Sunday, June 8, 2014
අත්තම්මට කියන කවි
මැදියම් රැයේ සිහිලැල් සඳවතිය මෙනී
මගේ ලොව සැනහු හැටි ඇති මතකයේ රැඳී
සැඟවී ගියත් අත්තම්මා මගෙන් මිදී
ඔබෙ ගුණ වයන්නට මට සප්තකය මදී
නිමක් නොමැති ලෙස පෑවේ මට පෙම්මා
අම්මෙක් උනා මගෙ ලෝකෙට අත්තම්මා
සඳත් බැබළෙමින් දොරකඩ වෙත එන්නා
මගෙ හිත හඬයි යැද ඔබෙ උණුහුම නිම්මා
මහමෙර තරම් දුක් කරදර පැමිණි විට
හිස අතගගා නිරතුරු දුන් සැනසීම
ගිරිහිස වගේ සංවරකම ඉවසීම
යශෝදරා නුඹ අම්මේ මගේ ලොවට
කඳුළු කැවෙන මගෙ මේ නෙතු යුග දැකලා
අත්තම්මේ එනවද ඉනි වැට පැනලා
සමන් වැලට උඩින් ඇවිත් ගෙට එබිලා
ඇවිදින් හිනැහෙන්න මගෙ හිස අතගාලා
නිමන්තිකා
Labels:
අත්තම්මට කියන කවි,
කවි

























Show Emoticons 

Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment