Tuesday, June 17, 2014

විරසක සිත

මං මුරන්ඩුලු - හිත රිද්දුවලු 
නුඹ කලත් මට චෝදනා 
නුඹත් නපුරුනෙ - මා ඇඬේව්වනෙ 
විඳියි මගෙ සිත වේදනා

බොරු කිව්වලු - රැවටුවාලු
වැරදි මා හට කිය කියා 
අවිස්වාසලු - දුරින් ඉන්නලු  
සමාවක් නම් නැහැ කියා 

කඳුළු පෙරනව - පපුව රිදෙනව 
සිත සොයන්නේ ඔබ නිසා
ආයෙ නාවත් - දුරක ඇදුනත් 
දිළිසි දෙනයන මගෙ තමා 

කොහොම බැන්නත් - මොනව කිව්වත් 
මං නුඹට ආදරෙ නිසා 
අහස පොළවත් නුහුලනා මේ 
කතා නොකියා ඉමු බබා


නිමන්තිකා 

ප.ලි .මේ හොදටෝම හිත රිදුනු වෙලාවක කඳුළු අතරින් හිතට ආපු කවි සිතිවිල්ලක් ..අඩුපාඩු ඇතොත් පෙන්වාදෙන්න.

3 comments:

  1. nopita peralunu lookayeee..
    kotu raum muhunu mada..
    jiwithee soya yana
    nube sihina walata nam
    ninaw naa kisi dinaka,,,,

    ReplyDelete
  2. නිවැරදිය සබඳිනිය
    එනුදු නවතිනු නොහැක
    නොලැබුවත් ඉඩහසර
    සොයමි සිහිනෙක සැබෑව ...

    ReplyDelete