පුන් සඳ නැගෙන දිනකදී දොර ලඟට වෙලා
හිටියා නොවෙද මම ඔබ හට තුරුළු වෙලා
අද තනි වෙලා නෑ කව්රුත් සෙනෙහෙ වෙලා
තෙමෙනව දෙනෙත් ඔබෙ සුවඳක් මහද වෙලා
කෙලෙසද කියන්නේ ඔබ අද නැහැ කියලා
ඇහෙනවා වගේ දැනෙනව හඬ කන් පුරලා
මගේ බුදු අම්මෙ එදවස මෙන් පාර බලා
ඉන්නකො කඩුල්ලේ මම එන්නම් දුවලා
මා හට නොනිමි සෙනෙහස පුදකර දීලා
ඔබ හිනැහුනා නෙතු කඳුළැලි පිසදාලා
කාලය ගෙවී ලෝදම් ළඟ පරල වෙලා
ඔබ නික්මුනා ඔබෙ හුරතලි හැරදාලා
නිමන්තිකා
No comments:
Post a Comment