Sunday, June 29, 2014
වෙහෙස වුවමුත් ජයක් ලැබුමට
නොමැත පිං කර ඒ තරම්
නුඹව සිහිවෙන හැම නිමේෂෙම
කඳුළ ඒකද මේ තරම්
ඉහිර ගිය කිරකට හැඬුව මුත්
ලැබුනු සේ සැනසුම් සුසුම්
අමතකව නැති අතීතය ගැන
මටම පමණද මේ රිදුම්
ආදරය වරදක්ව ගියදින
සිහින සැම වියැකී ගිහින්
යලිදු වරදක් වෙන්න නොමදී
හිඳින්නම් සැමදා ළඟින්
ගෙවී අහවර අතීතය මතු
අමතකව ගියදෙන් හදෙන්
සිනාසෙන්නට හැකිද නුඹහට
එක වරක්වත් මා නමින්??
නිමන්තිකා
ඇයි ඔබ මගෙ හිත අරගත්තේ??
සඳ එලිය බිමට බැස කියන කතාවට
මට නම් නිහඬව ඉන්න බැරී
මිහිතලය වැළඳගෙන වියන රටාවට
ඔබ ආ යුතුමයි කොහොම හරී...
මල් පිපිලා මරුතයත් සුවඳයි
පිනි හැලිලා මල් පෙති මත්තේ
ආදරයේ රස රහස් කියනවා
ඔබ විතරයි මගෙ ළඟ නැත්තේ
විකසිත වන්නට පෙරුම් පිරූ මුත්
මල් යුවලක් සේ එක ඉත්තේ
දෙතැනක පිබිදී දෙඅතක යන්නට
ඇයි ඔබ මගෙ හිත අරගත්තේ....
නිමන්තිකා
Thursday, June 26, 2014
මගේ සීනය
වැට කඩොලු බිඳී නැති කඩුපුලක සුවඳක් වෙලා
ඉඳි කඩුල්ලෙනුත් පැන මා සොයා එන තුරා
හඬ හඬා ඉකි බිඳින පාළු තුන් සිත පුරා
නූඹේ සුවඳ වපුරමී ජීවිතේ ඇති තුරා
සිහිනයක දැවටෙමින් සිහින මල් පිබිදුනි
තෙපලු මුදු වදනකින් මගේ සිත ගොළු වුනී
ජීවිතේ ළඟ මගේ නූඹේ හඬ රැව් දුනී
සුදු කඩුපුලක් පිපී සිහිවටනයක් උනී
නිමන්තිකා
මගෙ ලොවින් මිදුනු හැටි
මං කරපු දඟ වැඩට
තවත් දඟ වැඩ දෙමින්
හොදම මිතුරා ලෙසට
මගෙ ලගින් ඉඳපු හැටි...
මං යනෙන හැම තැනම
සොයාබලමින් සෙමින්
සොහොයුරෙක් විලසටම
පසුපසින් පැමිණි හැටි...
නෙත් කෙවෙනි අද්දරට
කඳුළු කිතිකවන විට
අප්පච්චි තරමටම
මගෙ ලඟින් උන්නු හැටි...
ජීවිතේ ගීතයට
පදවැලක් සොයන විට
මටත් නොකියම හොරෙන්
මගෙ ලොවින් මිදුනු හැටි...
නිමන්තිකා
Tuesday, June 24, 2014
Tuesday, June 17, 2014
විරසක සිත
මං මුරන්ඩුලු - හිත රිද්දුවලු
නුඹ කලත් මට චෝදනා
නුඹත් නපුරුනෙ - මා ඇඬේව්වනෙ
විඳියි මගෙ සිත වේදනා
බොරු කිව්වලු - රැවටුවාලු
වැරදි මා හට කිය කියා
අවිස්වාසලු - දුරින් ඉන්නලු
සමාවක් නම් නැහැ කියා
කඳුළු පෙරනව - පපුව රිදෙනව
සිත සොයන්නේ ඔබ නිසා
ආයෙ නාවත් - දුරක ඇදුනත්
දිළිසි දෙනයන මගෙ තමා
කොහොම බැන්නත් - මොනව කිව්වත්
මං නුඹට ආදරෙ නිසා
අහස පොළවත් නුහුලනා මේ
කතා නොකියා ඉමු බබා
නිමන්තිකා
ප.ලි .මේ හොදටෝම හිත රිදුනු වෙලාවක කඳුළු අතරින් හිතට ආපු කවි සිතිවිල්ලක් ..අඩුපාඩු ඇතොත් පෙන්වාදෙන්න.
ප.ලි .මේ හොදටෝම හිත රිදුනු වෙලාවක කඳුළු අතරින් හිතට ආපු කවි සිතිවිල්ලක් ..අඩුපාඩු ඇතොත් පෙන්වාදෙන්න.
මතක සුවඳක්
පුන් සඳ නැගෙන දිනකදී දොර ලඟට වෙලා
හිටියා නොවෙද මම ඔබ හට තුරුළු වෙලා
අද තනි වෙලා නෑ කව්රුත් සෙනෙහෙ වෙලා
තෙමෙනව දෙනෙත් ඔබෙ සුවඳක් මහද වෙලා
කෙලෙසද කියන්නේ ඔබ අද නැහැ කියලා
ඇහෙනවා වගේ දැනෙනව හඬ කන් පුරලා
මගේ බුදු අම්මෙ එදවස මෙන් පාර බලා
ඉන්නකො කඩුල්ලේ මම එන්නම් දුවලා
මා හට නොනිමි සෙනෙහස පුදකර දීලා
ඔබ හිනැහුනා නෙතු කඳුළැලි පිසදාලා
කාලය ගෙවී ලෝදම් ළඟ පරල වෙලා
ඔබ නික්මුනා ඔබෙ හුරතලි හැරදාලා
නිමන්තිකා
Monday, June 16, 2014
නුඹට නොකී කවිය
ලං වෙන්ට වරම් නෑ
අපට අප එක් වෙලා
නෙත් පියන් ඉන්න මම
ඔබේ සිහිනය වෙලා
නෙතු පියන යාමයට
එන්න ඉන්නේ බලා
නුඹත් මට ලං වෙයන්
හීනයක් වත් වෙලා...........!
නිමන්තිකා
Saturday, June 14, 2014
නුඹේ මතකය
පාළුව පිරුණු හැන්දෑවකඇටඹ ගහේ
උලමා කෑගසනු කුටියට හොඳට ඇහේ
පිටගං යන්න යනවලු උඹ ලබන මහේ
ඇසුයෙමි පුවත කඳුළක් ඇහැ බිමට ඉහේ
නුඹ රුව නිතර මා දෙනුවන් අතර එතී
කොහොමද මකාලන්නේ මට පුදුම හිතී
නුඹේ කටහඬට හුරුවූ මගෙ සවන් පෙතී
වෙන කිසි හඬක් සමගින් එක් නොවනු ඇතී
නිමන්තිකා
Subscribe to:
Posts (Atom)








