටක්
    දෑතට ගෙන යා හැකි දුර ගවු සියයක් වත් වේ නම්
    ප්‍රේම වන්තියෙක් වුනාට කමක් නෑ නගේ...

    පද රචනය - රඹුක්කන සිද්ධාර්ධ හිමි
    සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක

    ReplyDelete
    Replies
    1. තුන් හිතම පිරෙනවා මේ කමෙන්ට් වලට.ආයෙම ස්තූතියි.

      Delete
  4. ලස්සනයි දිළිණි....................

    ReplyDelete
  5. පොඩි ජෙලකුත් ඒ අස්සෙන් ලාවට තියේද මංද හිහි... ලස්සනයි දිලිනි යො
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. අර මොකද මහී. ජය වේවා

      Delete
  6. එකෙන්ම මෙදා පාර නම් මට තෙරුනෙ බගෙට!!
    එත් පට්ට!!

    ReplyDelete
    Replies
    1. තව වතාවක් කියොලා බලමු.ඉතිරි බාගය තෙරෙයි.

      Delete
  7. සතුට වැඩි කමට මේකි කන පැලෙන්න ගහල ඒ මදිවට ඒ වලොවේ රිප්ලයි කරලා.. හැක්

    ReplyDelete
    Replies
    1. හැක් . දෙශෝ පොඩි අව්ලක් ගියා දැන් හරි :)

      Delete
  8. තාම අයිති නැති ප්‍රේමයකටද ..... මේ බවුන් වඩන්නේ ..?

    ReplyDelete
    Replies
    1. හිහි අනේ මන්ද අයිතිද නැත්ද කියල තවම ගැටළුවක් නිහිංසා :)

      Delete
  9. පුදුමාකාර ලස්සන වචන ටිකක් ගලපලා තියෙන්නෙ (විට කකා කෑල්ල ඇර)

    ReplyDelete
    Replies
    1. මටත් ඒ විට කකා කෑල්ල අවුල්.මේ වගේ පැණි බේරෙන කවියකට ඒ වගේ රැඩිකල් පදයක් ගැලපෙන්නේ නෑ.සිත සිතා/ රුව මවා වගේ එකක් දාලා වෙනස් කරමු.
      පද ටිකනම් ඉස්තරම්.
      ජය වේවා....

      Delete
    2. ඔය කෑල්ලට ගොඩක් අය ඔය වගේ අදහසක් කිව්වා. බොහොමත්ම ස්තුතියි කටුසු වගේම අපේ මදාවියටත් . මේ විචාර මාව දිරිගන්වනවා,

      Delete
  10. ඉඟි මරා තුන් හිතම දියකර
    අවි දැරූ සැළමුතු පෙමයි නුඹ

    අගෙයි දිලෝ
    ජයවේවා!

    ReplyDelete
  11. බොහොමත්ම ස්තුතියි වර්ණ

    ReplyDelete
  12. නියමයි. ඉඳල ඉඳල ලියන ඒවා සුපිරි. විට කකා කෑල්ල ඇරෙන්න ඉතුරු ටිකට හිත ගියා :D.
    ජය වේවා!!!

    ReplyDelete
  13. ස්තුතියි මනා . ඉවාන් කිව්වා වගේ ඔයාට ඕන නම් කවිය සිංදුවකට විවෘතයි.

    ReplyDelete