Friday, July 11, 2014

කහ අරලිය මල


 ප්‍රපාතයේ සුපිපි 
සොඳුරු දසුන 
ලොවටම සුවඳ දුන් 
කහ අරලිය මල අතු අග ...
නෙලාගන්න විගසින්...
නැහැ ...බලා ඉන්න ඈතින් 
මලේ ලස්සන අරුම 
උඩු සිතත් යටි සිතත් 
ද්වන්ධ සටනක 
යෙදී සිටි මොහොතක 
නෙලාගෙන නොව 
කඩාගෙන ගියපසු 
ඒ මල කිසිවෙක්, 
නටුව පමණක් ඉතිරි කර 
වැලපුනා ඉකිබිඳ 
උඩුසිතත් යටිසිතත් 
සමගිව 
එකට අත් වැල් බැඳ ....
නිමන්තිකා 

2 comments:

  1. අපූරු කවියක්... චිත්ත රූප මවන්න සමත්...
    ප්‍රපාතයක් අයිනෙ තියන අරලිය මලක්...
    ..
    ..
    ඔන්න ටිකකින් ඒ මල කවුද කඩන් යනව...
    අය්යෝ ගහම පාළුයි
    අපූරුවට ලියවිල තියෙනව...
    ජයවේවා

    ReplyDelete
  2. :) ජයවේව ආයිබෝං ..

    ReplyDelete