ඒ වර්ෂ 2015 ක් වූ බක් මස 28 වැනි අඟහරුවාදාය. දැඩි අසනීප සුවයෙන් පසුවූ නමුදු දිලා අමාරුවෙන් ඇඳ පැළඳ ගත්තේ අදවත් ඔපීසියට ගොස් වැඩ ටික හමාර කරගත යුතුය යන පරම පිවිතුරු උතුම් චේතනාව සහ හිතේ හයිය නිසාමය. නමුත් මගේ බොකුටු පොකුටු කොණ්ඩයේ රැළි හැර පීරන කල මොබයිලයා නොනවත්වා නාද වෙන්නට පටන් ගත්තේ දිලාගේ මුවට "චක්" යන ශබ්දය ද එක්කාසු කරමිනි. කව්ද යකෝ එපාර යනුවෙන් සිතමින් මොබයිලයාට ප්‍රතිචාර දෙන්නට වූයේ ගැහෙන දෙහෙන කම්මැලිකමිනි.
ඉතාමත්ම භක්ත්‍යාදරයෙන් "හෙලෝ" යයි කියූ කල අනෙක් පසින් කලබල මධුර මනෝහර කටෝර වොයිස් එකකින් මෙසේ දෙසවනේ නින්නාද වුනි. "දිලා පුතේ අක්කට අමාරුයි ඇඩ්මිට් කලා ඉක්මනින් එන්න". ඒ අපේ ලොකුඅම්මා ය.
කණ අයිනේ වෙඩි දහසක් පිපිරුණි. ඇයිද?කොහේද? කිසිවක් ඇසිමටවත් ඉඩක් නොලැබුණු අතර මට ක්‍රමයෙන් සියල්ල තේරුම් ගියේය.
අවසිහියක මහත.!
සුදු ඇත්පැටියෙකු නෙළුමක් සොඬින් ගෙන අප අක්කාගේ කුස වෙත සිහිනෙන් රිංගා තිබුනේ මීට නවමසකට පෙරය. වහා ක්‍රියාත්මක වූ දිලා පුරා හෝරා එකහමාරක් ඇතුළත ගම් නියම් ගම් බලා ගමන් ගත වූයේ මහින්ද මාමිගේ අශ්චර්යයේ බල මහිමයෙන් ඉදිවූ අධිවේගී මාර්ගයෙනි.
කොහොමින් කොහොමින් හෝ හොස්පිටිතාලය වෙත සේන්දු වූයේ දහවල් 12.50ටය. තුම්මුනින් දහඩිය පෙරාගෙන දිලා ලෝඩ් සේ ගේට්ටු පළුව තුලින් ඇතුළු වීමට දැරූ අසහාය උත්සාහය උපන්ගෙයිම ව්‍යර්ථ වූයේ හැඩි දැඩි සිකුරුටි කරුවෙකුගේ ග්රහණයෙනි.
"කෝ පාස් .?" උන්දැගේ පැනය විය.
"කෝ පාස් .?" උන්දැගේ පැනය විය.
"පාස් .?"
මම අන්දුන් කුන්දුන් වුනෙමි. ලෝකයේ ලොකුම පුදුමය දුටු කල මෙන් මා සිටිනු දැක උන්දෑ තවත් ෆෝම් විය.
"පාස් නැතිව කොහොමවත් යන්න දෙන්න බෑ. දන්නෙ නැත්ද මෙතන සිස්ටම් එක.? මොන ලෝකෙද ජිවත් වෙන්නෙ.? පාස් එකක් අරං එන්න නැතිනම් යන්න. ඔතන කොච්චර හිටියත් ඇතුලට යවන්නැ"
යනුවෙන් හතර අතේ ඔහුගේ පුචානම දොඩවන්නට විය. මගෙ රතුකට්ට "පරම තරහවේ කෝටියේ උපරිම සීමාවද" ඉක්මවා තිබුණි. මගේ ඇඟේ ලේ කෙමෙන් කෙමෙන් රත් වනු සහ කණ දෙපස තඩ් දඩ් යනුවෙන් ඇසෙනු මෙන්ම මුහුණේ මස්පිඬු දඟලන්නට විණි.
