Monday, May 18, 2015

වැතිර සයනෙක ගිලී සිහිනෙක නුඹ වයයි තනුවක් මෙදා

සිහිනයක් වී සැඟව ගත්තද 
ගිගුම් දුන් රන් ස්වර වයා?
අතැඹුලක් ලෙස - යුගත පෑ නුඹ 
ගුත්තිලම විය දස දිසා 

නෙතඟ සිනිඳුවට තෙත් වෙනා කල
නුඹ වැයුම් රඟ නිති අසා 
කප්පරක් දුක් වා තලට පිඹ 
මත් වුනෙම් අප සැනසිලා

වැතිර සයනෙක ගිලී සිහිනෙක 
නුඹ වයයි තනුවක් මෙදා
කියන් සොහොයුර - කෙදින ඒද යළි 
නුඹේ ඒ සරු සුභ සිනා 


18 comments:

  1. ඔහුට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමු ....
    හොඳ මිනිස්සු ඉක්මනට යන්න හදනවා .....
    දිලිනි මමත් එකක් ලිව්වා .දැක්කද ??
    http://sinduano.blogspot.com/2015/05/blog-post_14.html

    ReplyDelete
    Replies
    1. දැක්කා සින්දු ඇනෝ ... ඔහුට ඉක්මන් සුව පතමු!

      Delete
  2. රුවන් වෙනුවෙන් රන් රුවන් වන් පැතුම් කවි මිටක්.. ඔහුට ඉක්මණ් සුවය පතමු.

    ReplyDelete
    Replies
    1. අනිවා කළණේ..ස්තුතියි

      Delete
  3. ඉක්මනින් සුව වේවා...

    ReplyDelete
  4. Replies
    1. ස්තුතියි වැවේ !! මේ වගේ කලා කරුවන් අපිට සම්පතක් .

      Delete
  5. ඉක්මනින් සුව වේවා...'''''''''''''''''''''''''''''

    ReplyDelete
  6. මම ගොඩක් කැමති සහ දක්ෂ වාදකයෙක්. ඉක්මණට සුව වෙලා නැවතත් දක්ෂතා පෙන්නන්න පුළුවන් වෙන්න කියල ප්‍රර්ථනා කරනවා!!!

    ReplyDelete
    Replies
    1. ගිටාර් වාදකයෙක් වෙච්චි ඔය හිත මේ ගැන කොයි තරම් සංවේදී වෙනවද කියල අමුතුවෙන් කියන්න ඕන නෑ මනා .ඔහු ඉක්මනින් සුව විය යුතුයි.

      Delete
  7. හරි අපූරු පුද්ගලයෙක් වෙනුවෙන් ලියැවුණ අපූරු කවි පද පෙළක්....
    ඔහුට ඉක්මන් සුව ප්‍රාර්තනා කරනව....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මහී..අපි හැමෝගෙම සිතිවිළි බලවත්. ඔහුට ශක්තියක්ම වෙයි.

      Delete
  8. ඇත්තටම දක්ශයෙක්.. ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ඔහුට..

    ReplyDelete
    Replies
    1. ඔව් දිනේෂ් අයියේ . මේ මිනිස්සු ලෝකෙටම සම්පතක්

      Delete
  9. තත් අතර
    අපව මත් කර
    යන්න හැදුවත් බැහැර
    හිඳිමු අපි අත නෑර

    ReplyDelete