පාළුව පිරුණු හැන්දෑවකඇටඹ ගහේ
උලමා කෑගසනු කුටියට හොඳට ඇහේ
පිටගං යන්න යනවලු උඹ ලබන මහේ
ඇසුයෙමි පුවත කඳුළක් ඇහැ බිමට ඉහේ
නුඹ රුව නිතර මා දෙනුවන් අතර එතී
කොහොමද මකාලන්නේ මට පුදුම හිතී
නුඹේ කටහඬට හුරුවූ මගෙ සවන් පෙතී
වෙන කිසි හඬක් සමගින් එක් නොවනු ඇතී
නිමන්තිකා
No comments:
Post a Comment