කිසිම තෙතමනයක් නැති ඒ අසික්කිතයා තම නිළ ඇඳුමේ හයිය ගෙන මහා හඬින් එහි නාට්‍ය ඉදිරිපත් කරන අතර මගේ කට ළඟම නිල් කොටු කමිසයකින් සැරසී විරාජමාන වූයේ අන් කිසිවෙක් නොව අපේ අක්කගේම පෙම්බර සැමියාය.
අපේ අක්කගේ සැමියා නොහොත් මගේ මස්සිනා ලැමිනේට් කොරපු පටියක් දික් කර යාන්තම් දිලාව ගේට්ටුව ඇතුලට ඇද ගත්තේය. එසේ නොවන්නට දිලාගේ තරහව වචන වලින් පිට වූයේ නම් රෝහල් පොලිසියද ගේට්ටුව ගාව රැස් වනු නොඅනුමානය. ඈශ්චර්යමත් ආසියාවේ මගුල් අඹගෙඩිය ගැන සුපුරුදු පරිදි ඇතිවූ කම්පාවෙන් යුතුව මා ඉක්මන් ගමනින් පියමැන්නේ සුතිකාගාර වාට්ටු දෙසටය. ලෙඩුන් බලන වෙලාව අවසාන වීමට ළඟා වී තිබුනත් හති දමමින් අප ගොස් එක් ඇඳක් ළඟ නතර විනි.
මගේ සිතේ සියළු දෝමනස්සයන් පහ වූයේ හිරු දුටු පිණිබිඳු වලටත් වඩා ඉක්මණිනි. ලොව ඇති දරුණුතම වේදනාව අභියස අසහාය සටනකින් අනතුරුව ලෝකයම දිනුවා සේ මගේ අක්කා කඳුළු අතරින් සිනාසෙමින් ඇඳ මත හාන්සි වී සිටියේ රෝසමලක් බඳු පුංචි පුතු පැටියෙක් ළමැදේ තියාගෙනය.
ඔව් හිතවතුනි. දිලාගේ කට ඇරුණි. ඇස් ගැස්සුනි. හිනාවෙන්නද අඬන්නද කියාවත් නිනව්වක් නොවූ මම එහෙමම පහත් වී අක්කාගේ හිස සිඹගතිමි. නොනවත්වාම දෙනෙතින් ගලන සතුටු කඳුළු මැදින් මම පුංචි කිරිකැටියාවදෝතට අරගත් විට මට නැවතත් ඇසුනේ අසික්කිතම වොයිස් එකකින්
"ලෙඩ්ඩු බලන වෙලාව ඉවරයි. ඇඳන් ළඟ වටවෙලා ඉන්න ඔක්කොමල්ල එලියට ගියොත් හොඳයි."
ඉතිං මම ඉවසුවෙමි.අන් කිසිවක් නිසා නොවේ. ඒ පුංචි කුරුළු ඇස් දෙක ඇර මගේ දෙසම බලා ඉන්නා මලක් වැනි අපේ අක්කාගේ පණ නළමගේ දෑත මත වූ නිසාවෙන්මය.
කමක් නැත. මේ ඉන්දියන් සාගරයේ ඇති අනර්ඝතම මුතුඇටයයි. එහි බබ්බුන් හැදීම සහ වැදීමටත් වඩා අපහසු කාර්යය වන්නේ උන් බැලීමය. දහසකුත් හැඟීම් හිත තුල තෙරපාගෙන නැවත එන අතරේත් මට යළි යලිත් මැවී පෙනුනේ මගේ අක්කාගේ කඳුළු අතරින් මතුවූ සිනාවත් කිරිකැටියාගේ මුවත් පමණක්මය.
ඉදින් මට දැන් ප්‍රමෝෂන් ලැබුණි.
මේ සියළු අව් අස්සේ මා පුංචි අම්මා කෙනෙක් වූයේ එසේය.මේ සටහන තැබුයේ ඒ සොඳුරු මතකයට සැමරුමක් ලෙසිනි.රෝස දෙතොලක් හිමි මගේ පුංචි පුතේ මා නුඹේ මව නොවුනත් මා සදා නුඹට මෙළොව ආදරණියම පුංචි අම්මා වෙමි.
නුඹ පුංචි පා පොඩිති තියා මගේ ආත්මයම හැඩ කරන දිනය වැඩි ඈතක නොවන බව නම් මම හොඳින්ම දනිමි. මම සැබවින්ම නුඹට ආදරය කරමි.
අක්කාට සුභ පැතුවාය කියන්න... දිලාටත් දැන් ඉතින් ලේසි වෙන්නෑ.... පුංචි අම්මා කෙනෙක් නෙවැ..... ඉතින් අපේ සුභ පැතුම්
ReplyDeleteහොඳමයි පව්රේ... නැතුව නැතුව... සෙල්ලම් වැඩක්ය..බොහොම ස්තුතියි ! :))
Deleteඅක්කටයි දිලාටයි දෙන්නටම සුභ පැතුම්.
ReplyDeleteබොහොමත්ම ස්තුතියි අජිත් සහෝ ... :)
Delete"දිලාගේ තරහව වචන වලින් පිට වූයේ නම්", අපිටද දිලාව බලන්න පාස් ගන්න දොර ලග ඉන්න එපැයි. නේද ? :D පුංචි අම්මගේ අක්කට මගේ සුබ පැතුම්. තව ඉස්සරහට තමයි වැඩ තියෙන්නෙ..
ReplyDeleteඔව් ඔව් මම මතක ඇතිවම මල්කොබාව අමතනවා බරසාරෙට වැඩ ගොඩ ගැහෙත්දී... :)
Deleteඉත සිතින් සුභ පැතුම්.. අම්මයි පොඩි එකයි දෙන්නම සනීපෙන් ඇතැයි සිතමි.. :)
ReplyDeleteහිහ්.. මෙයා උඩ පනින්නේ පුංචි අම්මෙක් වෙලා.. යකෝ මං බාප්පෙක් උනේ හරියටම මීට අවුරුදු විසි නවයකට කලින්.. හැක්.. හෙට අනිද්ද සීය කෙනෙක්..
අනේ ඉතිං වා............සනාවන් මෙවන් පිංවත් පුද්ගලයාගලයෝ :)
Deleteඅප්පට සිරි මේ වගේ පුන්චියෙක් ලැබිච්ච ඒ අසරණ දරුවා ..........
ReplyDeleteඈ මොකද මැළේ නරක් වෙලා තියෙයි හුහ්...
Deleteපැමිණියේ අදයි ... පුංචිලාට බොහෝ සතුටු බව අත්දැකීමෙන් දනිමි. ඔබට සුභ පැතුම්... බ්ලොග් පිටුව කියවමින් ඉන්නේ...
ReplyDeleteසාදරයෙන් පිලිගනිමි :) බොහොම සන්තෝසයි .. දිගටම රැඳෙන්න... ස්තුතියි :)
Deleteමාත් කල්පනා කලේ, දිලාගේ තරහා වචන වලින් පිට කලා නම් වෙන නස්පැත්තිය. ☺ ☺ ☺
ReplyDeleteපුංචි අම්මටයි , අම්මා - අප්පච්චි ( අක්කා සහ අයියා ) දෙන්නටයි සුභ පැතුම් ...!
පුංචි පුතුටත් වාසනාවන්ත අනාගතයක් ...!
බොහොම ස්තුතියි සඳරුවෝ... ටිකක් ලොකු වුනාම තේරෙන වයස එත්දී මම පෙන්නනවා එයාට බ්ලොග් අවකාශේ කස්ටිය සුබපතපු විදිය :)
Deleteඔය තරමක ජනකායක් හසුරුවන ඇත්තන්ට අනුකම්පා කරන්න දිලා. එයාලා තමන්ට ලැබුණු උපදෙස් ක්‍රියාත්මක නොකලොත් හෙට ගෙදර. කතා කරන විලාශය වෙනම කතාවක්!
ReplyDeleteපුංචි බබාට ස්වස්ථි සිද්ධම්!
පුංචි අම්මාගේ “පුංචි“ කෑල්ල ලඟදීම හැලේවායි ඉත සිතින් පතමි.
//පුංචි අම්මාගේ “පුංචි“ කෑල්ල ලඟදීම හැලේවායි ඉත සිතින් පතමි.//
Deleteසැක් ඉතරක් මම පව් නැද්ද යකූ ...
දිලාට හදපිරි සුභ පැතුම්. පුංචි පුතාට වාසනාවන්ත අනාගතයක් ප්‍රර්ථනා කරනව.
ReplyDeleteජය වේවා!!!
බොහොම ස්තුතියි මනා.. එව්වා හරියන්නේ නෑ .. තෑගී අරං බලන්න එන්ට වෙයි කස්ටියටම :)
Deleteප්‍රජාපතිය වන් සුලුමව වෙන්නයි
ReplyDeleteපුතාව රැකගෙන හොදින් ඉදින්නයි
අනාගතේ පුතු රජෙකුම වෙන්නයි
මගේ පතුම් සුභ නුඹට පිදෙන්නයි
මවට නොදවෙනිවූ සෙනෙහෙ පුදන්නයි
Deleteනෙත් යුග මිණි මෙන් පුතු රැකගන්නයි
නිරතුරු පපුතුර සෙනේ වඩන්නයි
සුපැතුම් එවූ ඔබ හට තුති වෙන්ටයි ...
කිසිම තෙතමනයක් නැති ඒ අසික්කිතයා තම නිළ ඇඳුමේ හයිය ගෙන මහා හඬින් එහි නාට්‍ය ඉදිරිපත් කරන අතර .............
ReplyDeleteසයින් පීඩිත දෙදරුවන් හා
බිරිද සැනසිය යුතු නිසා......
හිත වසං කර ඇදුම ඇද ගමි
ආත්මය විකුනනු නියා.........
උඩින් ගින්දර යටින් ගින්දර
නිරතුරුව දවනා නිසා......
සැළුණු හද දැක දැකත් නංගියෙ
ළතෙත් මිනිසා සැගවුනා.....
සුභ පැතුම් ... දිලාට...
නුඹේ දෙදරුනුත් මේ ලෙස මහමෝදරදී
Deleteපෙම්බර බිරිය වැදු මතකය ඇත සැඟවී
අන් මිනිසුනුත් ළය ගැහෙනා එවුන් වෙතී
උස් තැන් ලඟදි නිළ බල සුනඛයන් සකී
ස්තුතියි ඉන්දික :)
හම්මේ අප්ග්‍රෙඩ් වුණාට සුභ පැතුම් ආ...
ReplyDeleteඒ දරුව ගෙ අම්මටයි තාත්තටයි ඊටත් වඩා පස්ට හැපි එකේ ඉන්න පුංචම්මටයි ඔක්කටම
වෙලාවට උඹ අර සිකුරුට්ටත් එක්ක කෙදලගත්තෙ නැත්තෙ නැත්තං අර කියන්නැහෙ අපිටත් පාස් හොයල පොරකන්ට වෙනව නෙව...
සමාර විට හොස්පිටිතාල පාස් නෙවී වෙන වෙන පාස් හොයන්ටත් වෙන්ට තිබ්බ ඔව් ඉදගෙන
උංට බැන්නය ජාතිය ඇමතුවාය කියල වැඩක් නෑ බං... උං කරන්නෙ උංගෙ ජොබ... ඒක ඒ ඒ කියල තියෙන විදියටකලේ නැත්තං ආයෙ උං රස්සා හොය හොය යන්න ඕන...
ඒත් අවුල තියෙන්නෙ උං මනුස්සයොත් එක්ක කතා කරන විදියෙ... ඒක සික්කන්ටයි පොලිස් කාරයන්ටයි දෙගොල්ලටම පොදුයි...
අයෙත් අහල කියන්න කතන්දර බොහොම උනත් සද්ද වහල ශේප් වෙන එක කාට කාටත් ගුණයි.මොනා උනත් උන්ට මුලින්ම කතාකරන්න වෙනම ට්‍රේනින් එකක් දෙන්න වටිනවා ...අහ් සුබපැතුමට ටැංකු ඈ..
Deleteහැක්! මචෝ මම පුංචි අම්මෙක් උනා අවුරුදු පහේදි. ලස්සනම වැඩේ අපේ නගා පුංචි අම්මෙක් උනේ ඉපදෙන්ටත් කලින්.
ReplyDeleteඋණුසුම් සුභපැතුම් ඈ!!
=D> මලලසේකරයි... අහ් ටැංකු ඇහ්
Deleteඅක්කටයි නංගිටයි පුතූටයි සුභ පැතුම් ඈ...
ReplyDeleteබොහොම ස්තුතියි වත්සලා :)
Deleteලැබුණා වූ දරුවාටත් ඔබටත් සුබ පැතුම්
ReplyDeleteබොහෝ ...ම ස්තුතියි දමියා .. :)
Deleteහමෝටම මගෙන් උණූසුම් සුබ පැතුම්..
ReplyDeleteබොහෝ ...ම ස්තුතියි දිනේෂ් අයියේ ... :)
Deleteමගෙත් සුභ පැතුම් ඔක්කෝටම
ReplyDeleteස්තුතියි වැවේ...
Delete'පුංචි අම්මා පට්ටම' ලැබීම පිළිබඳව සුබ පැතුම් පිලිගන්න ! ඉක් ඉක්මණින් ප්‍රොමෝෂන් ද ලැබේවායි පතමි !!! ;)
ReplyDeleteබොහොම ස්තුතියි ඇනෝ මේකත් එක්තරා විදියක ප්‍රමෝෂන් එකක් තමා.. :)
Deleteපරක්කු වෙලා නමුත් පුංචි අම්මටයි අම්මටයි සුභ නොපතා කොහොමද.. උණුසුම් සුභපැතුම් පිළිගන්න...
ReplyDeleteබොහොමත්ම ස්තුතියි සජ්ජා :)
Deletehttp://nelumyaya.com/?p=2267
ReplyDeleteමේ අත්වැල කවදාවත් ගිලිහෙන එකක් නැහැ සහෝ.. බොහොමත්ම ස්තුතියි.
Deleteඅපේ දිලා අක්කා කවද්ද දැන් අම්මියෙක් වෙන්නේ
ReplyDeleteඒ වගේ දවසක දිලා අක්කා දාන Blog Post එකක් බලන්න මම ගොඩාක් ආසාවෙන් ඉන්නේ
සුභ පැතුම් පුංචි අම්මිට
බොහොම ස්තුතියි සුබපැතුමට නතාෂා නන්ගෝ...කාලෙකින් මේ පැත්තේ.. ඔයාගේ ආසාවට නම් සෑහෙන කාලයක් බලන් ඉන්න වෙයි.
Deleteසුභ පැතුම් පුංචි අම්මිට''''''''''''''''''''''''
ReplyDeleteස්තූතියි බොහොමත්ම.
Delete